මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය නැවත විවෘත කිරීමේ දිනය 2021 වර්ෂයේ ජූලි මාසය දක්වා කල් දමා තිබේ.
කොරෝනා ව්‍යාප්ත වීමත් සමඟ පසුගිය මාර්තු මාසයේ වසා දැමුණු එම කාර්යාලය 2021 වසරේ ජනවාරි මාසයේ නැවත විවෘත කරන බව මුලින් දැනුම් දී තිබිණි.
විවෘත කිරීමේ දිනය කල්දමා ඇති බව දැනුම් දී ඇත්තේ ඔක්තෝබර් 21 දින, මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කණ්ඩායම විසින් නිකුත් කරන ලද විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගිනි. එම දිනය 2021 වර්ෂයේ ජූලි 06 ලෙස එහි දක්වා ඇත.
බොහෝ සමාගම් මෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම ද මේ වසරේ මාර්තු මාසයේ සිට සිය කාර්යාලයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දී තිබිණි. තවත් සේවකයින් පිරිසක් ආයතනයේ කාර්යාලවල අර්ධකාලීනව වැඩකරමින් සිටිති.
ඇමරිකාවෙන් පිටත සිටින සේවකයන්ට නැවත කාර්යාලයට පැමිණිමේ දිනයක් ලබාදී නොමැති අතර රජයේ බලධාරීන්ගේ තීරණය අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
ආයතනයේ මෙහෙයුම් විධායක කර්ට් ඩෙල්බීන් මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පවසයි,
"කොරෝනා ව්‍යාප්තියේ හයවන අදියරට ළඟාවනතුරු කාර්යාල සඳහා ආපසු යෑම අත්‍යාවශ්‍ය නොවේ.
හයවන අදියර යනු කොවිඩ් - 19 රෝගයේ ව්‍යාප්තිය තවදුරටත් රටට බරක් නොවන ආකාරයට සැලකිය යුතු ලෙස අඩුවූ අවස්ථාවයි. එවිට අපගේ කාර්යාල වල මේවනවිට පනවා ඇති සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ බොහෝ සීමා ඉවත් කළ හැකිය. එතෙක් නිවසේ සිට වැඩකිරීමට දැඩි ලෙස උනන්දු කරනු ලැබේ."
මේ වනවිටත් ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්ත පවතින්නේ කොරෝනා ව්‍යාප්තියේ 3 වන අදියරේ වන අතර කැලිෆෝනියා, ඔරියන්, නෙවාඩා, ඔටා සහ කොලරාඩෝ ප්‍රාන්ත ව්‍යාප්තියේ දෙවන අදියරේ පවතී.
(විදෙස් පුවත් ඇසුරිණි - 085)
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මයික්‍රොසොෆ්ට් යළි විවෘත කිරීම මාස 7 කින් කල්දමයි