IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නිවෙස්වල මියයන්නන්ගේ සිරුරු ගැන කටයුතු කරන්නේ කෙසේදැයි මාර්ගෝපදේශ මාලාවක් ඉල්ලයි


(ඩයනා උදයංගනී)

නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය වෘත්තිකයන් වෙත කඩිනමින් ලබාදිය යුතු යැයි  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.


නිවෙස්වල දී මියයන පුද්ගලයින්ට කොවිඞ් ආසාදනය වී ඇද්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම දේහයන් පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමට රජය ගෙන ඇති තීරණය කිරීම යහපත් වුවත් ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මේ වන විට මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා  පැවසීය.

මේ වන විට නිවාස ආශ්‍රිතව සිටින වෙනත් රෝගාබාධවලින් පෙළෙන අය මියගිය පසු පී.සී.ආර් පරීක්‍ෂණ කළ යුතු බවට නිර්දේශ කර තිබුණත් එහිදී සෞඛ්‍ය සේවකයන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නිසි මාර්ගෝපදේශ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

නිවාස ආශ්‍රිතව මියයන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණ කළ යුතු ආකාරය, එය රෝහලක් කරා ප්‍රවාහනය කරන්නේ කෙසේද, පී.සී.ආර් පරීක්‍ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබාගන්නේ නිවසේදී ද නැතහොත් රෝහලකට ගෙනයනවාද, ගෙනයා යුත්තේ කුමන රෝහලටද, ගෙන ගිය පසු පී.සී.ආර් වාර්තාව එන තුරු මෘත දේහය තබාගන්නේ කෙසේද ආදී වශයෙන් ප්‍රායෝගික ගැටළු ගණනාවක් මේ වන විට බිම් මට්ටමේ මතුවී ඇතැයි කී වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙම මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද කීවේය.

එසේ නිසි මාර්ගෝපදේශ ලබානොදුනහොත් මෘත දේහය එහා මෙහා රැගෙනයාමේදීත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුවිය හැකි බව හෙතෙම පැවසීය.



අදහස් (3)

නිවෙස්වල මියයන්නන්ගේ සිරුරු ගැන කටයුතු කරන්නේ කෙසේදැයි මාර්ගෝපදේශ මාලාවක් ඉල්ලයි

de silva Sunday, 15 November 2020 03:04 PM

නිවෙස්වල මියගිය පුද්ගලයින් රෝහල්වලට ගෙන යාම අනුවණ ක්‍රියාවකි. ඔවුන්ට යම් විදිහකින් කොරෝනා වැළඳිලා තිබුණොත්, මෘතදේහම, ප්‍රවාහනය කරන පුද්ගලයන්, මග සිටින පුද්ගලයන් සහ රෝහල් කාර්ය මණ්ඩලයද නිරෝධායනය කළ යුතුයි. ගෙදරදී මිය යන පුද්ගලයින්ගේ නියැදි ගෙදරට පැමිණ ලබාගන්න ක්‍රමයකට යන්න ඕනේ.

:       0       0

පාලිත කුමාර Monday, 16 November 2020 03:11 AM

රෝගය ආසාධිත ප්‍රදේශවල මිය යන අය PCR පරීක්ෂණයකින් තොරව නිරෝධායන නීතියට අනුව ආදාහණය කිරීම් සුදුසු බව යෝජනා කරමි.

:       0       0

ravi Monday, 16 November 2020 10:02 AM

මේක ලොකු ප්‍රශ්නයක්. ගෙවල් වලදී මිය යාම.කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය දන්නේ නැහැ නේ තමන්ට කොරෝන කියල . ඉතින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මැරෙනකම් දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 623 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 508 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1750 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site