IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


උසස් පෙළ පාස්: සුබ පැතුම එස්.එම්.එස්.වලින් යැවුවාම යකා නැගලා

උසස් පෙළ ප‍්‍රතිඵල අන්තර් ජාලයෙන් කඩිනමින් බැලූ තැනැත්තකු තම ඥාති  පුත‍්‍රයකු ඉන් ඉහළින් සමත් බව දැන කාටත් කලින් එය ඔහුට දැන්වීමට  එස්.එම්.එස්. පණිවුඩයක් යැවීය. ඊට ප‍්‍රතිචාර ලැබුණේ නැත.
මේ නිසා පසුදා උදෑසනම ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේ ආරංචිය තහවුරු කර ගන්නටය.
 එහා පැත්තෙන් ආවේ කාන්තා කටහඬකි. මේ ඥාති පුතාගේ මව බව දැනගත් ඔහු ”අක්කේ මම පුතාට සුබ පතලා එස්.එම්.එස්. එකක් එව්වා” කීවා පමණකි.
 ”මේ උදේ පාන්දර මගෙන් මුකුත් අහගන්න එපා. පොඩි එකා විභාගෙ ෆේල් කියලා ඔහොම විහිළු කරන එක වැරදියි” ඇය කීවෙන් ඔහුට තරු පෙනිණි.
 කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ තම ඥාති පුතාගේ නමට සමාන නමක් අන්තර්ජාලයේ තිබුණත් විභාග  අංකය පැටලී තිබුණ බවක්ලූ.



අදහස් (0)

උසස් පෙළ පාස්: සුබ පැතුම එස්.එම්.එස්.වලින් යැවුවාම යකා නැගලා

ධම්ම Wednesday, 20 February 2013 04:43 PM

චින්තා, උපසේන මහත්තයා කොයි ව‍ගේ මනුස්සයෙක්ද මන්දා? (නි)

:       0       0

පෙරේරා Friday, 22 February 2013 08:40 PM

මාමයි බෑණයි දෙන්නම පවු. (නි)

:       0       0

අශේන් Thursday, 21 February 2013 11:19 AM

කොරේ පිටට මරේ (දී)

:       0       0

අශාන් Thursday, 21 February 2013 11:16 AM

තරු පෙන්න ඇති කට්ටියට (දී)

:       0       0

අසමින් Thursday, 21 February 2013 11:16 AM

වදින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටිලා (දී)

:       0       0

අජිත් Thursday, 21 February 2013 11:19 AM

ඇත්තටම මානසිකව වැටිලා ඉන්න ළමයෙකුට ඒක මාරු පහරක් (දී)

:       0       0

චමින්ද Wednesday, 20 February 2013 04:53 PM

ටොම් පචයක් නේද?(නදී)

:       0       0

සුපුන් Thursday, 21 February 2013 11:30 AM

අනේ මෙහෙමත් රටක් (දී)

:       0       0

වේහා Sunday, 24 February 2013 06:27 AM

මතක විදියට නම එන්නෙ නැහැ. අනික නොම්බරය හිතලා ගහන්නත් බැහැ. (නි)

:       0       0

ටීමා Wednesday, 20 February 2013 05:50 PM

විභාග අංකයෙන්නේ ප්‍රතිඵල බලන්න පුලුවන්. (නි)

:       0       0

සේපාලි Thursday, 21 February 2013 10:14 PM

දැන් විභාග අංකය ඇතුළත් කළහම නමත් එනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 11:35 AM

ඔවු ඔවු. ඔහොම ඒවා නම් වෙනවා. (නි)

:       0       0

චින්තා Wednesday, 20 February 2013 12:04 PM

උසස් පෙළ ප්‍රතිඵල නමින් හොයන්නේ කොහොමද? විභාග අංකයෙන් පමණයිනේ පුලුවන්. (නි)

:       0       0

ආනන්ද Wednesday, 20 February 2013 07:46 PM

මේක ප්‍රභන්ධයක්ද? (නි)

:       0       0

අසේල Monday, 25 February 2013 08:54 AM

ඕකට තමයි කියන්නේ වදින්න ගිය දේවාලය හිසේ කඩාගෙන වැටුණා කියලා. (නි)

:       0       0

පහන් Wednesday, 20 February 2013 12:54 PM

අපේ පැත්තේ මනුස්සයෙක් හිටියා, එයාට විබාග ගැන දැනුමක් නැහැ. ඒත් හැමෝගෙන්ම ප්‍රතිපල අහනවා. මගෙනුත් ඇහුවා (ඒ කාලේ වැඩ 4 යි උසස්පෙළට ). මම කිව්වා පී 2යි කියු 2යි කියලා. මට කිව්වා ඊලග පාර උනන්දු වෙන්න කියලා. (නි)

:       0       0

බමුණූසිංහ Wednesday, 20 February 2013 01:22 PM

ටිකක්වත් බොරු නෙමෙයි නම් කතාව මරු. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 February 2013 09:59 AM

සේපාලි කියන විදිහට දැන් විභාග අංකය ඇතුළත් කළහම නමත් එනවා කියන එක ඇත්ත. මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් ඒ පහසුකම වැඩි දියුණු කරලා තියෙන්නේ. තාක්ෂණය දියුණු වුනාම අපි ඒවා අපගේ වුවනාකම් ඉටු කරන්න නිවැරදිව භාවිතා කිරීමේ කිසිම වරදක් නැත. වරද තියෙන්නේ තාක්ෂණය වැරදි ආකාරයට හා අනුන්ට හිරිහැරයක් වන පරිදි භාවිතා කිරීම තුළයි. මෙහිදී තාක්ෂණය අනුන්ට හිරිහැරයක් වන පරිදි භාවිතා කර නැතත් ඒ පහසුකම භාවිතා කිරීමේ දී දක්වා ඇති නොසැලකිල්ල මත යම් හෙයකින් සිත් රිදවීමක් සිදු වී තිබේ. මදක් සැලකිලිමත් වුවා නම් ඒ සිත් වේදනාව ඇති නොවන්නට ඉඩ තිබිණ.(නදී)

:       0       0

ලාල් Thursday, 21 February 2013 02:19 PM

ඇත්තනේ ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා අන්නා වගේ වැඩක්නේ (දී)

:       0       0

ලාල් Wednesday, 20 February 2013 02:31 PM

අන්න දෙයියෝ සාක්කි (දී)

:       0       0

තාරක Wednesday, 20 February 2013 03:02 PM

පව් අසරණයා (දී)

:       0       0

ගාමින්ද Wednesday, 20 February 2013 03:22 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

දෝහා Thursday, 21 February 2013 09:51 AM

විභාග අංකය නොදැන කොහොමද ප්‍රතිඵල බලන්නේ? (නි)

:       0       0

සූසන් Wednesday, 20 February 2013 03:34 PM

මොනවා වුණත් හිනායනවා. (නි)

:       0       0

වික්ස් Thursday, 21 February 2013 10:08 AM

පහන්ගේ කතාව මරු මීට වැඩිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site