IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


චුයින්ගම් කන්න ගිහින් බොරු දතත් අහිමි වෙලා

රැකියාවට යෑම සඳහා බසයට ගොඩ වූ තරුණයෙකි. බසයේ ආසන සියල්ල පිරී තිබුණු බැවින් ඔහුට සිටගෙන යෑමට සිදුවිය.        ”ඇතා අයියේ” යැයි පිටුපසින් අමතන  හඬක් ඇසී ඔහු හැරී බැලූවිට දක්නට ලැබුණේ බසය තුළ සිටි දන්නා  හඳුනන යුවතියන් කිහිපදෙනෙකි. ”ඇතා අයියා වැඩට යනවාද?”එක් යුවතියක් විමසුවාය. ”ඔව් නංගී අද ටිකක් පරක්කු වුණා” ඇතා දොඩමළුවෙමින්  පැවසීය. මෙසේ කතා කරමින් ගමන් කරන විට එක් යුවතියක්, ආ මෙන්න අයියේ චුයින්ගම් එකක් කියමින්                   චුවින්ගමයක් ඔහු වෙත දිගු කළාය. ”තෑන්ක්ස් නංගී” කියු ”ඇතා” කොලය  ගලවා චුයිගමය හපන්නට විය. තරුණියන් ද ඔහු හා කතාවට වැටුණු අතර ඇතාගේ විහිළු කතාවලට ඔවුහු බොහෝසේ සිනාසෙන්නට වූහ. චුයින්ගමයේ රස ඉවර වූ විට එය ඔහු ජනේලයෙන් පිටතට විසි කළේය. අභ්‍යාගයකි ඔහුගේ මුවේ ඉදිරිපස තිබු බොරු දතද චුයින්ගමයේ ඇලී පිටතට විසිවිය.  කරකියා ගත නොහැකි වූ  ”ඇතා” තම අතින් මුව වසාගෙන සිටියේය. එක් යුවතියක් ”අයියා තවම පරණ තැනමද වැඩ කරන්නේ.” යැයි විමසූ විට  කට වසාගත් ඔහු හිස වනමින්    ”ඔව්”  යනුවෙන් සංඥා කළේය. යුවතියන්  අසනු ලබන ප‍්‍රශ්නවලට නිහඬව සිටීම ගැන මවිතයට  පත්වූ යුවතියක් ”මොකද අයියේ කතා කරන්නේ නැතිව ඔළුව වනන්නේ” යැයි පුදුමයෙන් විමසුවාය. කට වසාගෙන ඊළඟ බස් නැවතුමේ බසින බව අතින් යුවතියන්ට  සංඥා කළ ”ඇතා” බසයේ ඉදිරියට ගොස් බස් නැවතුමෙන් බැස පයින්ම ගමන් කළේ ”දත් සාප්පුවක්” සොයමින්ය. දත අස්ථානගත වූයේ කොම්පඤ්ඤවීදිය අසලදීය.



අදහස් (0)

චුයින්ගම් කන්න ගිහින් බොරු දතත් අහිමි වෙලා

අමිල කටුනායක Thursday, 20 September 2012 09:35 PM

තව පොඩ්ඩෙන් හක්ක පනිනවා (ස)

:       0       0

රංජිත් Sunday, 23 September 2012 03:31 PM

නන්දන, මම හිතන්නේ අලි වාතයකට අහුවෙන්න ඇති. (නි)

:       0       0

සිසිර Thursday, 20 September 2012 01:57 PM

හොද වැඩේ

:       0       0

නුවන් Thursday, 20 September 2012 04:51 PM

බාල දතක් වෙන්න ඇති. (නි)

:       0       0

රංග (කටාර්) Saturday, 22 September 2012 10:14 PM

අයිතිකරුවකු නොමැති දතක් චුහින්ගමක් සමග ඇලී තිබී කොම්පඤ්ඤවීදිය අසලදී මම ඇහිදින ලදී, අයිතිකරු ඔබ නම් අනන්‍යතාව සහතික කර දත රැගෙන යන්න.

:       0       0

චමින්ද Saturday, 22 September 2012 02:05 PM

චුයින්ගම් වලට දත් ගැලවෙනවද? මගේ යාළුවෙකුටත් ඔහොම උනා. ඇලෙන ටොෆියක් කාලා දතක් ගලව ගත්තා.(ස)

:       0       0

රත්නයක් Thursday, 18 October 2012 10:05 AM

අයියෝ සල්ලි

:       0       0

කියානි Thursday, 20 September 2012 11:09 PM

බොරු දත් කුට්ටමක් කටේ තියෙද්දී නිදහසක් නැහැ. දත් වැටුණත් නිදහසක් නැහැ. (නි)

:       0       0

සුජිත් Thursday, 20 September 2012 05:22 PM

කෙල්ලන් ඔහොමමයි. කොල්ලෙක් අහුවුණොත් දතක් ගලවන්නමයි උත්සාහ කරන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 20 September 2012 02:21 PM

ඇත්තටම බොරු දතතක් කීයක් වෙනවාද?(නු)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 11:39 PM

අනේ ඇතෝ දත ගලවන්න නංගිලා ටිකක්නෙ එකතුවෙලා ඉන්නේ..!(නු)

:       0       0

මන්ම්පේරි Saturday, 22 September 2012 02:50 PM

කතාවනම් හරි. ඔය දත තමයි ඊයේ මගේ සපත්තුවේ ඇනුනා. ඒක ඔයාට ඕන නම් කියන්න..(ස)

:       0       0

ජයී Friday, 21 September 2012 12:06 PM

වට පිට ලස්සන කරන්න අපි කවුරුත් ඉගෙන ගන්න චුයින්ගම් ඔතාගන්න සාක්කුවේ දමාගන්න (ස)

:       0       0

ඩොනල්ඩ් Sunday, 23 September 2012 03:12 AM

ශානිකාට අහුවුණොත් නම් මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 20 September 2012 10:51 AM

කෙල්ල දැක්කම දත අමතක වෙලා‍ ව‍‍ගේ...(ස)

:       0       0

රූපවතී Friday, 21 September 2012 12:49 AM

චින්තකට තරහා ගිහිං මොකද? එයාගෙවත්ද දත ගැලවුණේ... අනේ පව්? ඔහොම දේවල් වෙනවා තමයි ගනං ගන්න එපා..?(නු)

:       0       0

රත්න Thursday, 20 September 2012 02:41 PM

අනේ පවු. ඒ දත ගොඩක් ගණන් එකක්ද? (නි)

:       0       0

සිරිමල් Friday, 21 September 2012 01:49 AM

මේක බොරු කතාවක්වගේ තමන්ට උන දෙයක් ඔහොම කියනවාද උන කෙනා..!(නු)

:       0       0

ලක්මා Thursday, 20 September 2012 11:18 AM

පව් වැඩේ (ස)

:       0       0

දයා Thursday, 20 September 2012 11:21 AM

ඔය වගේ වෙලාවට උන්හිටි තැන් විතරක් නෙමෙයි කරන කියන දේවලුත් අමතක වෙනවා .අයියෝ පව්..(ස)

:       0       0

රාජා Thursday, 20 September 2012 11:34 AM

ඇතා මොටද එක දලයක් පමනක් ඇතී.(ස)

:       0       0

පනාගොඩ Thursday, 20 September 2012 06:21 PM

ඇති යන්තම් එක දතක් ගැලවුණා‍. ඔය කෙල්ල එක්ක තව දුර ගියානම් තව ‍මොන මොනවා වේවිද දන්නේ නෑ..(ස)

:       0       0

පනාගොඩ Thursday, 20 September 2012 06:27 PM

ඇති යන්තම්, දතක් ගැළවිලා බේරුණා. (නි)

:       0       0

ශානිකා Thursday, 20 September 2012 11:51 AM

මෙයාගේ දත් ඔක්කොම ගලවන්න එපැයි....(ස)

:       0       0

සජිත් Monday, 24 September 2012 11:41 AM

වෙන මොන මොන දේවල් ගැළවෙයිද‍්‍ද දන්නේ නැහැ. (නි)

:       0       0

චින්තක Friday, 21 September 2012 09:00 PM

ඔය දත දාපු දොස්තර ඉවරයි. (නි)

:       0       0

චින්තක Thursday, 20 September 2012 07:43 PM

මිනිසුන්ට මෙහෙම දේවල් වෙනවා මේක හිනාවෙන්න දෙයක් නම් නෙමෙයි...!(නු)

:       0       0

පනාගොඩ නන්දන මිලානෝ Saturday, 22 September 2012 06:21 PM

මුලින්ම දත ගැලවුනේ පෙරහැර බලන්න ගිහිල්ලද?(නු)

:       0       0

ජගත් Friday, 21 September 2012 09:43 AM

මාර වැ‍ඩේ (ස)

:       0       0

ගයා Friday, 21 September 2012 09:45 AM

බොරුනේ‍‍..චුයින්ගම්වලට දත් ගැලවෙන්නේ නෑනේ.(ස)

:       0       0

අශෝක Monday, 24 September 2012 02:16 AM

අයියෝ සල්ලි

:       0       0

නුවන් Thursday, 20 September 2012 01:13 PM

ශානිකාට අහුවුණුනොත් දත් ගලවයි...(ස)

:       0       0

මාධව Thursday, 20 September 2012 04:07 PM

බැරි වැඩ නොකරන් අබරෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මාර්තු මස 14 198 1

රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක


පියකුගෙන් අපූරු සැලකිල්ලක්
2025 මාර්තු මස 13 237 2

තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 747 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 838 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 455 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1082 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 509 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site