IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත්

ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ. පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. පසුගියදා මේ අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ආයතනයේ පාලනාධිකාරිය පියවර ගත්තේය. ඒ අනුව පැවැති සම්මුඛ පරීක්ෂණයට කැඳවූ පිරිස කැඳවා සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරුණේ ආයතන ප‍්‍රධානියා ඇතුලූ තිදෙනකුගෙන් යුත් මණ්ඩලයන් විසිනි. කඩවසම් තරුණයකු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්විය. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට සාර්ථක පිළිතුරු ලැබිණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයද සෑහීමට පත්ව සිටියේය. අවසානයේ ඔහුගේ සහතික පත් ගොන්න පරීක්ෂා කෙරිණි. එය පිරික්සමින් සිටි ආයතන ප‍්‍රධානියාගේ ඇස් උඩ ගියේය. ”ඇයි මේ මරණ සහතිකයක් අරගන ආවේ” ඔහු විමසීය. ”සර්. මගේ ආච්චි මැරිලා ගොඩක් කල් ඒ හින්දා ආයේ මට ආච්චිගේ මරණෙට නිවාඩු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසයි ආච්චිගේ මරණ සහතිකය අරගෙන ආවේ.” ආච්චි මලා කියමින් නිවාඩු ගන්න රටක් නේ මේක” තරුණයා පිළිතුරු දුන්නේය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කථිකා කළහ. තරුණයාට පත්වීම් ලිපිය එවේලේම ලැබිණි. පසුදා සිට සේවයට වාර්තා කරන ලෙසට දැනුම් දුන්නේය.



අදහස් (0)

ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත්

ජයී Wednesday, 26 October 2011 02:38 PM

ඉදිරි කාලයේදී මරණ සහතික දෙන කාර්යාල ඉදිරියේ දිග පෝලිම් දකින්න ලැබේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙල්ලගේ පියා දැක කේක් ගෙඩියත් දමා දුවලා
2024 ඔක්තෝබර් මස 16 1099 0

පෙම්වතියගේ උපන් දිනයට කුඹුරු යායක් මැදින් කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි තරුණයකුට පෙම්වතියගේ පියා පැමිණෙන අයුරු දැක ආපසු දිව යන අවස්ථාවේ දී තරුණයා කේ


යන්න විදිහක් නැතිව පාරේ ඉදලා අලි බාල්දියක් වැටිලා
2024 ඔක්තෝබර් මස 15 876 0

වන අලි නිතර ගැවසෙන කැලෑ පාරක ත්‍රිරෝද රථයක ගමන් ගත් ගැබිනි කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් රජරට පළාතේ ඈත ගමකින් අසන්නට ලැබෙයි. සිද්ධිය කෙටියෙන


බෝලෙට බරබරේ දැම්මාට කොල්ලන්ගෙන් අපූරු දඬුවමක්
2024 ඔක්තෝබර් මස 14 1055 0

සෙල්ලම් කරමින් තිබූ පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියාට අපූරු දඬුවමක් දුන් කොල්ලන් පිරිසක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


මංගල තෑග්ගට සෙල්ලම් බඩු දීලා
2024 ඔක්තෝබර් මස 11 1148 1

දියණියකගේ මංගල උත්සවයකට හිතවතුන් කණ්ඩායමක් විසින් රැගෙන ආ විශාල තෑගි පෙට්ටිය විවෘත කර බැලූ විට ගෘහ මූලිකයාට පවුලේ ඥාතින් ඉදිරියේ හීන් දාඩිය දැමු පුව


බිරියට මල් කිනිත්තක් දෙන්න ගිහින් අම්බානට බැණුම් අහලා
2024 ඔක්තෝබර් මස 10 1314 2

යුගදිවිය ප්‍රී්‍රතියෙන් ප්‍රමෝදයෙන් ගත කිරීමට ඒ සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වූ දේශකයා කියූ පිළිවෙත අනුව භාර්යාවගේ උපන් දිනය දා දීමට ගෙන ආ මල් කිනිත්ත


කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා
2024 ඔක්තෝබර් මස 09 974 0

“ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 614 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 496 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site