IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කුණු ගො​ෙඩ් බීර පුපුරද්දී පපුව හෝස්ගාලා පිච්චිලා

(හොරොව්පොතාන පැතුම් දර්ශන)
බීර බෝතල් 10ක් මිලට ගෙන බිරිඳට හොරෙන් ගෙවත්තේ රොඩු ගොඩක සඟවා ටික ටික පානය කරන්නට හැදු බේබදු සැමියකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ බිරිඳක් පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.


ඔහු තදින් මතට ඇබ්බැහි වූවෙකි. කාලාන්තරයක් තිස්සේ පැවැති පුරුද්දකි. වෙන මොන දේට නැතත් ඒ දේට ඔහු අත දිග හැර වියදම් කළේය. දරුවන් ලොකු මහත් වී වෙන් වී ගොස් ඇති නිසා තම විශ්‍රාම වැටුප මත්පැන් සඳහාම වියදම් කළේ කිසිදු වගකීමකින් තොරවය. දරුවන් මාස්පතා මුදලක් නොදෙන්නට නිවසට හාල් ඇටයක්වත් නැත. බේබදුකම අත්හැර වන්නට බිරිඳ ඇතුළු දරුවන් නොකළ දෙයක් නැත.


පවතින ඇඳිරි නීති තත්ත්වයත් සමග දිවයිනේ සියලු‍ සුරාසල් වසා දැමීම හේතුවෙන් ශෝකයට සහ වේදනාවට පත් බේබද්දන් අතර ඔහුද සිටියේ ඉදිරියෙනි.


ඇඳිරි නීතිය ඉවත් කළ දිනක වැසූ සුරාසල් විවෘත කරන බවට රාත්‍රී විකාශය වූ ප්‍රවෘත්තියකින් දැනගන්නට ලැබිණි. හිතට දැනුණ සතුට කියා නිම කළ නොහැක. රාත්‍රිය බොහෝ දුර විය. නින්ද ගියා නොගියා සේය.


‘‘හෙට උදේම යන්න ඕන නැත්නම් පෝලිමේ ඉඳලා එපා වෙනවා”‍ යැයි කල්පනා කළ ඔහු උදෑසනම කාටත් නොකියාම අදාළ ස්ථානයට ගොස් වරුවක් පෝලිමේ සිට ලොකු පොර බැදීමකින් පසුව බියර් බෝතල් 10ක් මිලට ගත්තේය.


කවුරු දැක්කත් කමක් නැත බිරිඳ දුටුවොත් විනාශය. ඉතා අපහසුවෙන් නිවසට ගෙන ආ බියර් බෝතල් නිවසේ ගෙවත්තේ ටික දිනකට ඉහතදී තමන් විසින්ම ගොඩ ගසා තිබූ කුණු (රොඩු) ගොඩක සඟවා ඇත්තේ බිරිඳට නොපෙනන පරිදිය.


‘‘පේනවා නේද මේ මිනිහගේ කපටිකම දහජරාව ගෙනැල්ලා හංගගෙන බොනවා. කරන්නං උන්දැට මම හොඳ වැඩක්”‍ සියල්ල රහසේ බලාගෙන සිටි බිරිඳ තරහින් පිපුරුවාලු‍.


පැය කිහිපයක් ගත විය නිවසේ ගෙවත්තෙන් ඇසුනෙ යමක් පුපුරණ හඬ ය. කුමක්දැයි හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වුවත් වත්ත පහළට දිව ගියේ ඉබේමය. සිදුව ඇත්තේ මහත් විනාශයකි. ගිනි ගන්නේ කුණු ගොඩ ය. පුපුරන්නේ බෝතල් ය. දින ගණනක් තලු‍මරමින් බොන්නට තිබූ බියර් බෝතල් ටික ගින්නකින් විනාශ වී ගියේය.


‘‘අනේ මේ මොන විනාශයක්ද කළේ ගෑනියේ? උඹට මොන යකා වැහිලද? මීට වඩා හොඳයි මාව මැරුව නම් යකෝ.!”‍ කියමින් වේදනාවෙන් කෑ ගැසුවාලු‍. බිරිඳ නම් වගේ වගක් නැතිව සිටියාලු‍.

 



අදහස් (1)

කුණු ගො​ෙඩ් බීර පුපුරද්දී පපුව හෝස්ගාලා පිච්චිලා

Sanath Saturday, 09 May 2020 05:33 AM

හදවත පිච්චිලා ගියා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site