IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ටොකු නොකා ගැලවුණු සිකුරිටි නිලධාරියා

ආරක්ෂක නිලධාරියා සිය රාජකාරියේ යෙදී සිටියදී කාර්යාලයකට පැමිණියේ තලතුනා මහත්මයෙකි. කාර්යාලයට එන අයගෙන් පැමිණි කාරිය විමසන ලෙසට ආරක්ෂක නිලධාරියාට ඉහළින් ලැබී තිබූ උපදෙස් අනුව ”ගුඞ් මෝනින් සර්” කියමින් හෙතෙම අමුත්තාට ආචාර කළේය. කිසිවක් නොදෙඩූ අමුත්තා ඉදිරියට යන්නට විය.


”එක්ස්කියුස් මී, සර් කොහාටද යන්නේ”? ආරක්ෂක නිලධාරියා විමසුවේ ගරුසරු ඇතිවය. ”තමුසේ කව්ද ඒ ගැන අහන්න. මම යන්න  ඕන තැන දන්නවා.” හෙතෙම කෝපයෙන් පැවැසීය. ”එහෙම කියන්න එපා සර්, මේක මගේ රාජකාරියනේ.” ආරක්ෂක නිලධාරියා විනීතව පැවැසීය. ”තමුසේ සෙකියුරිටි නේද. තමුසෙටයි මටයි කතාවක් නැහැ.” පැවැසූ අමුත්තා කාර්යාලයට ඇතුළු විය. ආරක්ෂක නිලධාරියා ඉන්පසු දිව ගියේ අමුත්තා පැමිණි රථයේ රියැදුරා හමුවීමටය. ”දැන් ගිය සර් එක්කද ඔයා ආවේ?” ඔහු විමසීය. ”ඔව් ඇයි ප‍්‍රශ්නයක් වුණාද?” රියැදුරා ඇසීය. ”එයා හරි සවුත්තු මහත්තයෙක්. මම ඔච්චර හොඳට කතා කරලත් මට බැන්නා. අපි නිල ඇඳුම ඇඳලා එක එකාගෙන් බැනුම් අහනවා. මට මේ ජොබ් එක තිත්ත වෙලා තියෙන්නේ.” ඔහු පැවැසීය. එවිට රියැදුරා, ”අයියා  ඕවා ගණන් ගන්න එපා. ඔය මනුස්සයාට කොළඹ ගෙවල් දෙකක් තියනවා. ළමයි රට ඉන්නේ. මුල් කසාදේ කටුගාලා දැන් ඉන්නේ වෙන කෙනෙක් එක්කයි. මම වාහනේ එළවද්දී, වාහනේ වමට දකුණට හරවන්න කියලා කියන්නේ ටොක්කක් ඇනලයි. දැන් මට ඒක පුරුදුවෙලා.” රියැදුරා පැවැසීය. ඊළඟ මොහොතේ අමුත්තා රථයට ගොඩවී රියැදුරාට ටොක්කක් අනිනු දුටු ආරක්ෂක නිලධාරියා දිගු සුසුමක් පිට කළේය. මෙය අගනුවරදී සිදුවූවකි.


 



අදහස් (0)

ටොකු නොකා ගැලවුණු සිකුරිටි නිලධාරියා

පහන් Friday, 12 June 2015 07:44 AM

හරිමමන් කෙනෙකුට අහුවෙලා නැහැ තාම. අර දොස්තර චන්ද්‍ර ප්‍රනාන්දු වගේ මිනිහෙක් මෙයා? (ස)

:       0       0

පහන් Friday, 12 June 2015 07:49 AM

එක ජපන් සචෝ (බොස් )කෙනෙක් හිටිය පාරේ කලර් ලයිට් එකේ රතු වැටුනහම මට බකයාරෝ (මෝඩය )කියල බනිනවා . (ස)

:       0       0

නිහාල් Friday, 12 June 2015 04:12 PM

සමහරුන්ට ගුඩ් මෝනින් කියන කොට තරහ යනවා මන් දැකල තියෙනවා.ආයුබෝවන් !(හේ)

:       0       0

සම්පත් Friday, 12 June 2015 08:34 AM

ආරක්ෂකයන්ට තරම් කටුක අත්දෙකීම් වෙන කිසිම රැකියාවක් නැතිව එති මොලේ කොලොප්පන් හාදයෝ ඉන්නවනේ (ම)

:       0       0

සමන් Wednesday, 17 June 2015 02:10 PM

පිටිගල,එතකොට ගුටිකාපු අසරණයා පව් නැද්ද? (නි)

:       0       0

සුමානේ Friday, 12 June 2015 09:25 AM

ඔය මිනිහට ටොකු සීයක් විතර ඇනලා කාර් එකේ හුලනුත් ඇරලා මගදි දයා යන්න කෙනෙක් නැති වුනානේ.(හේ)

:       0       0

කපිල Thursday, 11 June 2015 10:33 PM

මානසික රෝගයක් ඇති අයෙක්. වෙන කියන්න දෙයක් නැහැ. මේ වගේ අයට අද කාලේ සමාජයේ ඉන්න බැහැ. තාම හොඳ හෝටලයකින් කාලා නැහැ කියලායි කියන්න තියෙන්නේ. (නි)

:       0       0

කුමාර් Sunday, 14 June 2015 05:46 AM

ඔය සීකුරිටි රෙජිස්ටර් ක‍රන්නේ යන එන අය නිකමට නොවේ හදිසි ගින්නක් වුනා කවුද දන්නේ මේ මනුස්සය ගැන (බ)

:       0       0

වසන්ත Friday, 12 June 2015 02:40 AM

හික්කඩුවට එවන්න හොඳ හෝටලයකින් කන්න දෙන්නම්... (නි)

:       0       0

දයා නන්දසිරි Friday, 12 June 2015 02:46 AM

අමුතු මානසික රෝගයක් (නි)

:       0       0

අනුර Friday, 12 June 2015 03:19 AM

අපේ සිංහල ජාතිය අමුතුම ජාතියක් (නි)

:       0       0

පිටිගල Monday, 15 June 2015 02:50 PM

පවු! ඒ මිනිසා ලෙඩෙක්. ඒ වුණාට ඒ ලෙඩේට බෙහෙත් ලැබෙයි ළඟදීම. ආරක්ෂක නිලධාරි මහතා දක්ෂ වැදගත් කෙනෙක්. (නි)

:       0       0

සමන් Friday, 12 June 2015 12:56 PM

ඔය යකාට ටොකු සීයක් විතර දීලා කාර් එකේ හුලනුත් ඇරලා මගදී දාලා යන්න කෙනෙක් නැති වුනානේ. (හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 12 June 2015 04:23 AM

අපේ රටේ මිනිස්සු හැමදේම මනින්නේ මිල මුදලින්නේ! ඕක තමයි කියන්නේ සල්ලි වලට මනුස්සකම ගන්න බැහැ කියලා. සල්ලි තියෙනවා නම් කාර් එකක් තියෙනවා නම් වඳින පුදන අයට කියන්න තියෙන්නේ මොළේ නැත්නම් උගත්කමක් නැත්නම් මනුස්සකම නොදන්නවා නම් එයාගෙන් කිසිම වැඩක් නැහැ කියලයි (නි)

:       0       0

මනෝජ් Friday, 12 June 2015 06:07 AM

ගිය ආත්මයේ තම්මැට්ටන්, රබාන, ඩොල්කිය වගේ සංගීත උපකරණ වලට තට්ටු දාපු කෙනෙක් වෙන්න ඇති මේ මහත්තයා. (නි)

:       0       0

කුලේන්ද්‍ර Friday, 12 June 2015 06:11 AM

අහිංසක මිනිස්සු රස්සාව කරන්නේ තමාගේ පවුල් රකින්න. මේ මෝඩයාගේ ඔලුවේ අමාරුවක් (නි)

:       0       0

දිමුත් Monday, 15 June 2015 08:36 AM

"ඇවිදින මල මිනියක්" (ම)

:       0       0

අශෝක රළපනාව Saturday, 13 June 2015 05:30 AM

අනුර ඔයා අදහස් කරන්නේ ඔයා ගැනද නැත්නම් ජාතිය ගැනමද? නිකන් මොට්ට කතා කියන්ඩ එපා.ලෝකෙටම ඉන්න සිංහල ජාතිය අමුතු තමයි එත් සමහර අයවගේ තිරිසන් නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 662 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 817 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 434 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1076 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා
2025 මාර්තු මස 06 1379 0

සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසා


හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා
2025 මාර්තු මස 05 969 1

අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site