IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොරෝනා ලණුවකට පවුලක්ම අහුවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ස්වයං නිරෝධායන ව්‍යාජ දුරකතන ඇමතුමක් නිසා දිනක් ස්වයං නිරෝධායනයට ලක්වූ පවුලක් පිළිබඳව අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.


ඔහු නගරයේ වෙළෙඳ සලකට ගියේ නිවෙසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීම සඳහාය. වෙළෙඳ සලට ඇතුළුවීමට පෙර දෑත් සෝදාගත් ඔහු වෙළෙඳ සලේ තබා තිබූ පොතේ සිය වංහුං ලිව්වේ කොරෝනා මර්දන නීතියක් නිසාය. ඊට අනුගත වෙමින් සිය ජංගම දුරකතනයේ අංකයද ලිවීමටද අමතක නොකළේය. ගිය වෙළෙඳ සලේ යහමින් සෙනග සිටියේ එම වෙළෙඳ සලේ බඩු මිල ඉතා අඩු බව ගැමියන් අතර තිබු මතය නිසාමය.


වෙළෙඳ සලට ගොස් අවශ්‍ය කළමනා මිලදී ගෙන නිවෙසට ගිය ඔහුත් බිරියත් සමග ඒවා අස්පස් කරමින් සිටියෝය. ඒ නිසාම ඔහුට රෑබෝවෙන වගක්වත් නොදැනුණේය. මෙසේ සිටින අතරවාරයේදී ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේය.


එයින් තමා අසවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක යයි හඳුන්වා දුන් කෙනෙකු ඔහුට කතා කළේය. ඔහු ගිය වේලාවටම නගරයේ වෙළෙඳසලට කොරෝනා ආසාදිතයකු පැමිණ ඇති බවත් මේ නිසා ඔහු සහ ඔහුගේ පවුලේ අය මේ මොහොතේ සිට ස්වයං නීරෝධායනයේ යෙදිය යුතු බවත් එම දුරකතන ඇමතුමෙන් කීවේය.


මේ සමගම කලබල වූ ඔහු මේ ආරංචිය සිය බිරියටත් කීවේය. කලබල වූ බිරිය වැඩේ හතර අතටම වැනුවාය. මෙය සත්‍යයක් දැයි සොයා බැලීමට ඔහු නගරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දුරකතන ඇමතුමක් ගත්තේය. 


රෑ බෝවී තිබූ නිසා එම කාර්යාලයද වසා දමා තිබිණ. තමා ගිය නගරයේ වෙළෙඳ සල පිළිබඳව සිය මිතුරකු ලවාද සොයා බැලුවේය. වෙනදා රාත්‍රිය වන තෙක් විවෘතව තිබූ තමා ගිය වෙළෙඳ සල එදා වේලාසනින්ම වසා දමා ඇති බව මිතුරා මාර්ගයෙන් දනගත් ඔහු දුරකතන ඇමතුම හරි යයි සිතුවේය.


ඒ තමා ගිය වෙළෙඳ සලේ ඒ වේලාවේ සිට ජනතාව ඔහුගේ සිහියට නැගුණේය. ඇත්තටම එහි කෙරෝනා ආසාදිතයෙක් ඉන්න ඇතැයි ද ඔහු සිතුවේය. එම වෙළෙඳ සලට ගොස් තමා දෑත් නොසෝදා නිවසට පැමිණි අයුරුත් වෙළෙඳ සලෙන් මිලදීගත් භාණ්ඩ බිරිය සමග අස්පස් කළ අයුරුත් සිහිපත් වූ ඔහුට දෙවියන් බුදුන් සිහි විය.


කොරෝනා භීතිකාවෙන් රාත්‍රියේ නින්දට ගිය ඔහු සිහිනෙන් පවා දුටුවේ තමාට කොරෝනා වැළඳී ගිලන් රථයක් නිවෙසට ඇවිත් රැගෙන යන අයුරුය.


කොරෝනා භීතිකාවෙන් පසුදින අවදි වූ ඔහු රාජකාරි ස්ථානයේ ප්‍රධානියාටද මේ වග දන්වා ස්වයං නිරෝධායනයට ලක ලැහැස්ති වෙමින් සිටියේ නිවසේ සෙසු අය සමගය. මේ අතරවාරයේ නගරයේ වෙසෙන මිතුරාගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් කියැවුණේ ඔහු ගිය වෙළෙඳ සල උදේ විවෘත කර ඇති බවත් පෙර දින කොරෝනා ආසාදිතයකු එම වෙළෙඳ සලට පැමිණ ඇති බව බොරුවක් බවත්ය.


තමා ගිය නගරයේ වෙළෙඳ සලේ තබා තිබු පොතේ තමාගේ දුරකතන අංකය ලියු බව මතක් වූ විට කවුරුන් හෝ දුන් ව්‍යාජ ලණුවක් ගිල දමා ඇති බව ඔහු දැන ගන්නාවිටත් වැඩේ දුරදිග ගොස් හමාරය.

 



අදහස් (3)

කොරෝනා ලණුවකට පවුලක්ම අහුවෙලා

nimal Wednesday, 09 December 2020 06:11 AM

මේ වගේ දේවල් කරන්න එපා

:       0       0

nimal Wednesday, 09 December 2020 10:36 AM

මෙය විහිලුවට කරුණක් නොව..., මෙය ව්‍යාජ දුරකථන ඇමතුම දුන් තැනැත්තා කරන ලද අමනකමකි. මෙවැනි අය අත්අඩංගුවට ගෙන සිර ගත කල යුතුයි.

:       1       16

asanka Wednesday, 09 December 2020 12:07 PM

මෙය ලණුවක් නොව, මෙය දුරකතනයට ඇමතුමක් දුන් තැනැත්තා විසින් කරන ලද අමනකමකි. මේ අනතුරුදායක අවස්ථාවේ මෙවැනි අමනකම් කරන්නට තවත් අය මේ රටේ ඕනෑතරම් සිටින බැවින් මෙවා පලකරන්නටත් සුදුසු නොවෙ..

:       1       15

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site