IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉලව්ගෙදර ආ කුලී රිය මඟ දමා වෙන වාහනයකින් ගිහින්

දකුණු පළාතේ කුලී රථ ගාලක නවතා තිබූ කුඩා ප‍්‍රමාණයේ වෑන් රථයක් අසලට ආ කිහිප දෙනෙක් උතුරු මැද පළාතේ මළ ගෙදරකට යාමට අවශ්‍ය බව කියා කුලියද කතා කරගෙන වෑන් රථයට නැග ගත්හ.

මේ පිරිසට සුදු ඇඳගත් කාන්තාවන් දෙදෙනකු පිරිමි සිව් දෙනකු හා දරුවන් දෙදෙනකු ද අයත් විණි. කඩිනමින් පිටත්වූ ඔවුහු පැය හතරක ගමනින් පසු කැකිරාව නගරයේ රිය නැවැත්වූයේ දිවා ආහාරය සඳහාය.

කඩිනමින් ආහාරගත් රථ හිමි රියැදුරා කැසිකිළියට ගොස් එනවිට පිරිසෙහි කිසිවකු වාහනය තුළ නොවීය. මේ පිළිබඳව කඩ හිමියාගෙන් විමසූ විට ඔහු කීවේ ”දැන් ටිකකට ඉස්සෙල්ල ලොකු වෑන් එකක් ආවා. ඒ ගොල්ල ඒකෙ නැගල ගියා” කියාය.

දෙවියන් සිහිවූ රථ හිමියා මේ මළ ගෙදර පිළිබඳව තොරතුරු විමසා බැරිම තැන ආපසු ආවේ කේන්තියෙන් පිපිරමෙනි.



අදහස් (0)

ඉලව්ගෙදර ආ කුලී රිය මඟ දමා වෙන වාහනයකින් ගිහින්

ස. බණ්ඩාර Saturday, 31 May 2014 02:49 PM

ඉහල සිට පහලට...හොර වංචාව පදමට....රට යන හැටි දකින විට.....නෙතින් වැගිරෙයි උණු කඳුළු කැට....(අ)

:       0       0

කුමාරිහාමි Wednesday, 04 June 2014 03:08 PM

දකුනේ කිව්වට බෙන්තර ගගනේ එහා ගමක් වෙන්න ඇති පැය හතරෙන් කැකිරාවට යන්න (නදී)

:       0       0

ශෙරීනා Sunday, 01 June 2014 07:06 PM

සමහර මිනිසුන්ට අනුන්ගේ දුකක් දැනෙන්නේ නැහැ (නි)

:       0       0

නාලක Sunday, 01 June 2014 07:12 PM

කට්ටියක් හොර බොරු වංචා කරනවා. තවත් කට්ටියක් ඒවා සාධාරනීකරණය කරනවා. (නි)

:       0       0

චතූ Monday, 02 June 2014 01:09 PM

කෝ දැන් පහන්? (නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 04 June 2014 04:07 PM

දකුණේ කිව්වට බෙන්තර ගඟේ ඉවුරේ ගමක් වෙන්න ඇති පැය හතරෙන් කැකිරාවට යන්න. (ස)

:       0       0

ප්‍රශීන් Monday, 02 June 2014 10:11 PM

ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් වැහිච්ච අරුම පුදුම රටක් තියෙනවා. (ස)

:       0       0

කුමාර Tuesday, 03 June 2014 01:30 PM

ඉදල හිටලා පිනක් දහමක්වත් කරන්න එපායැ. (නදී)

:       0       0

ලලිත් -එස්.එල් Monday, 02 June 2014 02:16 PM

අරුම පුදුම අමනුස්සයෝ ඉන්න රටක්.(නදී)

:       0       0

මහේෂ් Saturday, 31 May 2014 05:47 PM

මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ! (නි)

:       0       0

පහන්දී Saturday, 31 May 2014 11:16 AM

ඇත්තටම පුදුම මිනිස්සු නේද., මොන පළාතේ වුනත් වැඩේ වැරදියි, කුමාරි තමයි හරිදේ කියල තියෙන්නේ...!! (අ)

:       0       0

රසික කටාර් Monday, 23 June 2014 02:24 AM

කුමාරි, ඔබගේ කතාව නම් මසුරන් වටිනවා.එහෙම කට්ටිය තමා ඔය තැන තැන ඉන්නේ (නි)

:       0       0

කෝලිත Sunday, 01 June 2014 04:20 PM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කුමාරි Saturday, 31 May 2014 12:21 AM

පරණ ණයක් ගෙවුව කියල හිත හදා ගන්න මහත්තයෝ.... ඒ අයට කවදාවත් හරි මග සොයා ගන්න බැරි වෙයි... අන්තිමට මංමුලා වෙන්නේ මේ වගේ අය තමයි. (ස)

:       0       0

ශාන්ති Saturday, 31 May 2014 01:13 AM

ඇත්තෙන්ම පුදුම මිනිස්සු නේද දැන් ඉන්නේ ? ඔය වගේ අයට කවදාවත් හරි යන්නේ නැහැ. (ස)

:       0       0

දමිත් Friday, 30 May 2014 09:40 AM

මෙහෙම රටක්. (ස)

:       0       0

සිල්වා ගාල්ලේ Friday, 30 May 2014 09:50 AM

එ්කත් දකුණු පළාතේ නේ! ඉතින් අහන්න දෙයක් තියෙනවද? (ස)

:       0       0

රුවන් Friday, 30 May 2014 11:57 AM

දකුණේ ඉඳල කැකිරාවට යන්න පැය හතරකින් බැහැ.හයිවේ එකෙන් ගියත් පැය 6 කට වඩා යනවා.(දිල්)

:       0       0

එච් ආර් සරත් රණසිංහ Monday, 02 June 2014 09:42 AM

ඔය හයර් එකේ මුදලට පාඩමක් ඉගෙන ගත්ත කියල හිත හදා ගන්න. ගමන ගිය අය ඇත්තටම ගියේ එයාලගේ ජීවිතේ මල ගෙදරම තමා. (ස)

:       0       0

මහින්ද Saturday, 31 May 2014 06:20 AM

මමත් එකඟයි කුමාරිගේ කථාවට, කවුරු නැතත් දෙවියෝ ඉන්නවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 546 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1022 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 979 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 866 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 982 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site