IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගෑනිගෙ වැඩපොළේ තෑග්ග අල්ලපු ගෙදර බේබදු පාටියේ

ඇඟලුම් කම්හලෙන් බිරිඳට ලැබුණු තෑග්ග සැමියා බිරිඳට හොරෙන් අසල්වැසි නිවසේ සාජ්ජයට ගෙනයාමෙන් සිදුවූ ජංජාලයක් පිළිබඳව පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.


ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතු සිය බිරිඳගේ වැටුපෙන් ජීවත්වන සැමියා අතට අසුවන කුලී වැඩක් කරමින් ලැබෙන සොච්චම ද බීම නිසාම නාස්ති කරයි. අසල්වැසි නිවසේ සාජ්ජයකි.” හැන්දෑවෙලා අපේ පැත්තේ වරෙන්” සිය අසල්වැසි මිතුරාගේ පණිවිඩය කල්තියාම ලැබී තිබිණි.


මොනවද අප්පා... ගෙනියන්නේ. කල්පනා කරමින් නිවස තුළ සක්මන් කරන සැමියාට සාලයේ මේසයක් මත බ්‍රවුන් පේපර් කවරයක ඔතා තිබෙනු දුටු අලුත්ම බන්දේසිය දැක කවුරු හරි නෑගම් ඇවිත්, ආපු කෙනා තමයි මේක ගේන්න ඇත්තේ, එකත් මගේ වෙලාව. ගෑනිට ඕවා මතක නෑ. ඒකි බලන් ඉන්නේ මහ ගෙදර දුවන්න.’ මෙලෙස සිතා සැමියා බිරිඳට හොරා නිවසේ තිබූ බන්දේසිය ද රැගෙන සාජ්ජයට ගියේ ගෙදරකට නිකම්ම යන්නට බැරි නිසාය.


පසු දින ඔහුගේ බිරිඳ අවුරුද්දට මහ ගෙදර යන්නට සූදානම් වූවාය. එහෙත් අසල්වැසි මිතුරිය දැකබලා නොගියොත් හිතට හරි මදිය. එසේ සිතූ ඇය තම මිතුරිය හමුවීමට ගියාය. සතුටින් ඇයව පිළිගෙන නිවසට කැඳවූ ඇය බන්දේසියක තබා තම හිතවතියට රසකැවිලි පිරිනැමුවාය. හානේ ලස්සන බන්දේසියක්. අපටත් ගාමන්ට් එකෙන් මේ සැරේ තෑග්ගට දුන්නේ ඔය වාගේම ලස්සන වැඩ දාපු බන්දේසියක්.  හා.. ඇත්ත ද. මම නම් ඕක සල්ලිවලට ගත්ත එකක් නෙමේ අනේ, ඊයේ රෑ අපේ මිනිහගේ බේබදු පාටිය තිබුණනේ. ඒකට කවුදෝ ගෙනත් දීපු එකක්. අලුත් එකක් නිසා අපේ ගෙදර එන අයට කෑම බීම අල්ලන්න ගත්තා. මිතුරියට දෙලෝ රත්විය. උගුරට දෙකට තේ කෝප්පය බිව් ඇය යෙහෙළිගෙන් සමුගෙන තම නිවසට දිව්වා නොව වීසි වූවාය.


තමන් සිතු දෙය හරියටම හරිය. බන්දේසිය තිබූ තැන නැත. සැමියා වෙරි මතට තවමත් නින්දේය. ඇඳ අසලට ගිය බිරිඳ සැමියා අවදි කළාය. මේ ඔයි හොඳ හිතින් නැගිටිනව මම දැන් මහ ගෙදර යනව. මතක තියාගන්නවා මම ආපසු එන්න කලින් අර ගෙදර තිබ්බ බන්දේසිය ආපසු ගෙදර නොතිබ්බොත් මම නරක ගෑනි කියල කියන්න එපා. 


සැමියාට මෙය සිහිනයක් නොව හැබෑවක් බව වටහා ගැනීමට බොහෝ වෙලා ගත විය. බිරිඳ ගමේ ගිහින්ය. ආපහු ඉල්ලන්නත් ලැජ්ජයි බං සැමියා තම හිතවතෙකුට කීවත් බන්දේසි අයියා යන නාමය දැන් කෙමෙන් කෙමෙන් ගම පුරා පැතිරීම නම්  කාටවත් වළක්වාලිය නොහැක.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)



අදහස් (0)

ගෑනිගෙ වැඩපොළේ තෑග්ග අල්ලපු ගෙදර බේබදු පාටියේ

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 210 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 847 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 739 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 596 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 306 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 270 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site