(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (14) උදෑසන වනවිට පැය 24 ක කාලය තුළ 51 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 357 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම අත්තනගල්ල - 40 ක්, මහර - 39 ක්, මීරිගම - 30 ක් , දොම්පෙ - 29 ක්, කැලණිය සහ ජාඇල කොට්ඨාසයන්ගෙන් - 28 දෙනෙකු බැගින්, වත්තල - 26 ක්, රාගම 21 ක්, දිවුලපිටිය සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 16 ක් බැගින්, සීදූව - 15 ක්, ගම්පහ සහ මීගමුව කොට්ඨාසයන්ගෙන් - 7 ක් බැගින් සහ මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් ආසාදිතයින් - 4 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල ආසාදිතයින් 139 දෙනෙකු ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බවත් සැක සහිත රෝගීන් 70 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 13,741 දෙනෙකි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 357 ක්