උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් අගනුවරින් වාර්තා විය. එදින සතියේ දිනයක් වූ නිසා අගනුවර නගරය ජනාකීර්ණව පැවතුණි.
වේලාව පෙරවරු 10.30 ට පමණ ඇත. නගරයේ වීදි දිග එහා මෙහා ගමන් කළ නාගරිකයන් මෙන්ම ඈත ගම්මානවලින් තම අවශ්‍යතා සඳහා පැමිණි පිරිස් ද වූහ. නගරයේ හරස් වීදිය දිග අලංකාරව ඔතන ලද පාර්සලයක් ඉතා අමාරුවෙන් ඔසවාගෙන කඩිමුඩියේ පැමිණි තරුණයා කඩිමුඩියේම ඉදිරියට ගමන් කරන්නට විය. ඔහු විරුද්ධ පැත්තට වීදිය දිගේ ගමන් කරමින් සිටි මැදිවයසේ මගියාගේ ඇෙඟ් හැපිණි.
රතු රිබන් එකකින් සරසා තිබූ වර්ණවත් පාර්සලය බිම ඇද වැටුණේ ශබ්දයක් ද නඟමිනි පාර්සලය බිම ඇද වැටීමෙන් උරණ වූ තරුණයා මහ හඬින් මගියාට බැන වදින්නට වූ නිසා එහාමෙහා ගමන් කළ මගීහු ද එකට රැුස්වන්නට වූහ. ‘‘බලනවා මම රු. 7500 විතර වියදම් කරල ගත්ත ප‍්‍රසන්ට් එක ඉවරයිනෙ. කොහොමද මම වෙඩින් එකට යන්නෙ දැන් ඉතින් අලාභය ඕනෑ’’ ‘‘මොකද? මොකද? වුණේ මචං’’ පාර්සලය දිගහැර බැලූ පාර්සලය අයිතිකරුගේ සහායට පැමිණි පුද්ගලයෙක් ද මගියා දෙස රවා බැලූවේය.
මොකද කළේ බලනවා මේ අලූත්ම පෝසිලේන් සෙට්එක ඔක්කොම කුඩුනේ. නිකම් යන්න දෙන්න බෑ. අලාභ ගෙවන්න.’’ තරුණයෝ දෙදෙනා කෑගැහුවෝය. අසරණ මගියා තම ගමන් මල්ලට අතදමා අසරණව රු. 500 ක් අතට ගත්තේය.
‘‘අනේ මහත්තයෝ රු. 750 යි මම ළඟ තියෙන්නේ ඒකෙන් 500 දෙන්නම් ඉතුරු 250 මට ගමට යන්න ඕනෑ. රු. 500 අතට ගත් තරුණයන් දෙදෙනා පිඟන් කටු සහිත පෙට්ටිය අයිනකින් තබා තවත් පාර්සලයක් හදමු යැයි මුමුණමින් මහත් සතුටින් කඩිනමින් ඈතට දිව යනු පෙණින. අසරණ වූ මගියා දහඩිය පිසගනිමින් කුරුණෑගල බසයට නැගගත්තේ ආපසු එන්නටය.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා
වික්‍රම Thursday, 28 January 2016 04:29 PM
ඇයි ජයා ඩිපෙන්ඩර් තියෙන්නෙ, සුදු වෑන් වලට හරියන්න (නි)
විදානේ Wednesday, 27 January 2016 09:16 PM
අනේ පවු! (නි)
චමින්ද Thursday, 28 January 2016 10:59 AM
යහපාලනයට ජයවේවා! (බ)
ඉනෝකා Wednesday, 27 January 2016 04:34 AM
මගියාට තියෙන්නේ,බලු කපුටු දානයක් දුන්නා කියලා හිත හදා ගන්නයි. අද කාලේ රුපියල් 500ක් අරන් මොනවා කරන්නද..?පව් අසරණයා...! (බ)
අබේරත්න Wednesday, 27 January 2016 04:41 AM
කණ පැලෙන්ට ගහන්ට ඕන මුන්ට. (බ)
අබය Thursday, 28 January 2016 07:09 PM
අනුන්ට පාට් දමන්න ඇවිල්ලා මගෙන් ගුටිකාපු කාක්කෝ හරියට ඉන්නවා. (නි)
අජිත් Wednesday, 27 January 2016 02:39 PM
මොකටද සල්ලි දුන්නේ? පොලිසියට කිව්වා නම් හරිනේ. පව් අසරණ මිනිහ. හබයි ඉතින් ඔය ණය ගත්තා වගේ නෙමෙයි ගෙවන්න ගියාම. ආත්ම ගාණක් ගෙවලාවත් ඉවරකරන්න බරිවෙයි.(අ)
පිටබැද්දර ජයා Thursday, 28 January 2016 12:17 PM
සුදු වැන් නැති පාඩුව තමයි ! (බ)
ජනිත් Wednesday, 27 January 2016 10:26 AM
උන්ට වඩා ටිකක් හයියෙන් කතා කලානම් උන් පසු බහිනවා ! (කෞ)
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 27 January 2016 10:36 AM
සමහර කොළඹ කාක්කන් ගෙන් බේරෙන්න හරිම අමාරුයි , ඔවුන් සමග ඉන්නා මැරයන් නිසා , මුදල් දුන්නේ නැත්නම් ගහලා ඇඳන් ඉන්න වස්ත්‍රය පවා ගන්නට පුළුවන් (බ)
නිමල් ලාලිත Wednesday, 27 January 2016 10:29 AM
මෙතන පිරිමි සිටියෙම නැද්ද.,පොලිසිය සිටියේ නැද්ද? (බ)
චරිත් Wednesday, 27 January 2016 06:45 PM
කොළඹ විතරක් නෙමෙයි නුවරත් මේ වගේ කාක්කෝ ඉන්නවා. කවුරුවත් තනියම රේල් පාරේ යන්න එපා. විශේෂයෙන්ම ටියුෂන් යන මල්ලිලා. සමහරු දැලි පිහි පෙන්නලා තමයි පොකට් එක ඉල්ලන්නේ. (නි)
විද්‍යා Wednesday, 27 January 2016 07:17 PM
කුරුණෑගල අලුත් මන්ත්‍රීතුමාටවත් කියලා බලමුද? (නි)