IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇළට වැටුණු රියැදුරු බලපත මාස 3 කට පසු ඇළේදීම හමුවෙලා

රාජාංගනය වම් ඉවුරේ ප‍්‍රධාන වාරි ඇළට වැටී ගසාගෙන ගිය රියැදුරු බලපත‍්‍රයක් මාස 03කට පසුව එම ඇළේම කිලෝ මීටර් 10ක් පමණ පහළ දිය නාමින් සිටි එහි අයිතිකරුටම හමුවූ පුවතක් සාලියවැව යාය 7 ප‍්‍රදේශයෙන් පසුගියදා වාර්තාවිය.

එම වාර්තාවට අනුව මෙම රියැදුරු බලපත‍්‍රයේ අයිතිකරු රාජාංගනය වම් ඉවුර යාය 07 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු දිය නාන්නේ නිවස අසලින් යන එම ඇළෙනි. මීට මාස තුනකට පෙරදී ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා වම් ඉවුරේ ගිරිබාව අටේ කණුව ප‍්‍රදේශයට ගොස් ඇත. එහිදී මුහුණ කට සෝදා ගැනීම සඳහා වාරි ඇළට බැස ඈත දියට නැමී ඇත. ඔහුගේ කමීසයේ සාක්කුවේ තිබූ රියැදුරු බලපත‍්‍රය ඇළට වැටී ඇත්තේ එම අවස්ථාවේදීය.

තම රියැදුරු බලපත‍්‍රය ඇළට වැටී නැතිවීම සම්බන්ධයෙන් ඊට දින කීපයකට පසුව මොහු ප‍්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද කර ඇත.

මෙසේ කාලය ගෙවෙමින් පවතින අතරතුර එකී රියැදුරු බලපත‍්‍රයේ අයිතිකරු පසුගිය දිනක සුපුරුදු ලෙස නිවස අද්දරින් ගලා යන වාරි ඇළේ දිය නාමින් සිට ඇත. එහිදී යමක් ඇෙඟ් දැවටෙන බවක් ඔහු එය කුමක්දැයි විපරම් කර තිබේ.  ඒ අනුව ඇෙඟ් දැවටුණු දේ අතට ගෙන පරීක්ෂාකර බැලීමේ දී එය මීට මාස 03 කට ඉහත දී එම ඇළේම කිලෝ මීටර 10ක පමණ දුරින් දියට වැටුණු තම රියැදුරු බලපත‍්‍රය බව හඳුනාගෙන ඇත.

අදහා ගත නොහැකි මෙම සිදුවීමෙන් ඔහු පුදුමයට පත්වී තිබේ. ඊට එක් හේතුවක් නම් එකී රියැදුරු බලපත‍්‍රය ඇළට වැටුණු සහ එය හමුවූ ස්ථානය අතර ප‍්‍රධාන ජලාශ දෙකක් ද පිහිටා තිබීමය.
 



අදහස් (0)

ඇළට වැටුණු රියැදුරු බලපත මාස 3 කට පසු ඇළේදීම හමුවෙලා

ලාල් Friday, 10 January 2014 06:15 PM

පුදුමයි එත් ඇත්තයි (දී)

:       0       0

රන්ජා Friday, 10 January 2014 10:37 AM

දැන් මේක ගැන කියල ප්‍රසිද්ධ වෙලා. ඒ උදව්වෙන් මීළග මැතිවරණයට තරග කරන්න අවස්ථාව උදා කරගන්න ලැබේවා(දිල්)

:       0       0

සෑම් Friday, 10 January 2014 11:47 AM

මේක අර කන කැස්බෑවා විය සිදුරෙන් පුර හඳ දකිනවාටත් වඩා අහම්බෙන් සිදු උන දෙයක්.(නදී)

:       0       0

කුමාරි Friday, 10 January 2014 11:49 AM

පුදුමයි. ඒත් ඇත්තමද? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 10 January 2014 11:49 AM

විස්මය දනවන පුවතක්.(නදී)

:       0       0

ජයතිස්ස Wednesday, 15 January 2014 09:54 AM

නළු විදානගේ හරි මමත් ඇය අනුගමනය කරනවා... (දී)

:       0       0

නාමල් Saturday, 11 January 2014 12:21 AM

මේ රියදුරු බලපතේ ගල් එල්ලලද තියෙන්නේ , යට යන්න (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 11 January 2014 06:26 PM

සොයන්නාට හම්බ වෙනවා කියන්නේ මේවගේ දේ නිසා. මොනා උනත් සාදාරණ මනුස්සයෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

ජනා Saturday, 11 January 2014 02:23 AM

ඉස්සර අපේ අයියට අපි විහිලු කරනවා නාද්දී පරණ නැතිවුන ඇඳුම් හම්බ වෙනවා කියලා. ඇයි ඉතින් ඉඳල හිටලා නේ නාන්නේ. මේකත් ඒ වගේද දන්නේ නැහැ. (දී)

:       0       0

ලක්ෂාන් Friday, 10 January 2014 01:49 PM

බොරු නැත්නම් හොද කතාවක්(දිල්)

:       0       0

ධම්ම Sunday, 12 January 2014 04:10 PM

පේනවා නේද ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයේ නිෂ්පාදන ප්‍රමිතිය. මාස තුනක් තිස්සේ කිමී දහයක් වතුරේ ගසාගෙන ගියත් කිසි දෙයක් වෙන්නේ නැහැ.(දිල්)

:       0       0

ආරියසේන Saturday, 11 January 2014 09:23 AM

රියදුරු බලපත් කියක් විතර ළඟ තියෙනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 10 January 2014 05:07 PM

කලින් වතාවේ ඇලට වැටෙන්න නැතිව ඇති. එයාගේ කමිසේම කොහේ හරි රැඳිලා තියෙන්න ඇති. ඇත්තටම ඇලට වැටෙන්න ඇත්තේ දෙවෙනි වතාවේ.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Monday, 13 January 2014 03:58 PM

මේක කවදාවත් වෙන්න බැරි වැඩක්.(නදී) .

:       0       0

ශාන්ති Friday, 10 January 2014 05:31 PM

ඇත්තටම එහෙම සිදුවීමක් විය හැකිද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 167 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 827 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 730 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 589 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 300 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 265 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site