(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත තුළ රජයේ හා පෞද්ගලික කාර්යාල, වෙළෙදසැල්, සාප්පු සංකීර්ණ , කර්මාන්තශාලා, පවත්වාගෙන යාමේ දී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අනුව කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සදහා අද (11) සිට විශේෂ පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ සදහා සිවිල් ඇදුමෙන් සැරසුණ පොලිස් නිලධාරීන් 400ට අධික පිරිසක් යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 15 වැනි දින මෙම අති විශේෂ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහි ආයතන පවත්වාගෙන යාමේ දී අනුගමනය කර යුතු කරුණු වන දෙයත්සේදීමට ස්ථාන සක්ස්කිරීම, උෂ්ණත්වය පරික්ෂා කිරීම, ඇතුළත සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නාමලේඛනයක් පවත්වාගෙන යාම ආදි සෞඛ්‍ය ක‍්‍රම අනුගමන කරන්නේ ද යන්න සොයා බැලීම සදහා මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් මෙම ස්ථාන වෙත ගොස් ඒවා ක‍්‍රම නිසි අයුරින් කි‍්‍රයාත්මක වන්නේ ද යන්න නිරීක්ෂණ කර බවත් එවැනි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමන නොකරන ආයතන හදුනාගෙන ඒවායේ හිමිකරුවන්, ආයතන ප‍්‍රධානීන්, පරිපාලන නිලධාරීන්ට නිරෝධායන නීතිය අනුව කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
කොළඹ නගරයේ බොහෝ ප‍්‍රදේශ ඊයේ දිනයේ සිට සම්පුර්ණයෙන්ම හුදකළා බවින් ඉවත් කිරීම නිසා බොහෝ පිරිසක් නගරයේ වෙළෙදසැල් වෙත පැමිණීමට ඉඩ ඇති බවත්, සියලූ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමන කළයුතු බවද අජිත් රෝහණ මහතා කීය.
,සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම අනුගමන කරමින් කොළඹ නගරය තුළ යළිත් කෝවිඞ් පොකුරු, අනුපොකුරු ඇති වීම වලක්වා ගැනීම ජනතාවගේ වගකීමක් බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන්ට අනුගත නොවන ආයතනය ගැන සොයන්න විශේෂ මෙහෙයුමක්
Nuwan Monday, 11 January 2021 08:03 AM
මෙතුමාගේ ජොබ් එක කරනවා... කොහොමහරි ලංකාවේ එතුමා කියන කිසිදෙයක් දේශපාලුවෝ කරන්නේ නැතත්...
අතුල සවුදි Monday, 11 January 2021 08:22 AM
පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තොත් හොඳයි ආයිබෝවං..
Rajinda Monday, 11 January 2021 10:08 AM
එතකොට ජනාධිපති ලේකම් කාර්යාලය පෙනෙන දුරින් පවත්වාගෙන යන ඉදිකිරීම් වැඩබිම්වල වැඩකරන සේවකයින් ගැන මොකද කියන්නේ? කොරෝනා හැදිලා තියෙද්දීත් සතියෙන් හෝ දවස් 4න් වැඩට එන්න කියන ආයතන ගැන මොකද කියන්නේ? මේ වෙනකොට 200කට වැඩිය හැදිලත් ආයතනයේ නම කිසිම විදිහකින් වත් එළියට එන්නේ නැහැනේ.