IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ලෝකෙ කැරකෙන එක නතර වුණොත් ඡන්දය තියන්න බෑනේ

(තිලකරත්න දිසානායක)

ජනතාව ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු මහ මැතිවරණය නියමිත පරිදි පවත්වනු ලබන බැවින් කොරෝනා තත්ත්වය පාලනය කරගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(12) ගම්පහදී පැවසීය. 

මහ මැතිවරණය සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීම පිණිස  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා එසේ සඳහන් කළේය.

මැතිවරණ රැස්වීම්වලදී ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බවක් පෙනෙන්නට තිබෙනවා නේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී මහින්ද දේශප්‍රිය මහතා ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසිනි. 

"මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්තය දැනුවත් කිරීම් කරතිබෙනවා.  මැතිවරණ ප්‍රචාරක රැළිවලදී, සාමාන්‍ය රැස්වීම්වලට 100යි. පක්ෂ නායකයින් එන රැස්වීම්වලට 500යි. මීටරයක දුර තියාගන්න. මුඛ ආවරණයක් පළඳින්න, අත් පිරිසිදු කරගන්න. මේ ටික කියා තිබෙනවා.

පන්සිල් ආරක්ෂා කරන්නයි කිව්වට පන්සිල් ගන්න අය ආරක්ෂා කරන්නේ නැත්නම්,  නොඑසේනම් අනෙක් ආගම්වලත් කියන දේ ආරක්ෂා කරන්නේ නැත්නම්  එය ආගමේ වරදක් නොවනවා සේම කොරෝනා රෝග තත්ත්වය සම්බන්ධයෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඊට දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් වගකිව යුතුයි.

මාධ්‍ය :- ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් කරන්නේ කුමක්ද  ?

සභාපති මහින්ද දේශප්‍රිය මහතා :- " මීට කරන්න කිසිම දෙයක් නැහැ. පන්සලට හෝ පල්ලියට ගිහින් ආගම අදහලා කට
ගොන්නක් බීගෙන යන එක ගැන කරන්න දෙයක් නැහැනෙ."  

මාධ්‍ය  :- කොරෝනා ප්‍රශ්නය වැඩි උනොත් එය මැතිවරණයට කොයි විදියට බලපායිද ? 

සභාපති මහින්ද දේශප්‍රිය මහතා  :-  " කොයි විදියටවත් බලපාන්නේ නැහැ. ඡන්දය තියනව. කොරෝනා පාලනය කරගත යුතුයි. අපිට තිබෙන්නෙ,  ජනතාව ආරක්ෂා කරගෙන ඡන්දය තියන එක විතරයි. "

මාධ්‍ය :- මෙයින් කියන්නේ මොන තත්ත්වයක් වුණත් ඡන්දය පැවැත්වෙනවයි කියන එකද ?

මහින්ද දේශප්‍රිය මහතා  :- " මොන තත්ත්වයක් වුණත් කියන එක කියන්න බැහැනේ. ලෝකෙ කැරකෙන එක නතර වුණොත් ඡන්දය තියන්න බැහැනෙ." 



අදහස් (6)

ලෝකෙ කැරකෙන එක නතර වුණොත් ඡන්දය තියන්න බෑනේ

Dewa Sunday, 12 July 2020 09:46 AM

අපට කුමන හෙණයක් වුණාට කම් නැත. ඔබතුමා ඡන්දය පවත්වාගෙන යන්නකෝ හරිද?

:       0       0

thilak Sunday, 12 July 2020 09:53 AM

ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් එය රජයේ නොව, මහජනයාගේ වරදකි.

:       0       0

සෙනෙවිරත්න Sunday, 12 July 2020 10:56 AM

පන්සලට ගිහින් බොනවට වඩා නරක නැද්ද, බොරු කියන, මිනිස්සු රවටන දේශපාලුුන්ට පිරිත්නූල් බඳින එක..?

:       0       0

raja Sunday, 12 July 2020 12:38 PM

මේ ඉහළ රජයේ නිලධාරියාගේ උත්තර දිහා බැලුවාම ඔහුගේ හා දේශපාලකයින් අතර ලොකු වෙනසක් නොපෙනේ... ප්‍රශ්නවලට පිළිතුරු දීම වෙනුවට මුඛරිකමට දෙන ප්‍රකාශ...

:       0       0

Bamunuarachchi Monday, 13 July 2020 07:09 AM

ඔක්කොම වැඩ සිද්ද වෙන්නේ ඕකෙ කැරකෙන නිසාද? හලෝ ලෝකෙ නැවතුණත් දිනේ පෙන්වන ඔරලෝසු දුවනවනේ... නේද?

:       0       0

දුටුගැමුණු Monday, 13 July 2020 10:33 PM

විකාර.. හොඳටම තදවෙලා වගේ... !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 148 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 398 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 439 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 45 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2620 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1637 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site