IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මුහුදු ගිය ආසාදිත ධීවරයා නැවත ගෙන්වයි

(තුසිත කුමාර ද සිල්වා)

පී.සී.ආර් පරීක්ෂණයට ඉදිරිපත් වී ප්‍රතිඵල පැමිණෙන්නට පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු කොරෝනා ආසාදිතයකු බව අද (01) තහවුරු වීමත් සමග එම ධීවරයා රැගත් බහුදින යාත්‍රාව නැවත බේරුවල වරායට ගෙන්වා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම ධීවරයා රැගත් "යස ඉසුරු " බහුදින යාත්‍රාව ඉකුත් 29දා බේරුවල ධීවර වරායෙන් තවත් ධීවර කාර්මිකයන් පස් දෙනෙකු සමග දියඹට ගොස් ඇත. මෙම ධීවරයා කොරෝනා ආසාදිත බවට පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලය තහවුරු කිරීමත් සමග එම යාත්‍රාව ආපසු ගෙන්වා ගැනීමට බේරුවල වරාය කළමනාකාරීත්වය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා බේරුවලදී පැවසීය.

බේරුවල වරායේ නාවික හමුදා නිලධාරියෙකු පැවසූවේ මෙම යාත්‍රාව මුහුදු සැතපුම් 50ක දුරින් තිබියදී ආපසු හරවා පැමිණි බවයි.

බේරුවල ධීවර වරායේ යාන්ත්‍රික වැඩ ඒකක ජැටියට පැමිණි මෙම යාත්‍රාවේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර කුඩා බෝට්ටවක් මගින් ගොඩබිම ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගිලන් රථයක් මගින් රෝහල් ගත කර සෙසු ධීවරයන් එම යාත්‍රාව තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු සදහන් කළහ.



අදහස් (2)

මුහුදු ගිය ආසාදිත ධීවරයා නැවත ගෙන්වයි

SL Sunday, 01 November 2020 11:56 AM

Brandix එකටත් වඩා ලංකාවට කොරෝනා දෙවනි රැල්ල එන්න හේතු වුනේ මුහුදු යන අයගේ තියෙන ඉන්දියන් ධීවර සම්බන්ධතා වෙන්න ඕනේ. එයාපෝර්ට් ඔක්කොම වහලා මුහුද ඇරලා කිසිම කළමනාකරණයක් නැතිව එළියට ගියා ඇතුළට ආවා. කොරෝනාත් ඒ එක්කම ආවා...

:       1       7

samanMonday, 02 November 2020 09:02 AM

ඒක ඇත්ත. හොර ජාවාරම් කරුවන්ගෙන් ධිවරයන්ට ධීවරයන්ගෙන් මාලු මුදලාලිලාට. අපි වැරදි පාරක යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 156 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 93 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 125 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 377 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 561 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site