විවාහ වී මනාල මහතාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව කිරි හොද්දක් සාදා ගැනීමට තේරුමක් නොමැතිව දුරකථනයෙන් පුත්තලමේ පදිංචි සිය මවගෙන් විමසීමක් කළා යැයි කියන තරුණ මනමාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කිරි හොද්දක් සාදන ආකාරය පිළිබඳ සිය මවගෙන් දුරකථනයෙන් විමසුවා යැයි කියන තරුණ මනමාලිය පුත්තලම ප්‍රදේශයේ උපන්නියකි. ඇගේ වයස අවුරුදු 25 කි. මනාලිය උපාධිධාරිනියකි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු සිටින ඇගේ මව්පියෝ තවමත් පුත්තලමේ රජයේ රැකියා කරති.
මනාලිය කුඩා කල සිටම මව්පියන් ඉතාමත් ආදරයෙන් රැකවරණයෙන් අත් උදව්කාරියකගේ සහයෝගයෙන් ඇති දැඩි කළාය. ඒ පවුලේ එකම එක ගැහැනු දරුවා නිසාය. විවාහය දක්වාම ඇය කවදාවත්ම තමන්ගේ රෙදි ටික සොදා වේළා ගත්තේ නැත. හදිසියකට කවදාවත් බතක් උයා සම්බෝලයක් හැදුවේ ද නැත. සියල්ල මව්පියන් අතින් හා අත් උදව්කාරිය අතින් සිදු කෙරිණි.
ඉකුත් දිනෙක ඇගේ විවාහ මංගල්‍යය මහත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.
මනාලයා දින දෙකකට පසුව සිය මනාමාලිය ඇගේ නිවසට කැන්දාගෙන පැමිණියේ උඩරට වෙස් නර්තන කණ්ඩායමක් ද පෙරටුකොට ගෙනය.
සති දෙකකට පසුව මනාලයාගේ මව රාත්‍රි කෑමට ඉඳිආප්ප තම්බා කුකුල් මස් වෑංජනයක් සමඟ සම්බෝලයක් ද සාදා ඇඟපත සෝදා ගැනීමට යාමට සූදානම් වූවාය. ඊට පෙර “දුව පොල් බෑයක් ගාලා කිරි හොද්දක් හදන්න. මම ඉක්මනට ඇඟපත සෝදාගෙන එනවා”_යි පවසා මව කුස්සිය දොරෙන්ම පහළ ළිඳට ගියාය. මනාලිය පොල් බෑය ගා ගත්තද කිරි හොද්ද සාදන්ට තරම් දැනුමක් නොවීය.
“කිරි හොද්ද හදලා තිබ්බේ නැති වුණොත් වස ලැජ්ජාවයි”_ මනාලිය තනියම කල්පනා කළාය. පසුව ඇය දුරකථනය රැගෙන පුත්තලමේ පදිංචි මවගෙන් කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ විමසුවාය.
එහිදී මව සිය දියණියට කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ කියා දී තිබුණද පසුව ඇය කිරි හොද්ද සෑදූ අවස්ථාවේදී පොල් කිරි කැටිගැසී තිබූ බව ද වාර්තා වෙයි.
පසුව පවුලේ සියලු දෙනා රාත්‍රි ඉඳිආප්ප කෑමට කෑම කාමරයේ මේසයට ගිය අවස්ථාවේදී අලුත ගෙනා මනමාලි හැදු කිරි හොද්දෙන් හැමෝගෙම මූණු ඇඹුල් වී ගියාලු.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අලුත ගෙනා මනමාලිගෙ කිරි හොද්දෙන් මූණු ඇඹුල්වෙලා