IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


ගාන්න දුන් බේත කාලා ජංජාලයක්

කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
“ගා” “කා” පටළවා ගත් රෝගී කතක් ගෑමට ඇති බෙහෙතක් අනුභවකර පැමිණි පුවතක් මහනුවරට තදාසන්න ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකින් වාර්තා විය.


සිද්ධිය සැකෙවින් මෙසේය.


මැදිවිය ඉක්ම වූ ඇයට නිරන්තරයෙන් ඇතිවන දනහිස් ඉදිමුව හේතුවෙන් එක් එක් වෛද්‍ය ක්‍රම මෙන්ම එක් එක් වෛද්‍යවරුන් ළඟට ද ප්‍රතිකාර සඳහා ගියේ තම රෝගී තත්ත්වය නිට්ටාවට සුවපත් කරගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙනි.


මේ අතර ඇගේ මිතුරියකගෙන් ලැබුණු තොරතුරකට අනුව අදාළ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය කරා පැමිණි ඇයට එය සුවකර දීමට හැකිබව එම වෛද්‍ය මධ්‍යස්ථාන භාර වෛද්‍යවරයා පැවසීම නිසා ඇගේ සිතට නැගුණේ අපමණ වූ ප්‍රීති ප්‍රමෝදයකි.


ඒ අනුව ඇයගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා කිසියම් බෙහෙතක් ඇය වෙත දී දින තුනක් එය පාවිච්චි කළයුතු පිළිවෙත සඳහන් තුණ්ඩුවක් ද ඇය වෙත ලබා දී පිටත් කර හැරියේ නැවත දින තුනකින් පැමිණෙන ලෙසට ලබාදුන් උපදෙස් ද සහිතවය.


ඒ අනුව දින තුනකින් නැවත පැමිණි රෝගී කාන්තාවගෙන් අදාළ රෝගී තත්ත්වය විමසූ විට ඇය පවසා ඇත්තේ බේත තිත්ත වූවත් ලෙඬේ සුවකර ගැනීමට අවශ්‍ය නිසා බෙහෙත අමාරුවෙන් කෑ බවයි.

 



අදහස් (0)

ගාන්න දුන් බේත කාලා ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 450 0

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 28 0

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 997 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා
2025 මාර්තු මස 06 1245 0

සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසා


හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා
2025 මාර්තු මස 05 904 1

අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.


රා බොන්න ගිහින් අලි අමාරුවක වැටිලා
2025 මාර්තු මස 04 1004 0

එක්තරා ආයතනයක ප්‍රධානියකු ගමකට ගොස් කිතුල් ගසකට නැග කිතුල් රා බී ගසෙන් බැසීමට යාමේ දී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 149 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 187 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site