IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අවුරුදු උත්සව ආධාර පතේ කනාමුට්ටි බිඳින්න එනවැයි ලියලා

සිංහල අවුරුදු උත්සවය සඳහා ආධාර එකතු කිරීමට ගිය අවස්ථාවේ ආධාර පත‍්‍රයේ කනා මුට්ටි බිඳීමට එන බවට සඳහනක් කළ ගැමියකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
 උතුරු දුම්රිය මාර්යට සමීප ගම්මානයකි. තරුණ පිරිසක් අවුරුදු උත්සවයක් පැවැත්වීමට තීරණය කොට ගම්වාසීන්ගේ සහාය ලබාගැනීමට තීරණය කෙරිණි. මේ අනුව පිරිසක් ගෙන් ගෙට ගියේ මුදලින් හෝ ද්‍රව්‍යමය ආධාර ලබාගැනීමේ අදහසිනි.
රුපියල් දහස, පන්සීය බැගින් මුදල් ආධාර ලැබිණි. ඒ අතර විවිධ තරග සඳහා ත්‍යාග ලබාදීමට ද සමහරුන් ඉදිරිපත්ව ඒ බව ආධාර පත‍්‍රයේම සටහන් කරනු ලැබීය. තරමක් මසුරකු වූ ව්‍යාපාරිකයකුගේ නිවෙසට මේ පිරිස ගියේ නොගියොත් එය හේතුවක් කරගෙන දොස් ඇසීමට සිදුවනු ඇතැයි යන කාරණාව මතය.
 කණ්ඩායමේ නායක, තරුණයා අරමුණ පැහැදිලි කළේය. මුදලින් හෝ වෙනත් ආධාරයක් ලබාදිය හැකි බව කීය. හොඳයි හොඳයි ගැඹුරු හඩින් පැවසූ ව්‍යාපාරිකයා ආධාර පත‍්‍රය රැගෙන ගෙට ගියේය. ටික වේලාවකින් ආ ඔහු එය තරුණයා අතට දුන්නේය. මම එදාට නොවැරදීම එනවා ව්‍යාපාරිකයා කීය.
 පාරට ගිය තරුණ පිරිස ආධාර පත‍්‍රයේ සටහන කියවීය.  ”කනා මුට්ටි බිඳීමේ තරගයේ තරකරුවකු ලෙස මම සහභාගි වෙමි” ව්‍යාපාරිකයාගේ නමට ඉදිරියෙන් සටහන්ව තිබිණි. මේ සති අන්තයේ අවුරුදු උත්සවයට ඔහු එනතුරු දැන් තරුණ පිරිස බලා  සිටින්නේ ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණ ඇතිවය. 



අදහස් (0)

අවුරුදු උත්සව ආධාර පතේ කනාමුට්ටි බිඳින්න එනවැයි ලියලා

ඛාන් Tuesday, 16 April 2013 11:45 PM

ව්‍යාපාරිකයෝ ඔහොම්මම තමයි. (නි)

:       0       0

හේරත් Tuesday, 16 April 2013 11:28 AM

ගැටළුවක් නැහැ. "මසුරු කනා" ට පාර සොයාගන්නත් සුදු හැරමිටියක් දෙන්න. (නි)

:       0       0

නන්දලාල් Tuesday, 16 April 2013 06:01 PM

එයා එනකොටම තෑගිත් අරන් එනවලු (නි)

:       0       0

චුටි බේබි Thursday, 18 April 2013 08:30 AM

සමහර සන්විධායකයොත් හොරු (ස)

:       0       0

බමුණූසිංහ Tuesday, 16 April 2013 07:27 PM

ඇස බැඳලා හිඳ මඩ පුවක් හැලිය කිට්ටු කරමු මිනිහට බිඳින්න. (නි)

:       0       0

විහග Tuesday, 16 April 2013 01:46 PM

මාර කුණු ලෝභයෙක්නේ . (නදී)

:       0       0

ගාමිණී Tuesday, 16 April 2013 08:39 PM

සංවිධායක මණ්ඩලයට මම මේ කියන්නේ, ආධාර පත්‍රය හොදින් කියවා බලන්න, ලියා ඇත්තේ මුට්ටිය කනා බිඳීමේ තරගයට මම සහභාගී වෙනවා කියලද කියා. (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 16 April 2013 08:08 AM

එහෙම සහභාගීවීමත් අනුග්‍රහයක් ලබා දීමක්නේ. ආවම හොඳ ප්‍රචාරයක් දීල පිළිගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 305 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 876 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 768 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 612 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 321 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 284 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site