IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා ගුලියක් දී අලුත් රියැදුරා මුදලාලිට විදලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
කොරෝනාවට බියෙන් තම ජංගම අලෙවි රථය කුලී රියැදුරකුට බාර දී සවසට මුදල් පමණක් අතට ගත් හිමිකරුවකුට කොරෝනා වෙට්ටුවක් දමා කුලී රියැදුරා මුදල් කඩා ගැනීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඔහු බේකරි නිෂ්පාදන ව්‍යාපාරිකයෙකි. තම අලවි රථයෙන් ගමින් ගමට ගොස් තම බේකරි නිෂ්පාදන අලවි කරමින් යහමින් මුදල් උපයන්නට විය. ගෝලයකු ද ගෙන තම ව්‍යාපාරය කරගෙන ගියේ වැඩිපුර ප්‍රදේශවලට ගොස් බේකරි නිෂ්පාදන අලවිකර වැඩි ආදායම් ඉපයීමේ අරමුණ ඇතිවය.


එහෙත් තෙවැනි වරටත් රට පුරා පැතිර යන කොරෝනා රැල්ල ගැන බේකරි මුදලාලිට මහත් බියක් ඇති වූයේ ඉන්දීය ජනයා කොරෝනාවෙන් මිය යන අයුරු රූපවාහිනියෙන් දැකීමෙන් අනතුරුවය.


පසුව බේකරි නිෂ්පාදන ව්‍යාපාරිකයා තම ජංගම වෙ​ෙළඳ රථයට කුලී රියැදුරකු ගැනීමට තීරණය කළේය. ඔහුගේ බිරිය ද කොරෝනා බියෙන් නිවෙසටම වී කාලය ගත කරන්නට වූවාය.


දින කීපයක් ගත වීමටත් පෙර අලුත් රියැදුරා මුදලාලිගෙන් ලොකු මුදලක් කඩා ගන්නට සිතීය. එදින වෙළෙඳාමෙන් ඉහළ ආදායමක් ද ලැබුණි. සවස වෙළෙඳාම් නිමවා ව්‍යාපාරිකයා හමුවට ගිය රියැදුරා මෙසේ කීවේය.


මුදලාලි අද නම් මම ගියේ ඉතාම අවදානම් ප්‍රදේශවලට. මේ සල්ලි පැය අටක්වත් යනකල් ගණන් කරන්න එපා යැයි කියමින් රියැදුරා ව්‍යාපාරිකයාට සුපුරුදු මුදල් බෑගය දුන්නේය. එය අතටවත් නොගත් ව්‍යාපාරිකයා මුදල් බෑගය වාහනයේම තබන ලෙස රියැදුරාට කීවේය. ගෙදර වියදමට කියා රුපියල් දහදාහක් ද මුදලාලිගෙන් ඉල්ලා ගත් රියැදුරා පසුදින පැමිණෙන බව කියා යන්නට ගියේය.


පසුදින සියල්ල සූදානම් කර රියැදුරා එනතුරු බලාසිටිය ද ඔහු පැමිණියේද නැත. පසුව වාහනයේ පෙර දින තැබූ මුදල් බෑගය ගෙන ගණන් කිරීමට බලද්දී එහි තිබී ඇත්තේ රුපියල් සියයේ කොළ දෙකක් පමණි.


සියල්ල තේරුම් ගත් මුදලාලි අනේ දෙවියනේ මගේ සල්ලි කියා හිස බදාගෙන විලාප දුන්නේ කිසිවක් සිතාගත නොහැකිවය.



අදහස් (0)

කොරෝනා ගුලියක් දී අලුත් රියැදුරා මුදලාලිට විදලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 173 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 830 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 730 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 589 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 300 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 265 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site