IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඇඳ යට රිංගූ හොර මිනිහට උණු වතුර සංග්‍රහයක්

බිරිඳගේ අනියම් සැමියා තම නිවසේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව රාජකාරියට නිවාඩු දමා නිවසට ගිය සැමියකු අනියම් සැමියාට යළි නොඑන්නට පාඩමක් ඉගැන්වීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


සැමියා රැකියාවට යන අතරතුර බිරිඳ අනියම් සැමියකු නිවසට ගෙන්වා ගන්නා බවට සැමියාට නිතර නිතර නිර්නාමික දුරකථන ඇමතුම් ලැබුණි. මෙදිනද සැමියා තම කාර්යාලයේ  රාජකාරි කරමින් සිටියේය. ඔහු තම බිරිඳගේ අනියම් සබඳතාව ගැන සොයා බලන ලෙස බාර දී තිබූ මිතුරාගෙන් හදිසි ඇමතුමක් ලැබුණි.


“හරි මචං ඔන්න දැන් පොර ආවා උඹලගේ ගෙදර”


හොඳ පාඩමක් ඉගැන්වීමට සිතූ සැමියා හදිසියේ තමාට අසනීප බවට නිවාඩුවක් දමා ත්‍රිරෝද රථයකින් නිවසට ගියේය. නිවසේ දොරකඩ තිබූ පිරිමි පාවහන් යුගලින් පිටස්තරයකු නිවස තුළ සිටින බව ඔහු අවබෝධ කර ගත්තේය.


ත්‍රිරෝද හඬ ඇසී බිරිඳ වහා ඉදිරිපස දොර විවෘත කරගෙන එළියට ආවේ මහත් කලබලයෙනි. සැමියා හදිසියේ පැමිණීමෙන් අන්ද මන්ද වූ බිරිඳ ඒ බවක් නොඅඟවා සැමියා අසලට මහත් කලබලයෙන් දිව ගියේ සැමියාට අසනීප තත්ත්වයක් ඇති බවක් දැනීමෙනි.


ඇයි බබා මොකද මොකද ඔයාට සනීප නැද්ද” බිරිඳ මහත් දුකෙන් ඇසුවාය.“නෑ... නෑ. ලොකු අමාරුවක් නෑ බබා පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා.


සැමියා නැති අමාරුවක් ආරූඪ කරගෙන කොර ගසමින් නිවසට ඇතුළු වූයේය. ඇඳුම් ද මාරු නොකරම ඇඳට වැටුන සැමියාට ඇඳ යට කිසිවකු සිටින බව දැනුණි. හොඳ පාඩමක් උගන්වන අටියෙන් සැමියා රෝගියකු ලෙසම ඇඳටම වී සිටියේලු.


“බබා අපි යමු ඩොක්ටර් ළඟට ගිහින් බෙහෙත් ටිකක් අරන් එමු” බිරිඳ සැමියාට ඇවිටිලි කළේය.


බබා මගේ මේ කකුලේ තැල්මක් තියෙන්නේ උණුවතුර ටිකක් ගෙනල්ලා කකුල ටිකක් තවලා බලමු අඩුවෙයි. ගේන්න කෝ හොඳ රස්නෙට උණු වතුර එකක්.


සැමියා එසේ කියනවාත් සමග කුස්සියට දිවගිය බිරිඳ සැනෙකින් දුම් දමන උණුවතුර ජෝගුවක් සහ රෙදිකඩක්ද රැගෙන කාමරයට ආවාය. බිරිඳ සැමියාගේ කකුල තැවීමට සූදානම් වූවාය. වහා ක්‍රියාත්මක වූ සැමියා දුම් දමන උණු වතුර ජෝගුව ඇඳ යටට විසිකළේය.


ඇඳ යට සිටි අනියම් සැමියා “අම්මෝ කියාගෙන ඇඳ යටින් එළියට පැන දිව ගියේය.


“මෙන්න හොරෙක්... හොරෙක්... ”කියමින් බිරිඳ කෑගසන්නට වූවාය


“මෙන්න හෙරක් හෙරක්” සැමියාද කෑගැසීය.


එළියේ දමා ගොස් තිබූ අනියම් සැමියාගේ පාවහන් යුගලින් ඔහු කවුද යන්න සැමියා හඳුනා ගත්තේලු.
 (නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)

 



අදහස් (0)

ඇඳ යට රිංගූ හොර මිනිහට උණු වතුර සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මාර්තු මස 14 203 1

රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක


පියකුගෙන් අපූරු සැලකිල්ලක්
2025 මාර්තු මස 13 246 2

තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 748 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 838 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 455 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1082 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site