වගා කටයුතු න්‍යායිකවත්, ප්‍රායෝගිකවත් උගත යුත්තකි. කෘෂිකර්ම උපාධිධාරීන් පවා වගා කටයුතු න්‍යායිකවත් ප්‍රායෝගිකවත් හදාරන්නේ එහෙයිනි.
කෘෂිකර්මය හදාරන සිසුන් විසින් වගා කළ බිමක අඩුපාඩු බලන්නට කෘෂිකර්ම උපදේශකයා ගියේ පසුගිය දිනක උදෑසනමය. බටු වගා කර ඇති ප්‍රදේශයේ යමින් සිටි කෘෂිකර්ම උපදේශක දුටුවේ උදෑසනම වැඩට ආ කම්කරුවකු ඒ වගා බිමේ වැවී තිබූ තණකොළ සුද්ද කරමින් බටු පාත්තියට සාත්තු කරන හැටිය. “බොහොම හොඳා. එහෙම තමයි වැඩ කරන්න ඕනේ.” කෘෂිකර්ම උපදේශකයා කම්කරු තරුණයා දිරි ගන්වමින් කියා සිටියේය. “හොඳටම තණ කොළ වැවිලා සර්. මම කොහොමටත් උදේම වැඩට එනවා. මේ ටික සුද්ද කරලා දාන්න හිතුණා.” ඔහුද කීවේ ගරුසරු දක්වමිනි. මේ කම්කරු තරුණයා හැඩිදැඩිය. කඩිසරය. අවංකය.
කම්මැලි නැති ඔහු වගා කටයුතුවලට සාත්තු කරන්නේ ගොවියකුගේ සැබෑ ගතිලක්‍ෂණ පෙන්වමිනි. “වම්බටු ටිකට තෙල් ටිකක් ගහන්න වෙයි. ඕක නවත්වලා වම්බටු කඩලා තෙල් ටිකක් ගහන්න.” කෘෂිකර්ම උපදේශකයා එසේ කියා ගොවිබිමෙන් ඈතට ගියේය.
පැය භාගයකට පමණ පසු නිලධාරියා ආපිට ආවේ කම්කරුවා වැඩ කරමින් සිටි ස්ථානය හරහාය. වම්බටු සියල්ල කඩා ගෝනියකට දමා වම්බටු පිරවූ ගෝනියට තෙල් ගසනු දුටු නිලධාරියාට තරු විසිවිය. “මොකක්ද යෝධයෝ මේ කළේ” “ඇයි සර්මනේ කිව්වේ වම්බටු කඩලා තෙල් ගහන්න කියලා.” “තමුසේ මහ මෝඩයෙක්නෙ. මම කිව්වේ වම්බටු කඩල ගස්වලට තෙල් ගහන්න කියලයි.” සරුවට වැඩී තිබූ වම්බටු ටික කම්කරුවාගේ ඔලුවේ හලා නිලධාරියා කාර්යාලයට ගියේ “ඇඟේ තරමට මොළේ නෑනේ” කියමිනි.
(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කම්කරුවාගේ වැඩෙන් කෘෂිකර්ම නිලධාරියා ඔල්මොරොන්දම් වෙලා