IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගම් බිත්තර ෆාම් බිත්තර වීමේ රහස හෙළිවෙලා

ගං කුකුලන් ඇති කරන කුකුල් කොටුවේ ගම් බිත්තර රැගෙන ෆාම් බිත්තර තබා ගිය කාන්තාවක පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයට කිලෝමීටර් පහළොවක් පමණ ඈතින් පිහිටි කඳු සහිත ග්‍රාමයකි. මේ ග්‍රාමයේ වයෝවෘද්ධ ජෝඩුවක් ජීවත් වෙති. මේ වයෝවෘද්ධ ජෝඩුවට එක් පිරිමි දරුවෙක් හා ගැහැනු දරුවන් දෙදෙනෙක් සිටිති. ගැහැනු දරුවන් දෙදෙනා විවාහ වී පිට පළාත්වල පදිංචිව සිටිති. එකම පිරිමි දරුවා මහගෙදරට තරමක් ආසන්නයේ නිවසක් තනාගෙන පදිංචිව සිටින අතර මව්පියන් පිළිබඳව නිතරම දරුවෝ සොයා බලති.


මෙම වයෝවෘද්ධ යුවළගේ නිවස පිටුපස ලෑලි වලින් කාලයක සිට කුකුල් කොටුවක් තනාගෙන එක් කුකුලෙකුත් කිකිළියන් හය දෙනෙකුත් ඇති දැඩි කරති. කිකිළියන් හය දෙනා දමන බිත්තර අසල පදිංචිව සිටින පිරිමි දරුවාටත් ඈතින් පදිංචිව සිටින ගැහැනු දරුවන් දෙදෙනා මව්පියන් බැලීමට ආගිය අවස්ථාවට රැගෙන යාමට සූදානම් කර තබන්නේ පියා විසිනි. වයෝවෘද්ධ යුවළත් ඉඳහිට බිත්තරයක් දෙකක් තම්බාගෙන කෑමට ද ගනිති.


හදිස්සියෙම වයෝවෘද්ධ යුවළගේ කාන්තාව රෝගාතුරව මීට දින කිහිපයකට ඉහතදී කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය. ඇය බැලීමට දිනපතා පිරිමි දරුවත් ඇගේ සැමියාත් රෝහලට ගියහ. මේ නිසා කිකිළියන් මුල් දින කිහිපය තුළම දැමූ එක බිත්තරයක්වත් සවස වයෝවෘද්ධ පියාට ගැනීමට නොතිබුණි. අසල්වැසි නිවසක් තිබුණ ද ඔවුන් මේ වයෝවෘද්ධ යුවළ සමඟ ඉඩමේ වැට මායිමක් සම්බන්ධයෙන් කලක සිට අමනාපය. තමා බිරිඳ බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී ඔවුන් කූඩුවේ තිබූ බිත්තර ගන්නට ඇතැයි වයෝවෘද්ධ පියා සැක පළ කළේය. 


පසුගිය 25 වැනිදා වයෝවෘද්ධ පියා බිරිඳ බැලීමට රෝහලට යන අවස්ථාවේදී දින කිහිපයක සිට කූඩුවේ කිකිළියන් දැමූ බිත්තර නොමැති බව කියා අල්ලපු ගෙදර අයට බැන වදින්නට විය. අල්ලපු ගෙදර කාන්තාවට මේ බැන වැදීම ඇසී ඇයද ප්‍රතිචාර දැක්වූවාය. කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව තරමක් සුවය ලබා නිවසට පැමිණියේ ත්‍රිරෝද රථයකින්ය. රෝගි කාන්තාව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි බව කිසි කෙනෙකු දැන සිටියේ ද නැත. දෙදෙනාම එදින නිවසේ රැය පහන් කළහ. පසු දා බිරිඳ නිවසේ රඳවා දොර වසා අද නම් කිකිළියන්  කූඩුවේ දමන බිත්තර ගන්න එකා අල්ලනවා යැයි සිතා වයෝවෘද්ධ පියා උදේ 10 ට පමණ නිවසින් බිරිඳ බැලීමට රෝහලට යනවා සේ බැස පුතාගේ නිවසට ගියේ මුණුපුරන් බැලීමටය. නිවසින් බැහැරව යන්නට පෙර සිය බිරිඳට ප්‍රකාශ කළේ කිකිළියන් දමන බිත්තර ගන්නේ කවුරුන්ද කියා පිටුපස ජනේලයෙන් හොර රහසේ  බලන ලෙසය. දහවල් 12.40ට පමණ කිකිළියෝ දෙන්නෙක් බිත්තර දමා ගියහ. ටික වේලාවකට පසු ප්‍රධාන බස් පාරට යන මාර්ගයේ පදිංචිව සිටින කාන්තාවක් බිත්තර කිහිපයක් ග්‍රොසරි බෑගයක දමාගෙන කුකුල් කූඩුව ළඟට  සුපුරුදු පරිදි පැමිණියාය. ගම් බිත්තර දෙක ගෙන ෆාම් බිත්තර දෙක තියා වට පිට බලා යන්නට සූදානම් වූ අවස්ථාවේදී නිවසේ සිට බලා සිටි කාන්තාව ක්ෂණිකව එළියට බැස අසල පිහිටි නිවෙසටත් ඇසෙන පරිදි අසනීප තත්වය පසෙකලා බැන වදින්නට වූවාය. ගෙනා  ඉතිරි බිත්තරත් කොටුවෙන් ගත් බිත්තර දෙකත් මිදුලට විසි කළ කාන්තාව ඇඳ සිටි  චීත්තයෙන් මුහුණ වසාගෙන යන්නට ගියාය. 


සැමියා සවස පැමිණීමෙන් පසු බිත්තර හොරා අල්ලාගත් ආකාරය කීවාය. වියපත් පියා අල්ලපු ගෙදරට ගොස් පෙර දවසේ බැණ වැදීම සම්බන්ධයෙන් සමාව ද ඉල්ලා සිටියේය.
(කෑගල්ල අධිකරණ- චමින්ද වැවතැන්න) 



අදහස් (1)

ගම් බිත්තර ෆාම් බිත්තර වීමේ රහස හෙළිවෙලා

ලසන්ත Saturday, 28 September 2019 06:52 AM

සාමාන්‍යයෙන් ගම් කුකුළන් කියන්නේ රාත්‍රියට කූඩුවක හෝ ගස්මත ලගින කෘතිම ආහාර නොදෙන උන් උන්ම සොයාගන්නා දෙයක් ආහාරයට ගන්න කුකුළන්ටය. එ් නිසා උන්ගේ බිත්තරද පෝෂණ ගුණයෙන් ඉහළය. නමුත් දැන් සමහරු කූඩුවල දමා ඇතිකරන කුකුළන්ට දෙන්නේද කෘතිම ආහාර වේ. බිත්තර විකුණන්නේ ගම් බිත්තර කියාය.. සත්‍ය සිදුවීමක් අනුව අදහස් දැක්වූවෙමි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 201 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 842 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 737 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 594 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 303 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 267 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site