බෙල්ජියමේ භාරකාර අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සොෆී විමස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි එරට බලධාරීහු අද (22) නිවේදනය කළහ.
බෙල්ජියමට පළමු කොරෝනා රැල්ල පැමිණි අවස්ථාවේදී එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ සොෆී විමස් ය. ඇය මේ වනවිට බෙල්ජියමේ විදේශ අමාත්‍ය ධුරය හොබවයි.
හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සොෆී විමස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගැනුණේ පසුගිය සතියේ දී යග තත්ත්වය නරක අතට හැරීම හේතුවෙන් ඇය බ්‍රසල්ස් නුවර රෝහලකට ඇතුළත් කෙරුණි.
‘‘ඇය සිහියෙන් පසුවෙනවා. ඒ වගේම ඇයට කතාබහ කරන්න පුළුවන්’’ යැයි විදේශ අමාත්‍යවරිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු කරමින් ඇයගේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
‘‘තත්ත්වය ස්ථාවර’’ යැයි විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ද සඳහන් කළේය.
බෙල්ජියමේ නව අග්‍රාමාත්‍යවරයා වන ඇලෙක්සැන්ඩර් ඩ ක්‍රෝ දල විදේශ අමාත්‍යවරියට ඉක්මන් සුව ප්‍රාර් ථනා කර ඇත.
‘‘මේ භයානක වයිරසයෙන් කිසිවකුටත් බේරීමක් නැහැ. අපි ඔක්කොටම එකතු වෙලා කොවිඩ්-19’ වයිරසය පරාජය කරන්න පුළුවන්’’ යැයි අග්‍රාමාත්‍යවරයා කී.
යුරෝපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිපදෙනකුම මේ වනවිට නව කොරෝනා වයිරසයට ගොදුරු වී ඇත. බෙල්ජියමේ විදේශ අමාත්‍යවරිය වන සොෆී විමස්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ දිනයේ ම ඔස්ට්‍රියාවේ විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් ට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
සාමාජික රටවල නායකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේදී යුරෝපා සංගමයේ සමුළුවක් පැවැත්විණි. කෙසේ නමුත් ඇතැම් නායකයන්ගේ සේවකයන්, ඔවුන්ගේ සමීපතමයන් ඇතුළු පිරිස්වලට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එම නායකයන්ට සමුළුව අතරවාරයේදී ස්වයං-නිරෝධායනයට යොමු වීමට සිදුවිය.
නායකයන් අමාත්‍යවරුන් ගෙන්වා මුහුණට මුහුණ සාකච්ඡා පවත්වමින් එම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් නායකයන්ගෙන් චෝදනා ද එල්ල විය. මේ නිසා ඉදිරියේදී මේ ආකාරයෙන් සමුළු හා රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
බෙල්ජියම මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටියි. එය නව කොරෝනා වයිරසයේ දරුණුම දෙවැනි රැලිවලින් එකක් යැයි ද පැවසේ.
බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5ක් වන අතර එරටින් වාර් තා වන වයිරස ආසාදිත මරණ ගණන 10,539කි. එය ඉතා දරුණු තත්ත්වයක් යැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.
බෙල්ජියමෙන් වාර් තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මාසයක් ඇතුළත දෙගුණ වී තිබේ. ඒ අනුව එරටින් මේ වනවිට වාර් තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 253,386ක් දක්වා ඉහළ ගොස් ඇත. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 3274කි.
දැනටත් බෙල්ජියමේ ඇතැම් කොටස්වලට අගුළු දමා ඇති අතර අවන්හල් සහ බීමහල් යනාදිය වසා දමා ඇත.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ එරට සෞඛ්‍ය විශේෂඥයන් අතර හදිසි රැස්වීමක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.
එම රැස්වීමෙන් පසුව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවීමට නියමිත යැයි ද වාර්තා වේ.
ඒ.එෆ්.පී.
055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බෙල්ජියමේ විදේශ අමාත්‍යවරිය දැඩි සත්කාර ඒකකයට