( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 1987 දෙනෙකු අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල දත්ත සදහන් කරයි.
ආසාදිතයින් හමුවීම බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් - 223 ක්, මිනුවන්ගොඩ - 192 ක්, වත්තල සහ මහර කොට්ඨාසයන්ගෙන් 185 දෙනෙකු බැගින්, මීරිගම - 173 ක්, සීදූව - 166 ක්, අත්තනගල්ල - 145 ක්, දොම්පෙ - 142 ක්, ජාඇල - 135 ක්, කැලණිය - 109 ක්, මීගමුව - 100 ක්, රාගම - 62 ක්, දිවුලපිටිය - 59 ක්, ගම්පහ - 56 ක් සහ කටාන කොට්ඨාසයෙන් - 55 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 104 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 540 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කොට ඇති බවත් සැක සහිත රෝගීන් 67 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බවත් දත්තයන්හි සදහන්ය.
රෝහල්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 353 දෙනෙකි.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 26,920 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගම්පහින් ආසාදිතයන් 1987ක් වාර්තා වෙයි
සෞම්‍යජීව විද්‍යාචක්‍ර Saturday, 14 August 2021 11:16 AM
ගෙදර තියෙන ටී.වී. එකෙන් රේඩියෝවෙන් බණ , පිරිත් , යාඤා අහන්න. ආගමික ස්ථානවල රැස් වෙන්න එපා ! ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් මහ ශබ්දයෙන් ක්‍රියාත්මක කරලා පාරිසරික ශබ්ද දූෂණය සිදු කරන්න එපා. එය අසල්වැසි නිවැසියන්ට පීඩාවක්...!
දාස Saturday, 14 August 2021 11:46 AM
මේ සංඛ්‍යා ලේඛනවල ලොකු අඩුවක් තියෙනවා. අපට දැනගන්න ඕනේ කොච්චර අය පරීක්ෂා කරලාද මේ ආසාධිතයින් හමුවුනේ කියලා. නැත්නම් මේවා පුස් සංඛ්‍යා...
sam Saturday, 14 August 2021 01:12 PM
ගම්පහින් පමණක් 1987ක් වාර්තා වෙලා නම් අනෙක් දිස්ත්‍රික්කවලත් එකතු කළාම කීයද? දිස්ත්‍රික්ක අනුව හරියට දාන්න. නැතිනම් තවත් බරපතල වෙයි...
Sri Lanka Saturday, 14 August 2021 04:14 PM
එදා අවුරුදු 30 ක් තිබුණු යුද්ධය ඉවරකලේ කෙළින් අපට ඕනේ තීරණ අරගෙන.. අද ඔක්කොම වෙන්නේ පිටරට සංවිධානවලට ඕනෙ, ඕනෙ විදිහට.... එදා ඔය සංවිධාන ලංකාවෙන් පැන්නුවේ නැතිනම් අදත් රට ඉවරයි. කොරෝනා වවන් කනවා බිල්ලෙක් මවලා..