IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් හමුවූවායි කියන කතාවල සත්‍යතාවක් නැහැ

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

ශ්‍රී ලංකාව පුරා, යම් යම් ප්‍රදේශවලින් විටින්විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් හමුවී ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බවද,  රෝගියකු හමු වු විට ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය.

කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කන්දකාඩුවෙන් හමු වූ ආසාදිතයන් පොකුර හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තවන ආකාරයේ කොරෝනා අවදානමක් ඇති වී නැති බවද, රාජාංගනය සහ වැලිකන්ද වැනි ප්‍රදේශ කිහිපයක පමණක් එවැනි ලක්ෂණ දක්නට තිබූ බවද ජාසිංහ මහතා සඳහන් කළේය.

කොරෝනා ව්‍යාප්තිය මැඩලීමේ ක්‍රියාන්විතයක් රජය ගෙනයමින් පවතින  විට, කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ පිරිස සහ රැඳවියන්, වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරවලට යැවූ අය, නිවෙස් බලා යැවූ පිරිස යන අය දිවයිනේ විවිධ ප්‍රදේශවල නවාතැන් ගෙන සිටියේ නම් එම පිරිස සොයා නැවත කැඳවීමේදී ඇතැම්විට ඇතැම් අය ඔවුන් කොරෝනා ආසාදිතයන් ලෙස වරදවා වටහාගනු ලබන බවද,  ආසාදිතයකු බවට හඳුනාගන්නේ එසේ පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වූයේ නම් පමණක් බවද ඒ සම්බන්ධයෙන් අදහස්  දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එම පිරිස නැවත කැඳවා පරීක්ෂණ කිරීම ඇතුළු පියවර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවද, ඔවුන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ හමුදාව හෝ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරන ස්ථාන කොරෝනා ආසාදිතයන් සිටින ස්ථාන ලෙස පිටතට ගම්‍ය විය හැකි වුවද එය නිවැරදි නොවන බව ද පවසමින්  ජාසිංහ මහතා වැඩිදුරටත්  කරුණු පැහැදිලි කළේය.

යම් කිසි ආකාරයකින් රෝගීන් හමුවනවා නම් හමුවන්නෙ කොතැනින්ද, ඔවුන් කවුද යන්න පිළිබඳව අමාත්‍යංශය පැවසිය යුතු බවත්, එවැනි දෑ ප්‍රකාශ කිරීමෙන් තොරව මහජන සෞඛ්‍ය ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට නොහැකි බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සඳහන් කළේය.

 

වීඩියෝව- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙනි

 



අදහස් (7)

විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් හමුවූවායි කියන කතාවල සත්‍යතාවක් නැහැ

Prasad Monday, 13 July 2020 02:59 PM

යමි යමි කඩේ... හිතේ සතුටින් යමි කඩේ...

:       0       29

Jph Monday, 13 July 2020 03:18 PM

මේ මනුස්සයා මොනවද මේ දොඩවන්නේ? බලන්න ලංකාවේ කී තැනකින් කොරෝනා ලෙඩ්ඩු හම්බවෙලාද කියලා... එහෙම එකේ මේ කතාව බොරු නෙවෙයි ඇත්ත තමයි...

:       0       36

indika Monday, 13 July 2020 04:12 PM

මොකද නැත්තේ දොස්තර මහත්තයෝ..? ඔය හැම තැනින්ම ලෙඩ්ඩු හමුවෙනවා කියලා පත්තරේ නිව්ස්වලට දාන්නේ.. ඒවා එතකොට බොරුද? හැමෝම හැංගෙන්න හදන්නේ ඡන්දේ නිසාද? දැන් රටම විනාශයි නේද? මුලු රට පුරාම කොරෝනා රෝගීන්.. ඡන්දෙ තියාගන්නකෝ මිනිස්සු ගැන නොහිතා...

:       0       29

Buddika Tuesday, 14 July 2020 12:43 AM

සත්‍යය එලෙසින්ම කීම කළයුතුයි. එවිට අනික් මිනිස්සු පරිස්සම් වෙනවා වගේම රෝගයට බය වෙනවා.. මොනරාගල, හබරාදුව, ඇහැලියගොඩ, රත්නපුරය, රාජාංගණය, පොලොන්නරුව වැනි විවිධ ප්‍රදේශවලින් රෝගීන් හමුදාවේ ඇති බව මාධ්‍ය වාර්තා කරයි..

:       0       24

සමිත Tuesday, 14 July 2020 04:53 AM

මේ පත්තරේම තියෙනවා රටේ ප්‍රදේශ ගණනාවක රෝගීන් හා ආශ්‍රිතයන් හමුවූනා කියලා. ඉතින් ඊට වැඩිය මොනවද කියන්නෙ? දේශපාලකයන්ට ඕන විදියට නැටවෙන රූකඩ උනාම තනතුරේ ගරුත්වයත් විනාසයි.

:       0       29

hukhuk Tuesday, 14 July 2020 06:26 AM

හිනා යනවා මේවට.

:       0       35

සමන්ති Tuesday, 14 July 2020 07:20 AM

රාගම පුද්ගලික රෝහලක් වහලා. එතකොට එතනින් ආසාධනය වූන අය ඉන්න බැරිද? මිනිස්සුන්ට බොරු කියලා මොනවද මෙයාලා බලාපොරොත්තු වෙන්නෙ?

:       0       46

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 117 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 107 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 783 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 218 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 642 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site