ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය.
ඒ අනුව නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව එක් රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන එය විය.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසකින් දිනපතා වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වයිරසය පාලනය කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග නැවත වරක් දැඩි විවේචනයට ලක්ව ඇත. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් වැඩි වීමත් සමඟ ඇතැම් ප්‍රාන්ත නැවත විවෘත කිරීම් කල් දැමීමටත් වයිරසය පැතිර යෑම වැළැක්වීමට පැනවූ සීමා තවදුරටත් පවත්වාගෙන යෑමටත් පියවර ගෙන ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 55,274ක් විය. එය දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන විය. මීට පෙර බ්‍රසීලයෙන් ජූනි 19 වැනිදා වයිරස ආසාදිතයන් 54,771ක් හඳුනාගෙන තිබිණි.
ෆ්ලෝරීඩාව ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 37කම දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබිණි. දිනක් ඇතුළත ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද එය විය. එම ගණන යුරෝපයේ රටකින් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් තිබිණි.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ද වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. එම ප්‍රාන්තයේ වයිරසය ආසාදනය වූ බව හඳුනාගත් පිරිසගේ සංඛ්‍යාව 37%කින් ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගත කරන පිරිසගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක කාලයේදී 56%කින් ඉහළ ගොස් ඇත.
රොයිටර්
055
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක්