(ජේ.කේ.එල්. චාමින්ද)
කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව හෙට (18) සිට දින තුනක කාලයකට වසා දැමීමට තීරණය කර ඇති බැව් ගාල්ල නිතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර ගාල්ලගේ මහතා පවසයි.
මහාධිකරණ විනිසුරු, දිසා අධිකරණ විනිසුරු හා මහේස්ත්‍රාත් සහ ගාල්ල නීතිඥ සංගමයේ නීතිඥයින් සමග අද (17) දහවල් පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත මෙම තීන්දුව ගත් බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පැවසීය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටි රැදවියකු ඇප ලබා පසුගිය 11 වැනිදින සිය නිවසට ගොස් ඇත. ඔහු යක්කලමුල්ල බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 12 වැනිදින මොහු ගාල්ල අධිකරණයට පැමිණ නීතිඥයින් කිහිපදෙනෙකු හමුවී ඇති බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි. පෙරේදා (14) දින මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
පවතින තත්වය යටතේ සෞඛ්‍ය නිර්දේශ මතඅවදානම් තත්වය සැලකිල්ලට ගෙන මෙකි අධිකරණ හෙට සිට වසා දැමීමට තීන්දුකරණු ලැබු බවද ඒ මහතා පවසයි. නඩු කටයුතුවල ඉදිරි දින දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරණ බවද නීතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි. කෙසේවුවද ලබන සදුදා සිට අධිකරණවල කටයුතු සාමන්‍ය පරිදි සිදුකරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගාල්ල උසාවිය දින 3 ක් වහයි