ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී ඇත.
අවසන් පැය 24 දී හඳුනාගත් ආසාදිතයන්ගෙන් 37දෙනෙකු සමාජය තුළ පැතිර යාම නිසා මෙසේ සිදුවූ බවත් අනෙක් ඒවා තරමක් සංකීර්ණ බවත් වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පැවැසීය.
ඉතිරි සිදුවීම් 360 සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ද හෙතෙම කීය.
සිකුරාදා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාධිතයන් 600කට වඩා හඳුනාගෙන තිබිණි. ඒ අනුව සිකුරාදා දිනයට සාපේක්ෂව සෙනසුරාදා දිනයේදී හමු වූ වයිරස ආසාධිතයන්ගේ ගණන අඩු වී ඇත. එසේ වුවත් වයිරස ආසාධිතයන් 300 ක් වුවද සැලකිය යුතු ගණනක් යැයි ප්‍රාන්ත ආණ්ඩු ප්‍රධානියා පැවසීය.
වයිරසය ආසාදනය වීම හේතුවෙන් අවසන් පැය 24 දී මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 80 සහ 90 වයස්වල පසු වූ කාන්තාවන් දෙදෙනකු බවද ඔහු සඳහන් කළේය.
අවසන් පැය 24 දී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණනත් සමඟ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාධිතයින්ගේ සමස්ත ගණන 5,919ක් බවත් 379 දෙනකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඩැනියෙල් ඇන්ඩෲස් කීය. ඔවුන්ගෙන් 41 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් 24 දෙනකු වෙන්ටිලේටර්ස් (ස්වසන සංවාතන යන්ත්‍රවලට) සම්බන්ධ කර ඇතැයිද ඔහු කීවේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල තත්ත්වය ඉතා බරපතළ යැයි ද හෙතෙම කීය.
ප්‍රාන්තයෙන් වාර්තා වන “අබිරහස් සිදුවීම්” වැඩිවෙමින් තිබෙන බවත් එය “විශාල අභියෝගයක්” බවත් ඔහු කීය.
“ප්‍රජා ව්‍යාප්තියටත් එහා ගිහින් වයිරසය පැතිරෙනවාදැයි නිශ්චිතව කියන්න බැහැ. වයිරසය ආසාධනය වූයේ කෙසේදැයි නිශ්චිතව කිව නොහැකි විශාල ගණනක් ඉන්නවා. ඔවුන්ට වයිරසය ආසාධනය වූ ආකාරය සොයාගන්න බැහැ. මෙය විශාල අභියෝගයක්” යැයි ඔහු තවදුරටත් කීය.
රොයිටර්ස්/ද ගාඩියන්
- 055
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්