IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගුරුවරියගේ තැපැල් ඡන්ද ප‍්‍රශ්නය සිසුන් අතේ

(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
 දකුණු පළාතේ එක්තරා පාසලක දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරියකගේ තැපැල් ඡුන්ද අයදුම්පත ප‍්‍රතික්‍ෂේප වීමත් සමග පන්ති කාමරයේදී අපූරු සිදුවීමක් සිදුවිය.


එම ගුරුවරිය ඉකුත් වසරක ඡුන්ද අනුක‍්‍රමික අංකය සටහන් කිරීම නිසා තැපැල් ඡන්ද අයදුම්පත ප‍්‍රතික්‍ෂේප කර ඇති බව දන්වා එව් ලිපියද රැගෙන ගුරුවරිය පන්තියට ගියාය. කෙසේ හෝ ඇයගේ එම ලිපිය පන්තියේදී බිමට පතිත වී තිබුණි. එය අහුලාගත් සිසුවකු පාඩම යන අතරේ එම ලිපිය යහළුවන් අතින් අත යැවීය.


එදින ගුරුතුමිය පාර්ලිමේන්තුවට මහජන ඡුන්දයෙන් මන්තී‍්‍රවරු තෝරා ගැනීම පිළිබඳව පාඩමක් කරමින් සිටියාය. පන්තියේ සිසුවෙකු නැගී සිට ගුරුතුමියගෙන් ප‍්‍රශ්නයක් විමසීය. ”මිස් තැපැල් ඡුන්දයක් අවලංගු වීමට බලපාන හේතු මොනවාද?”


පන්තියේ අනෙක් සිසුන්ද සිනා සෙන්නට වූ නිසා සිදුවී ඇති දෙය ගුරුතුමියට තේරුම් යාමට වැඩි වෙලාවක් ගත නොවිණ.
ප‍්‍රශ්නය ඇසූ සිසුවාට තද පිළිතුරක් දුන් ගුරුතුමිය පොත් ටිකත් රැුගෙන යන්නට ගියාය.


දින කිහිපයක් පන්තියට නොපැමිණි ඇගේ ගැටලූව උසස් පෙළ අංශ ප‍්‍රධාන ගුරුවරයාගේ මැදිහත්වීමෙන් පසු සමථයකට පත් කෙරිණ.



අදහස් (0)

ගුරුවරියගේ තැපැල් ඡන්ද ප‍්‍රශ්නය සිසුන් අතේ

රුවන් Friday, 13 February 2015 07:32 PM

රසවත් කතාවක්. මටත් සුන්දර පාසල් කාලය මතක්වුණා (නි)

:       0       0

සමන් Saturday, 14 February 2015 03:16 PM

ගුරුවරු වෙන්නෙත් මිනිස්සුමනේ. ඒ හින්දා තමන් අතින් වැරද්දක් උනාම පිලිගන්න ලජ්ජා වෙන්න ඕන නෑ. ඡන්දය අවලංගු වෙන්න පරණ අංකය යෙදීම හේතුවක් කියල සුහදව කිව්වා නම් සිසුන් හා ගුරුවරිය අතර තිබෙන සම්බන්ධය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.(නදි)

:       0       0

සරත් Saturday, 14 February 2015 12:43 AM

අපේ කාලයේ (දැනට දශක 2, 3 කට පෙර) නම් ඔය වගේ වැඩක් කරන්න අපට හයියක් තිබුනේ නැහැ. ඒ බයටද ගෞරවයටද කියන්න දන්නෙත් නැහැ. ඒත් අපිට වැරදුනෙත් නැහැ. (නි)

:       0       0

සඳුන් Saturday, 14 February 2015 09:52 PM

සමන්, අන්න එ්ක තමයි කරන්න තිබුනේ. වැරැද්දක් උනා. ඒක විස්තර කරලා කියන්න තිබුනේ. උද්දච්චකම ඊට ලොකුයිනේ.(නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 06:02 AM

ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියනවා, නමුත් උපහාස-අපහස හොඳ මදි (අ)

:       0       0

රොෂාන් Saturday, 14 February 2015 08:55 AM

ළමයි ඔය විදියට ගුරුවරුන්ගේ අඩු පාඩු දැකල හෑල්ලු කරන්න හොඳද? (නදී)

:       0       0

මහ ආරච්චි Monday, 16 February 2015 01:37 AM

ගුරුවරියක් කියන්නෙත් මව් කෙනෙක් කියා තේරුම් ගෙන කටයුතු කරන එක හොඳයි නේද දරුවනේ. එපා අම්මාවරුන් විහිලුවට ගන්න (නදී)

:       0       0

අරුණ Saturday, 14 February 2015 09:04 AM

ගුරුවරියන්ට, කොහොමටත් ගැටළුවක් ඇතිවුන විටකදී පහසුවෙන් ගැලවෙන විදිහ දන්නේ නැහැ. ප්‍රශ්නය තවත් දුර ගෙනියනවා මිසක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 298 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 875 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 767 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 612 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 321 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 284 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site