අලුත් අවුරුද්ද නිමිති කරගෙන සිය හෝටලයේ වැඩ කරන සේවකයකුගේ නිවෙසට ගිය මුදලාලි කෙනකුට තමන්ගේ හෝටලයේ සිටි පූසාද අහිමි වී ගිය සිදුවීමක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් කඩ සාප්පු, වෙළඳසල් වසා දමන ලදී. සිද්ධිය වූ හෝටලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් වසා දැමීමට එම හෝටලයේ අයිතිකරු කටයුතු කළේය.
ඒ අනුව මෙම හෝටලයේ අයිතිකරුද නෑදෑ ගමනකට සූදානම් විය. හෙතෙම තමන්ට බෙහෙවින්ම ලෙන්ගතු තම හෝටලයේ වැඩකරන සේවකයෙකුගේ නිවෙසට නෑගම් යාමට තීරණය කළේය. මෙම ගමනට හෝටලයේ වැඩකරන අනෙක් පිරිසද එක් කර ගැනීමට ඔහු කටයුතු කළේය. ගමනට අවශ්‍ය කැවිලි - පෙවිලි හා බිස්කට් වර්ග ද තමන්ගේ හෝටලයෙන් ලබාගැනීමට මුදලාලි කටයුතු කළේය.
හෝටලය වසා ගමනට පිටත් වන්නට ලෑස්ති වන විට හෝටලය ඇතුළේ සිටි පූසා කෑ ගසන්නට විය. මුදලාලිට දුක හිතුණේය. හෙතෙම “උඹ හැමදාමත් මියන්ගෙන් කඬේ ආරක්‍ෂා කරලා දුන්නා. අද තනියට මේක ඇතුළෙ ඉන්න ඕනෑ නැහැ. එහෙනම් අපිත් එක්ක අවුරුදු කන්න යමන් කියා” පූසාද දෑතින් වඩාගෙන පිරිස සමග ත්‍රිරෝද රථයකින් නෑදෑ ගෙදරට පිටත් විය.
නෑදෑ ගෙදරදී පිරිස සේවකයා ඇතුළු පවුලේ උදවිය උණුසුම් ලෙස පිළිගත්හ. ඔවුනට බත බුලතින් සංග්‍රහ කර පදමට මත්වතුර ටිකකින් සංග්‍රහ කිරීමට ද අමතක නොකළේය. රෑ බෝවී ගෙන එන නිසා සියලු දෙනාම එකිනෙකාට සමුදී තම තමන්ගේ නිවෙස්වලට යාමට නෑදෑ ගෙදරින් පිටත්වීමට සූදානම් වූහ. ඒ අතර තුර තමන් සමග නිවෙසට රැගෙන ආ කඬේ සිටි පූසා මුදලාලිට මතක් විය. හෙතෙම වෙරි මතින් පූසා දෑතට ගෙන ත්‍රිරෝද රථයට ගොඩවෙන්න ලෑස්තිවනවාත් සමගම පූසා මුදලාලිගෙන් මිදී කැලේට දුවන්නට විය.
ඉන් පසුව පිරිස එකතු වී පූසා අල්ලා ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය. එන්න එන්නම කළුවර වැටෙමින් තිබුණි. “මුදලාලි නෑදෑ ගෙදරක ඇවිත් කඬේ පූසාත් නැති වුණා කමක් නැහැ එහෙනම් මූ හාම්පුතාගෙ ගෙදර පදිංචි වුණාදෙන් අපි යන්න යමු යැයි කියා” පිරිස සමග නැවත තම තමන්ගේ නිවෙස්වලට ගියාලු.
(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කඬේ පූසාත් අරන් මුදලාලි නෑගම් ඇවිත්
දිල්ශාන් Wednesday, 20 April 2016 11:16 AM
අහිංසක පූසා ! බේබදු මිනිසෙක් නිසා දුකට වැටුන අහිංසක සතා. කවදාවත් පූසෙක් වෙන තැනකට ගෙනියන්න එපා. (අ)
පිටබැද්දර ජයා Tuesday, 19 April 2016 12:54 PM
මනෝරිගේ දඩෝරි කළු බල්ලත් දවසක් ඔහොම පැනල ගියා නේද ? (බ)
කරුණාරත්න Wednesday, 20 April 2016 07:45 AM
දැන් ඒ පූසා කොහේද දන්නෙ නැහැ. ඌ අතරමංවෙලා ඇති (නි)
චින්තක Wednesday, 20 April 2016 09:54 AM
තම ආගමට මුවා වී අහිංසක සත්තු මරාගෙන කන අය ඉන්න රටක මෙවෙනි මිනිසුන් වාසනාවන් (බ)
මනෝරි Tuesday, 19 April 2016 12:11 PM
පහුවදා ගිහිල්ල කතා කලානම් පුසා එයි. සත්තු එහෙම මිනිස්සුන්ව අතහරින්නේ නෑ. බීල වාහනයට දාගන්න හැදුවම පුසෙක් තියා මනුස්සයෙක්වත් එනවද? (හේ)