IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කැඩුණු බයිසිකලේ සයිලන්සරයට තට්ටු දමා රු 80ක් කඩාගෙන

(තිහගොඩ - උපසේන ලියනගම)
කාර්යාලයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. තමා ගමන් ගන්නා යතුරුපැදිය ගරාජයක නැවැත්වූයේ එහි ධාවන වේගය ඉතාම අඩු බව පවසමිනි.
යතුරුපැදිය පරීක්‍ෂා කළ සේවකයා එය පණ ගැන්වීමට සලස්වා වේගය වැඩිකොට සිවු වරක් එහි දුම් බටයට ලී මිටියකින් පහර ගැසීය.
විශාල කළු දුමක් පිටවිය. යළිත් සිවුවරක් තට්ටු කළ විට තද කළු දුම අඩුවෙමින් පිටවිය.


”වැඬේ හරි” නිලධාරියාට කී ඔහු ගාස්තුව රුපියල් අසූවක් බව කීය. ඔහුට තරු පෙනිණ. ”එතකොට එක තට්ටුවක් රුපියල් දහයයි” ඔහු කීවේ සාක්කුවෙන් මුදල් අදින ගමන්ය.


”තට්ටුව නෙමෙයි සර් මගේ තාක්‍ෂණයයි සර්ගෙ තත්ත්වයයි එක්ක ගාන කීවේ” කී ඔහු රුපියල් සියයේ නෝට්ටුව මිට මොලවා ගෙන නිලධාරියාට රුපියල් විස්සක් දුන්නාලූ. ගාල්ලේ උප නගරයකින් ඇසුණු සත්‍ය පුවතකි.



අදහස් (0)

කැඩුණු බයිසිකලේ සයිලන්සරයට තට්ටු දමා රු 80ක් කඩාගෙන

මාලි Saturday, 18 October 2014 12:08 PM

ගත්ත ගනන නම් මදි මොකද නිලධාරියෙක් උනාට ඒ වැඩේ තනියම කරගන්න තරම් මොලයක් තිබිල නෑ (නදී)

:       0       0

ජගත් Friday, 17 October 2014 10:56 AM

කරපු වැඩේට ගත්ත මුදල සාධාරණයි.(හේ)

:       0       0

කුමාර Thursday, 16 October 2014 10:58 AM

කරපු වැඩේ පුංචි වුනාට , ලෙඩේ හොයාගන්න එයා ඉගෙන ගන්න ඕන නේද ? ඒකට කොච්චර කාලයක් වියදම් කරන්න ඇතිද අපි ඒ ගැනත් කල්පනා කරන්න ඕනේ. (හේ)

:       0       0

මංජුල Thursday, 16 October 2014 11:12 AM

80 නම් හොදටම මදි.මම නම් පටන් ගන්නේ 250 ඉදලා.හැමෝම කියනවා සාධාරණයි කියලා.(හේ)

:       0       0

ජස්ටින් Saturday, 18 October 2014 05:20 AM

ඉතින් තමන්ම තට්ටුව දාගත්තා නම් ඉවරනේ. 80ත් ඉතුරුයි (නි)

:       0       0

නාලක Friday, 17 October 2014 03:01 AM

ලංකාවේ දුම් පරීක්ෂණ නම් ඉතා ඉහළ මට්ටමක තිබෙන බව ඔප්පු වෙනවා (නි)

:       0       0

මාලිකා Friday, 17 October 2014 03:09 AM

තමන් නොදන්නා දේ නේද ඒ මනුස්සයා කරලා දුන්නෙ? ඒකම මදිද ? (නි)

:       0       0

මොහාන් Thursday, 16 October 2014 04:44 AM

දොස්ත්රලා අත අල්ලලා 1500ක් ගන්න කාලේ සයිලන්සරයට තට්ටු දමා රු 80ක් ගත්තම මොකෝ. (අ)

:       0       0

අශෝකා Saturday, 18 October 2014 05:53 AM

මෙන්න වැඩකාරයො.. (අ)

:       0       0

ගුණවර්ධන Thursday, 16 October 2014 12:37 PM

බයිසිකලේ සයිලන්සර් එකට තට්ටුවක් දල රු.80 ම ලබා ගත්ත කොච්චර දෙයක්ද ? කාන්තාවකට තට්ටුවක් දැම්මොත් කොයින් කෙලවර වෙයිද ? (ස)

:       0       0

ඩයස් Saturday, 18 October 2014 06:36 AM

මට හිතෙන්නේ සාධාරණ ගාණක් කියලයි.. ඔහුට ඒ දැනුම නැති නිසානේ ගරාජට ආවේ. (ස)

:       0       0

කිරි ගමරාල Thursday, 16 October 2014 05:42 AM

කළු දුම අවම කිරීමට සහ ධාවන වේගය වැඩිකිරීමට ධනේශ්වර පන්තියේ අතිධාවනකාරී විසඳුම. (ස)

:       0       0

අජිත් Thursday, 16 October 2014 02:10 PM

ඇත්තටම ඔහු අවංක සේවක මහත්මයෙක්. සාදාරන ගානක්. කොහොම හරි වැඩේ හරි නම් එච්චරයි. (නදී)

:       0       0

රුවන් Thursday, 16 October 2014 06:15 AM

හොඳ අවංක සේවකයෙක්.නැත්නම් බොරුවට කාබලේටරේ ගලවල,බෝර් එක ගලවල සුද්දකරලා සයිලන්සරෙත් සුද්දකරලා රුපියල් 2000ක විතර බිලකුත් දෙන්න තිබුන. (ස)

:       0       0

විරාජ් Thursday, 16 October 2014 06:39 AM

ඒ විතරක්ද මොහාන්, අලුත් සෙල්ලම ඔයා දන්නවද? දොස්තර මහත්තයාව කලින් චැනල් කරලා එනවා නම් 1500යි. ඊටපස්සේ චැනල් එකක් ගන්න ගියාම කියනවා අද දොස්තර මහත්තයා බලන්නේ 25 යි, 26 වෙනියා බලනවා නම් 2000 යි කියලා. ඉතින් තට්ටු හතරක් දාන්න රු.80ක් ගත්තට මක්වෙනවද? (නි)

:       0       0

අජිත් Thursday, 16 October 2014 03:37 PM

මොකද වැඩේ කරගන කියවන්නේ නිකන් කරන්න බැහැනේ ඒ මනුස්සය ජීවත් වෙන්නේ නැද්ද (අ)

:       0       0

සඳුන් Friday, 17 October 2014 05:54 AM

මට එකේ වැරැද්දක් පේන්නේ නෑ. ඒක ඒ මනුස්සයාගේ දැනුම විකිණීමක්. අපි කවුරුත් තට්ටු කරන්න දන්නවා , එත් සයිලන්සර් එකේ දැලි බඳුනම එන්ජින් එකේ හරියට වැඩ නෑ කියල දන්නේ කී දෙනාද? (ස)

:       0       0

ශ්‍රීලාල් Sunday, 19 October 2014 09:41 PM

ගොඩාක් අය සෝබනයට සුපිරි ආපනශාලා වලට ගොස් දස දහස් ගණන් කිසිම ලෝභකමක් නැතුව වීසිකරනවා. මේ වගේ අහිංසක අවංක කෙනෙකුට දෙන රුපියල් අසූවකට වැළපෙනවා.අද රුපියල් අසූවක් කියන්නේ මොකක්ද? (නි)

:       0       0

සමන් හේවාසුරිය Thursday, 16 October 2014 06:59 AM

ඕක මොකක්ද ? ගිය සතියේ මගේ සයිලන්සරයට තට්ටුවක් දාලා සුරිය වැව බාස් කෙනෙක් රුපියල් 100 ක් ගත්තා උදේම වැඩේ කියා (නදී)

:       0       0

ටෙරාන් Friday, 17 October 2014 08:31 PM

ගණන වැඩි නම් ඉතින් අයිතිකාරයටම තට්ටු කරගන්න තිබුනනේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 16 October 2014 08:09 AM

වැඩේ කරලා දුන්නට පස්සේ කරු කුරු ගාලා වැඩක් නැහැ. රු 80 වැඩේ කරලා දුන්න සතුටට තව රු 20 එකතු කරලා රු 100 යම දෙන්න තිබුනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 80 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 807 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 714 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 582 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 287 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 259 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site