IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ

 

(තිළිණි ද සිල්වා)
 
යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය.
 
යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන්  යැයි  අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
දැනට මෙරට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් පමණක් වන බවත් , මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන් යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
යුක්රේන සංචාරකයින් සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
 
යුක්රේනයේ හෝ ලෝකයේ ඕනෑම රටකින් මෙරටට සංචාරකයන් ගෙන්වීම නතර කරන්න නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය  බළධාරීන්. දැනට ලංකාවට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් විතරයි. මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන්. 21 වෙනිදායින් පස්සේ අපි වාණිජ ගුවන් ගමන් සදහා ගුවන් තොටුපළ විවෘත කරනවා. අපි අලුත් ගයිඩ් ලයින් හදලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සදහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්වයි. අපේ රටේ සෞඛ්‍ය බළධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යයනය කරලයි සංචාරකයන් සදහා වන ගයිඩ් ලයින් හැදුවේ. ඒ ගයිඩ් ලයින් අනුව ඕනෑම කෙනෙකුට සංචාරකයන් ගෙන්වන්න පුළුවන්.
 
මේ රටට එන හැම සංචාරකයෙකු ම රටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. එය අපි ඉතා පැහැදිලිව අදාළ සංචාරක සංවිධානය කරන්නන් වෙත දැනුම් දී තිබෙනවා. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල අපි දැඩි අධික්ෂණයකට ලක් කරනවා.
 
මාධ්‍ය වාර්තා වලට අනුව යුක්රේනයේ වහලා තියෙන්නේ පාසල්, රෙස්ටොරන්ට්, ලොකු සෙනගක් සම්බන්ධ වන රැස්වීම් වගේ දේවල්.”



අදහස් (17)

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ

qatar sita Sunday, 10 January 2021 12:37 PM

එච්චර රටට කීර්තියක් ගෙනදුන් අර්ජුනගේ මල්ලි කියන්නත් මොකක්ද වගේ...

:       1       5

Nihal Sunday, 10 January 2021 12:59 PM

එය හොඳ අදහසක්...

:       1       1

Rata Perata Sunday, 10 January 2021 02:05 PM

ඔව්, ඔයා ඇමැති වුණාට ඒක තීරණය කරන්නේ උදයංග කියලා රටම දන්නවා. දැන් සැපද?

:       1       15

sena Sunday, 10 January 2021 02:15 PM

"මේ රටට එන හැම සංචාරකයෙකු ම රටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි" අනේ මන්දා එක්කෙනෙක් කිව්වා නේද එන මිනිසුන්ට පිස්සු නැහැ අපේ රටේ නීති වලට ගරු කරන්න කියලා.?

:       1       8

de silva Sunday, 10 January 2021 02:58 PM

පසුගිය මාස 5 කියපු තරමක් කිව්වේ ගල් පැලෙන බොරු.

:       1       5

Prasad Sunday, 10 January 2021 03:20 PM

ගම්පහ ඡන්ද දායකයන්ට අපගේ ආචාරය.

:       2       5

Asanka Sunday, 10 January 2021 03:50 PM

මෙයා නුවරඑළියේ ඇල්පයින් එකේ ඉන්න බව කවුරුත් දන්නවා.

:       1       5

Padmaporiya Sunday, 10 January 2021 06:41 PM

බොහෝම හොඳයි. කොරෝනා ලංකාව පුරාම බෙදලා දාන්නයි හදන්නේ... මේවගේ මෝඩ රැළක්...

:       1       5

ranjith Sunday, 10 January 2021 10:37 PM

සංචාරකයින් ගෙන්වන්න රටක් නැතිවද මේ යුක්රේනයෙන් ගෙන්වන්නේ..?

:       1       7

Buddika Monday, 11 January 2021 12:49 AM

එහෙම කොහොමද මේක නතරකරන්නේ? මේක සහෝදර සමාගමේ ළඟම කෙනෙක්ගේ ව්‍යාපාරයක්... කොවිඩ් නොවේ රටට මොනවා වුණත්... මේ වැඩ ටික කළ යුතුයි.

:       0       9

Ara Monday, 11 January 2021 02:23 AM

ඔව් නැත්නම් ලැජ්ජයිනේ...!!! 

:       0       6

thushara Monday, 11 January 2021 08:33 AM

කමක් නෑ ඉතින්, අපි ඉතින් සංචාරකයින්ගෙන් ලෙඩ බෝවෙනවද කියලා බලන්න භාවිතා කරන පරීක්ෂක මීයෝනේ...

:       1       5

rocky Monday, 11 January 2021 12:48 PM

සංචාරකයින් ඉන්නේ යුක්රේනයේ විතරයි. ජනවර්ගය සංචාරන්ස්... ඔවුන්ගේ භාෂාව ‘සංචාරුව‘

:       1       1

janabala asamagi Tuesday, 12 January 2021 04:11 AM

උදයංග කියයි.

:       0       0

janabala asamagi Tuesday, 12 January 2021 04:12 AM

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න උදයංග තීරණය කර නෑ..

:       0       0

de silva Tuesday, 12 January 2021 03:52 PM

ගෙන්න ගන්න බැරි නම් ඕන දෙයක් කරගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයෝ ටික ලංකාවට ගෙනත් දෙන්න.

:       0       0

sakalabujan Wednesday, 13 January 2021 06:05 AM

රජයෙන් අවසර නැතුව ලංකාවට එන්න පුළුවනි. රට පටලවලා දැනුම් දීමක් නිකුත් කළා... තවමත් ගුවන් ටිකට් පතක් අපටම මිලදී ගන්න බෑ ඉස්සර වගේ... එ්ත් තානාපති කාර්යාලය එක්ක ගණුදෙණුවකට එකඟ වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. අපිට ටිකට් එකක් අරන් දෙන්න. එයාට අපේ විස්තර දෙන්නේ තානාපති කාර්යාලයෙන්, ලංකාවේ ඉන්න හෝටල් කාරයාත් ඇතුළුව මේ තුන් කට්ටුව තමා ගනුදෙණුව කරන්නේ. තුන් දෙනාටම ලාබයි. ඇයි දවසකට ඉන්න රු 7,500 ට අඩුවෙන් හෝටල් කාමර ලංකාවේ ඇත්තේම නැද්ද? තියෙනවා එ්ත් රජයට කඩේ යන අයට විතරක් මැද පෙරදිග ඉඳලා එන අය හූරගෙන කන්න ඉඩදීලා අර ඉහත කී තුන්ගොල්ල එකතු වෙලා හූරාගෙනම කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 92 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1704 6

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 4292 23

බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.


කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
2025 මාර්තු මස 13 3945 5

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි



වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 2699 6

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site