(තිලකරත්න දිසානායක)
කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් නිවාස මට්ටමින් නිරෝධායනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මල්ලක් බැගින් ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි.
නිරෝධායනය වන එක් පවුලක් වෙනුවෙන් දින 14 කට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය සහ පළතුරු වර්ග ඇතුලත් මල්ලක් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බවත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි නිරෝධායනයට ලක්ව සිටින පවුල් 6807 ක් සදහා ලබාදීම සිදු කරන බවත් දිසාපතිවරයා කීය.
මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 68 ක් වන අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහාවන ජාතික කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපති සහ අගමැති වරයාගේ උපදෙස් පරිදි මෙලෙස ආහාර මල්ලක් බැගින් ලබාදීමට තීරණය කොට තිබේ.
මේ අතර මසකට ආසන්න කාලයක් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි පවුල් සදහා රුපියල් 5000 ක දීමනාව ලබා දීමද සදුදා (2) දිනයේ ආරම්භ කෙරෙන බවත් දිස්ත්‍රික් ලේකම් කීය.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් කොට්ඨාස 12 ක් සදහා මෙම දීමනාව ලබා දීම යටතේ නිරෝධායනයට ලක් කොට ඇති පවුල් 464,254 කට ලබාදීමට නියමිතය. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 232 කි.
ජීවනෝපායන් අහිමි පවුල් සදහා මෙම දීමනාව ලබා දීම මිනුවන්ගොඩ කොට්ඨාසයට මීට පෙර ලබාදී අවසන් බැවින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් , බියගම පවුල් 46,008 , කැලණිය පවුල් 33,849, වත්තල පවුල් 46,519 , මීගමුව පවුල් 38,458 , මහර පවුල් 45,503, දිවුලපිටිය ඉතිරිව ඇති වසම් 59 ක් සදහා පවූල් 20,614 , දොම්පෙ පවුල් 32,132 , අත්තනගල්ල ඉතිරි වසම් 118 ක් සදහා පවුල් 32,040 , ගම්පහ පවුල් 39,342 , ජාඇල පවුල් 45,605 , මීරිගම ඉතිරි වසම් 118 ක් සදහා පවුල් 30,603 සහ කටාන පවුල් 53,581 , ක් වශයෙන් සිදු කෙරෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක්
kamal Friday, 30 October 2020 08:32 AM
බැසිල්ව ගෙන්න ගන්නත් එපෑයෑ..