(තිලකරත්න දිසානායක)
ගම්පහ, කච්චේරි භූමියේ ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයක සේවය කරන සේවකයින් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් ආශ්‍රිතයින් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කළේය.
එම වැඩ බිමෙහි සේවය කරන කිහිප දෙනෙකු ඉකුත් සතියේදී උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත කළ පරීක්ෂාවේදී 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීම මත එහි කටයුතු කරන තවත් පිරිසක් ඉකුත් සෙනසුරාදා (6) පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් එම පරීක්ෂණ වාර්තා අනුව තවත් 12 දෙනෙකු ආසාදිතයින් බව තහවුරු වී ඇති බවත් වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
එම ආසාදිතයින් ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම වැඩ බිමෙහි සේවය සදහා, කම්කරුවන් සපයන ආයතන මගින් විවිධ ප්‍රදේශවලින් සේවකයින් පැමිණ ඇති බැවින් රෝග තත්ත්වය ව්‍යාප්ත වීමට හේතුවී ඇති බවට සැක කරන බවත් මොවුන් නේවාසිකාගාරවලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමද මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බවත් වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා කීය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගම්පහ කච්චෙරි වැඩ බිමේ 20 කට කොරෝනා