IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


යුක්රේනයට අගුළු දමයි

 

කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්රේනය තීරණය කර ඇත.

ඒ අනුව නව ලොක්ඩවුන් සීමාවල මුල් අදියර යටතේ පාසල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට යුක්රේනය අද (8) පියවර ගත්තේ ය.

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට යුක්රේනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වූ අතර මේ වනවිටත් එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි යැයි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

යුක්රේනයෙන් අද (8) වනවිට ලක්ෂ දහය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වූ අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 19,588ක් ලෙස දැක්විණි.

ජනවාරි මාසයේදී ලොක්ඩවුන් සීමා පනවන බව යුක්රේන ආණ්ඩුව ඉකුත් දෙසැම්බර් මාසයේදීම තීරණය කර තිබූ අතර එක් අවස්ථාවකදී යුක්රේනය වයිරසය පැතිර යන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබිණි. ඇතැම් දිනවලදී යුක්රේනයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 12,000ත් 14,000ත් අතර අගයක් ගත්තේ ය.

නව ලොක්ඩවුන් සීමා ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර විනෝද මධ්‍යස්ථාන හා උද්‍යාන ද වසා දැමේ. ඊට අමතරව විශාල පිරිසක් රැස්වෙන මහජන ඒකරාශී වීම් ද තහනම් කර ඇත.

ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලෙස හෝ ලිහිල් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද එසේ කළ නොහැකි යැයි ද සීමා කඩිනමින් අවශ්‍ය යැයි ද යුක්රේනයේ ජනාධිපති වොලෝදිමීර් සෙලෙන්ස්කි සහ සෞඛ්‍ය අමාත්‍ය මක්සිම් ස්ටෙපානොව් අවධාරණය කළේය. යුක්රේනයේ ජනගහනය ලක්ෂ 410කි.

‘‘නව සීමා හඳුන්වාදීමෙන් දෛනිකව විශාල ආසාදිතයන් පිරිසක් වාර්තා වීම අඩුවෙනවා. ඒ වගේම සාමාන්‍ය සෘතුමය උණ රෝගීන් අඩු වීමත් අඩු වෙනවා’’ යැයි යුක්රේන සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘ඒ වගේම රෝහල්වලට දැරීමට සිදුවන බරත් අඩු වෙනවා’’ යැයි ද හෙතෙම කීවේය.

පසුගිය වසරේ දී යුක්රේන ආර්ථිකය සියයට 5කින් පහළ වැටෙනු ඇතැයි ද ඉකුත් මාර්තු මාසයේ පැනවූ දැඩි ලොක්ඩවුන් සීමා සහ නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයක් ඇති වනු ඇතැයි ද පැවසේ.

(රොයිටර්)

055 



අදහස් (13)

යුක්රේනයට අගුළු දමයි

පිටිගල මිලානෝ Friday, 08 January 2021 12:56 PM

ඉක්මනට පැනපල්ලා ලංකාවට...

:       0       74

gaminiFriday, 08 January 2021 09:53 PM

උදයංග වීරතුංගගේ වැරදි තීන්දු නිසා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලංකාවම සති 02ක් පමණ ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇත..

:       0       0

Indhika Friday, 08 January 2021 01:08 PM

දැන් ආව අයට ආපහු එන්න බැරිද? හොඳ වෙලාවට මෙහෙට පැනගත්තේ නේද? උදයංග මහත්තයාගේ යාලුවෝ ටිකක් වගේ ගෙන්නගෙන තියෙන්නේ.

:       3       69

Rata Perata Friday, 08 January 2021 01:42 PM

ඒත් එහෙ මිනිස්සුන්ට බය වෙන්න ඕනෑ නැහැ. මෙහෙ උදයංග කියලා කෙනෙක් සර්ගේ ආශීර්වාදය ඇතුව, එහෙ ලෙඩ්ඩු ටික ලංකාවට ගේනවා.

:       2       77

ara Friday, 08 January 2021 02:37 PM

අනේ එපා..!!! 

:       1       27

ranjith Friday, 08 January 2021 03:45 PM

මේ වගේ රටවලින් කණ්ඩායම් ගේන්න තරම් මෝඩයින් ඉන්න රටක් මේක.

:       1       71

chandima Friday, 08 January 2021 07:45 PM

දැන් නම් ඒ රට, මේ රට කියලා වැඩක් නැහැ.... කොයි රටත් එකයි. ඒ රටවල්වල ඉන්න මිනිස්සු අපේ රටට කියන්නෙත් ඔය ටිකම තමයි.

:       0       0

69lakshaya Friday, 08 January 2021 08:03 PM

බයවෙන්න දෙයක් නැහැ. අපේ ධම්මික පැණිය ලංකාවට එන යුක්රේන් අයටත් පොවලා ඒ රටට පැණිය අපනයනය කරන්නත් අපේ උදයංග සර් පියවර ගනීවි.

:       0       0

Ashan Friday, 08 January 2021 08:52 PM

ප්‍රශ්නයක් නෑ... විනෝද වෙන්න ඕනෑ නම් ලංකාවට එන්න...

:       0       0

sarath perth Saturday, 09 January 2021 12:28 AM

දියවන්නාවෙ උන්ගේ මොලේ වර්චස්වෙලා සමහර විට ළඟදීම පිස්සු හැදෙයි වගේ...

:       0       0

Buddika Saturday, 09 January 2021 01:57 AM

කෝවිඩ් 19 වසංගතය ආසාදනය වුණු රටවල් අතර යුක්රේනය.. ආර්ථිකය අතින් අපිට වඩා පහළ... මෙවැනි තත්වයක ඇති රටක සංචාරකයන් ලංකාවට ගෙන්වීමේ පටු අරමුණ කුමක්ද? රාජපක්ෂ පවුලේ පෝෂණය නේද? 69 ලක්ෂයක ජනතාව මේ මිනිස්සුන්ගේ පෙර වැරැදි අමතක වෙලාද ඡන්දෙ දුන්නේ? අද සියලු ලෙසින් අසාර්ථක වෙලා...

:       0       0

Ratna P Saturday, 09 January 2021 01:57 AM

යුක්‍රේනයේ අසාදිතයන් මිලියන 1ක් ඉන්නවා නම්, මැරිච්ච ගාන 20000කට කිට්ටු වෙලානම් ඒ රටට උදව්වක් හැටියට උදයංගට කියලා මෙහෙට පුලුවන් තරමක් අය ගෙන්න ගන්න උදවු කරමු. අපේ රටේ ලෙඩ්ඩු නැති නිසා මේ වැඩේ ලොකු පිනක්. උදයංගගේ මහන්සිය වෙනුවෙන් පොඩි කොමිස් එකකුත් ගන්න කියමු..

:       0       0

sam Saturday, 09 January 2021 05:42 AM

යුක්රේනය ලොක්ඩවුන් කරනවා මෙහෙ අය වයිරසයත් එක්කම එහෙ ඉන්න අය මෙහෙට ගෙනැල්ලා මෙහෙ ඉන්න මිනිස්සුත් අමාරුවේ දානවා. දැන් කෝ ඔය ගෙන්නපු කෙනා... ලැජ්ජයි. සල්ලි හම්බවෙනවයි කිව්වොත් ඕන වැඩක් කරන අය තමයි ලංකාවේ ඉන්නේ..

:       0       19

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 1 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 99 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 563 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 677 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 886 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 199 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 453 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site