(අයගම ඩබ්ලිව්.පී. විජේතුංග)
කොණ්ඩය කැපිල්ල පසෙකට දමා රාජකාරිය දේවකාරිය ලෙස සලකා බාගෙට කපන ලද කොණ්ඩය සහිතව ගොස් කසිප්පු ඇල්ලූ පොලිස් නිලධාරියෙකු ගැන අයගමින් වාර්තාවේ.
මොහු අයගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් 23740 සරත්චන්ද්‍ර මහතාය.
උඩුගල ප‍්‍රදේශයේ රාජකාරි කටයුත්තකට ඔහු ගියේ තවත් පොලිස් නිලධාරියෙකු ද සමගය. එසේ ගිය ඔහු සහෝදර පොලිස් නිලධාරියාට ඉදිරියට යන්න ඉඩ දී සැලූන් එකක් ළඟ නතර වුණේ කොණ්ඩය කපා ගැනීම සඳහාය.
කොණ්ඩය කපන අතරතුර ඉදිරියට ගිය සිය සගයාගෙන් හදිසියේ දුරකතන ඇමතුමක් ලැබිණි. එම දුරකථන ඇමතුමෙන් පැවසුවේ කසිප්පු රැුගෙන එන පුද්ගලයකු ඉදිරියෙන් පැමිණෙන බවය. ඒ වන විට කොණ්ඩය අඩක් කපාගෙන සිටි මෙම පොලිස් නිලධාරියා කොණ්ඩය කපා ගැනීම පසෙකට දමා වහා ක‍්‍රියාත්මක වී සිය සගයා සමග කසිප්පු රැුගෙන එන පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හවුල් වූ අනෙක්් පොලිස් නිලධාරියා වන්නේ අයගම පොලිසියේ පොලිස් කොස්තාපල් 12484 ජයලත් මහතාය.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොණ්ඩය කැපිල්ල බාගෙට දමා රාලහාමි රාජකාරියට දුවයි
අහිංසක Saturday, 19 September 2015 11:56 AM
රාජකාරි වෙලාවේ කොන්ඩේ වැවෙන්න හොඳනම් රාජකාරි වෙලාවේ කැපුවම මොකද වෙන්නේ? (ම)
සම්පත් Monday, 21 September 2015 07:40 AM
මෙම නිලධාරියට එරෙහිව ආයතන සංග්‍රහය අනුව විනය පරීක්ෂණයක් කළ හැකියි (අ)
පතිරණ Tuesday, 22 September 2015 06:54 PM
පොඩි මිනිස්සු වැරැද්දක් කළොත් නම් මෙයාලා රාජකාරිය දේවකාරිය කරගෙනයි අල්ලන්නේ (නි)
රෝහිත Sunday, 20 September 2015 06:40 AM
උපක්‍රමයක් විදියට එයාව සැලූන් එකේ නතර කරලා ගියා වෙන්න බැරිද? (නි)
පහන් Saturday, 19 September 2015 03:56 AM
නැහැ පොලිසියේ අය කරන්නේ අමාරු රාජකාරියක් එයාලට ඕෆ් වෙන වෙලාවක් නැහැ සිවිල් අදගෙනත් පොලිසියේ .දන්නා කියන අය ඉන්නවනම් අහල බලන්න එයාල කරන්නේ පැය අටේ රස්සාව නෙමේ .ඉතින් කොන්ඩේ කපාගන්න වෙලාවක් නැහැ . (අ)
නලින් Saturday, 19 September 2015 04:03 AM
රාජ කාරී වෙලාවට, රාජ කාරී වෙලාවේ වැවුන කොණ්ඩය කැපුවට කමක් නෑ මම හිතන්නේ. අනිත් වෙලාවට වැවුන කොන්ඩ ටික ඉතුරු කරනවනේ. තට්ටයටම ගාන්න තහනම්. අපි මේ අයට සමාව දෙමු. පොලිසියේ අයට රාජකාරි බහුලයි නේ. අනික කොහොම හරි රාජකාරිය කරලනේ. ධනාත්මකව හිතමු. (අ)
රුපවති Sunday, 20 September 2015 06:25 PM
අනිවාර්යෙන්ම සල්ලි දෙන්න වෙනවට තමයි ඔය යාලුවත් එක්ක කතාවෙලා...සුපර් මෑන් වගේ පැනල දුවල තියෙන්නේ..? (ම)
රාධා Saturday, 19 September 2015 01:24 PM
කොණ්ඩය කපන්න ගියේ ඔත්තුවක් බැලීම සඳහා නම් එය රාජකාරියට අයත් වේ. (නි)
නිමලරාජ් Sunday, 20 September 2015 07:06 AM
රාජකාරි වෙලාව යොදාගෙන ඇත්තේ පුද්ගලික දේවලට මුත් ඒවා පසෙකලා රාජකාරිය කිරීම අගය කළයුතු දෙයකි (නි)
දිනේෂ් Saturday, 19 September 2015 01:53 PM
අනේ අම්මපා මේ මිනිස්සු ! (නි)
ප්‍රංශයේ - සුජීව Monday, 21 September 2015 01:39 PM
හොද නිලධාරියෙක් (බ)
ටෙනිසන් Saturday, 19 September 2015 02:31 PM
මේ රාළහාමි කොණ්ඩය කපන්න ගිහින් තියෙන්නේ වැරදි වෙලාවකනේ (නි)
දුමින්ද Saturday, 19 September 2015 05:24 AM
දැන් කාගෙ කොන්ඩයද කපන්නේ (ම)
තුවාන් Sunday, 20 September 2015 08:19 AM
හොද දෙයක් අගය කරන්නත් හිතක් ඕන!!(ම)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 19 September 2015 03:50 PM
රාජකාරී වෙලාවේ සතුටු සාමීචියේ යෙදෙමින්, පම්පෝරි ගසමින් සිට කෑම වෙලාවේදී ෂොපින් මාර්කට් යන රජයේ සේවයේ නියුතු අනෙකුත් බොහෝ දෙනාට වඩා මෙම නිලධාරීන් දෙදෙනා දඹුලුත් ගිහින් දඩයමත් කරගෙනනේ ඇවිල්ලා තියෙන්නේ ..... (නි)
සහන් Monday, 21 September 2015 03:33 AM
රාජකාරී වේලාවෙන් පිට වුණත් ගොඩක් වෙලාවට අපිට රැකියාව කරන්න වෙනවා. මන් එස්අයි ඉන්න කාලේ රැට කන බත්පත තියලා රාජකාරියට යනවා. තාත්තගේ අවසන් කටයුතු දවසේ උදේ ගියා හික්කඩුවේ කුඩු ඔත්තුවක් ගැන බලන්න. මේ මහත්මය සමහරවිට රාජකාරියෙන් පිට වෙලාවක දී වුණ සිද්ධියක් වෙන්න ඇති.(ම)
අමල් Monday, 21 September 2015 03:59 PM
ඉතිරි බාගේ තව සැලූන් එකකින් නොමිලේ කපාගන්න ඇති (අ)
මහේෂ මුතුකුඩ Saturday, 19 September 2015 07:42 AM
මම හිතන්නේ නිලධාරියාගේ වරදක් නෑ. (ම)
රෙජි-සිඩ්නි Monday, 21 September 2015 04:30 AM
තමන්ගේ වැඩ කරගත්තට වෙලාව ආවම රාජකාරියත් ඉටුකළානේ. අනික කොන්ඩෙ තොප්පිය දාගත්තම පෙන්නේ නැහැනේ. පසුව ඇවිත් ඉතිරි ටික කපාගන්න ඇති. (බ)
මහින්ද Sunday, 20 September 2015 11:05 AM
බාබර්ගේ ගාස්තුව දුන්නද? (ම)
රුචිර Friday, 18 September 2015 07:05 PM
රාජකාරි වෙලාවේ කොණ්ඩය කපන්න යන්න පුළුවන්ද? (නි)
විජිත Friday, 18 September 2015 07:11 PM
රාජකාරි කරන වෙලාවේ කරලා තියන්නේ පුද්ගලික වැඩනේ (නි)
පාලින්ද Friday, 18 September 2015 07:41 PM
කමක් නැහැ මහත්තයෝ, කොණ්ඩය නම් පස්සේ හරි කපාගන්න බැරියෑ.කසිප්පුකාරයා පැනලා ගියොත් මොනවා කරන්නද?මොනවා වුණත් රාජකාරියට අවංකවම කැපවුණ නිලධාරීන් දෙදෙනෙක්. (නි)
නිමල් බණ්ඩාර Saturday, 19 September 2015 07:12 PM
සරාගොයියා පොලිස් මතක්වුණා (නි)
සෑම් Friday, 18 September 2015 09:17 PM
රාජකාරිය කරන අතරතුර ගිහින් කොණ්ඩය කපන එකත් වරදක් නේද? (නි)
ෆර්සාන් Friday, 18 September 2015 09:46 PM
උතුම් වූ නිලධාරීන් දෙපළක් (නි)
පිටබැද්දර ජයා Friday, 18 September 2015 11:04 PM
මේ රාළහාමි රාජකාරි වෙලාව තුළ තම පුද්ගලික කටයුතු සඳහා නේද මේ කාලය වැයකරලා තියෙන්නේ? (නි)
සිරිමෙවන් Saturday, 19 September 2015 09:37 PM
නලින්ගේ අදහසට මාත් එකඟයි (නි)
චන්ද්‍රසිරි Sunday, 20 September 2015 12:48 PM
එතුමා කපාගන්න ඇත්තේ රාජකාරි වෙලාවේ වැවුණු කොණ්ඩය වෙන්න ඇති (නි)