උපහැරණ මගින් උදාහරණ පෙන්වා දුන් උපකාරක පන්ති ගුරු භවතකුගෙන් ගෝලයකු ඇසූ ප‍්‍රශ්නයකට උත්තර නැතිවූ කතාවකි මේ. පෙනුමෙන් ප‍්‍රියමනාප ඔහු කාගේත් සිත් ගත්තෙකි. සිංහල භාෂාවෙහි නිපුණයකු වූ නිසාම ඔහු සිසුන් අතර ද කැපී පෙනුණේය. දිනක් පන්ති කාමරයේ පාඩම් ආරම්භයට පෙර අපූරු උපහැරණ කතාවක් ආරම්භ කළේය. දරුවනේ අපේ මේ ජීවිතයේ මේ කාලේ ලබන අත්දැකීම් ආයෙ කවදාවත් ගන්න බෑ. මේ කාලේ තමයි ජීවිතයේ හොඳම කාලේ. ඔය දරුවන් අධ්‍යාපනය ගැනම සිත යොමු කර කාලය කැප කරනවා කියන්නේ මේ වයස, කාලය ආයෝජනයකට යොදවනවා කියන එකයි. අපේ මේ අධ්‍යාපනය කියන්නේ පූජනීය දෙයක්. ඒ පූජනීය ස්ථානයට ඇතුළු වෙද්දි අපි ඉතා ගරු සරු ඇතිව පැමිණිය යුතුයි. ඒ වගේම මේ අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී ඔය දරුවෝ දැන ගන්න ඕනෑ ”පේ‍්‍රම සම්බන්ධතා” කියන පාවහන් ගලවලා යන්න. අපිට එයින් ලැබෙන ප‍්‍රතිඵලය ඉතා වැදගත්. ඉතා පැහැදිලි ලෙස ගුරුවරයාගේ කතාව අසා සිටි ගෝලයන් පිරිස අතරින් එක් අයෙක් නැගිට මෙසේ ඇසීය. සර්.... අපි පේ‍්‍රම සම්බන්ධතා කියන පාවහන් අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී ගලවලා ආවයි කියමු. අපි ආයෙත් ඒ පුද බිම වන්දනා කර යනකොට ඒ පාවහන් වෙන කෙනෙක් දාගෙන ගිහිං හිටියොත් මොකද කරන්නෙ. පන්තිය දැඩි නිහඬතාවක් ඇති විය. ගුරුතුමාට පිළිතුරු නැති විය. සර් ඔය ප‍්‍රශ්නයට උත්තරය මම දෙන්නද? එක් ගෝලයෙක් ඇසීය. ගුරුවරයා මද සිනාවක් පෑවේය. එය හා කියන්නාක් මෙනි. සර්.... ඔය විදියට අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී පේ‍්‍රම සම්බන්ධතා කියන පාවහන් ගලවා ගියාම ඒ පාවහන් වෙන කෙනෙක් දාගෙන ගිහිං නම්..... අපිත් ඒ වගේ තවත් කෙනෙක් ගලවලා ගිය පාවහන් දෙකක් දාගත්ත නම් හරිනේ.... ගුරුවරයා උදාහරණ උපහැරණ කතාව නවතා පාඩමට ප‍්‍රවිෂ්ට විය.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගුරුවරයාගේ උපහැරණයට ගෝලයාගෙන් අපූරු පිළිතුරක්
නදුන් Wednesday, 07 March 2012 07:14 PM
සෙරෙප්පු දෙකට ඉබ්බෙක් දාලා ගියානම් හරි
අනු චාන් Tuesday, 06 March 2012 12:13 PM
මේ නම් සන්නස්ගල සර්ගෙ පන්තියෙ පාඩමක් වෙන්න ඇති.
තරු Tuesday, 06 March 2012 01:33 PM
අනේ හරි ලස්සන කතාවක්..