IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ටියුෂන් ගිය දුව හතරගාතෙන් ඇවිල්ලා

තම දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි පියා පොලිසියට පැමිණිලි කරන අතරේදී මිතුරන් දෙදෙනකු සමග සූර්වී ඇය නිවෙසට පැමිණීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

සොළොස් හැවිරිදි විය ඉක්මවූ තරුණියකි. ඇය එදින නිවෙසින් පිටව ගොස් ඇත්තේ උපකාරක පන්තියකට යන බව පවසාය. නියමිත වේලාවට ඇය නිවෙසට පැමිණ නැත. මේ නිසා ඇගේ පියා කලබලයට පත්වී තමන් දන්නා හඳුනන දේශපාලනඥයකුටද මේ බව දන්වා පොලිසියට ගොස් ඇත්තේ දියණියගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් කරන්නටය.

තම දේශපාලන බලය පොලිසියට පෙන්වූ පියා දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි කියමින් ඇය ඉක්මනින් සොයා දෙන ලෙස පොලිසියට කරදර කරන්නට වී ඇත. පොලිසිය කරුණු විමසද්දී පැහැර ගැනීමකට තුඩු දෙන කිසිදු තොරතුරක් අනාවරණය වී නැති අතර දියණිය එදින උපකාරක පන්තියට ගොස් නැති බවටද තොරතුරු ලැබී තිබේ.

මේ අතර පියාට ගෙදරින් ඇමතුමක් ලැබිණි. දුව ගෙදර ආවා. එම පණිවිඩය දැන ගන්නට ලැබුණු නිසා පොලිස් පිරිසක්ද සමග පියා නිවසට ගියේය.
පන්ති යන බව කියා ගිය දියණිය මිතුරන් දෙදෙනකු සමග ප‍්‍රදේශයේ පාරක් අයිනට වී සිට ඇති බව මේ ගැන පොලිසිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයෙන් තරුණිය වෛද්‍ය ප‍්‍රතිකාරදීම සඳහා රෝහල් ගතකර අදාළ තරුණයන් කැඳවා ඔවුන්ගේද ප‍්‍රකාශ සටහන් කරන්නට පොලිසිය පියවර ගත්තේය. 



අදහස් (0)

ටියුෂන් ගිය දුව හතරගාතෙන් ඇවිල්ලා

පිටබැද්දර ජයා Friday, 14 November 2014 12:33 PM

සේරසිංහ, ඇත්තටම කොල්ලෝ කහ වතුරෙන් නාවල ගෙටගන්න පුළුවන්. සමහර ගැහැණු දරුවන් විශේෂයෙන් නගරාශ්‍රිතව ජිවත්වන අයගේ චරියාවනම් ගන්නම දෙයක් නෑ, අනේ රටකට ගිය කල. (ර)

:       0       0

සජීව Friday, 14 November 2014 04:41 AM

මොකද මේ ළමයින්ට දැන් වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

සහන් බණ්ඩාර Friday, 14 November 2014 04:41 AM

දෙයියෝ සාක්කි තීරුව වෙත සිනහව මුසු යමක් බලාපොරොත්තුවෙන් පැමිණියත් මෙම සිදුවීම සිනහවීමට නොව හැඩීමට සිදුවන කාරණයක් වන්නේ මේ හා සම්බන්ද සිදුවීම් විටින් විට අප අසා ඇති නිසාය. නගරයේ පාසල්වලට පමණක් නොව ඈත ගම්බද පස්වලට පවා මත ද්‍රව්‍ය මත කුඩු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව කනගාටුවෙන් වුවත් පිළිගත යුතුව ඇත. කවුරුන් හෝ මෙම පිළිලය අවසන් කමින් ඉන්නවාට වඩා, දයාබර දෙමවුපියනි, ඔබ ඔබේ දරුවා ගැන බොහෝ විමසිලිමත් වන්න.(හේ)

:       0       0

චතුර Monday, 17 November 2014 01:55 PM

දෙමව්පියන්ගෙත් වැරැදි.(හේ)

:       0       0

කුමාර Monday, 17 November 2014 01:55 PM

උපරිම නිදහස ලබා දීමයි, ඕනි දේ ලබා දීමයි, වැරැදි යහලුවන් ආශ්‍රය කරන්න දුන්න එකයි වැරැද්ද.(හේ)

:       0       0

කුමාරි Friday, 14 November 2014 04:49 AM

දැන් තාත්තට හරිම ආඩම්බර ඇති නේද? (හේ)

:       0       0

සිසිර Monday, 17 November 2014 01:55 PM

දැන් ළමයින්ට හැමදේම අතට පයට ලැබෙන නිසයි ඔය ගෑනු ළමයි හැදෙන්නේ නැත්තේ.(හේ)

:       0       0

රංජිත් සිල්වා Monday, 17 November 2014 01:55 PM

මේ දුවට සහ බොහෝ දරුවන්ට සෙනෙහස අහිමිවෙලා මේ අය කාමුක ආදරය හොයන්නේ නැහැ. ඒවාට දන්නා නැතුව යොමු වෙනවා. සෙනෙහස දිය හැකි වන්නේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට පමණි. මේ අය තමා දැන් සමාජයේ පිලිලයන්ට වග කියන්න ඕනේ. අපේ පිනට අපිට වාසනාවන්ත දෙමව්පියන් හ ගුරු දෙවි වරුන් ලැබුනා. (හේ)

:       0       0

සේනක Saturday, 15 November 2014 03:45 AM

කියලා වැඩක් නෑ දැන්.(හේ)

:       0       0

රුවන් Friday, 14 November 2014 01:37 PM

පරීක්ෂණය කරන්නේ කොපමණ මත් ගතිය තියනවා බලන්නද? (ර)

:       0       0

ගාමිණි Sunday, 16 November 2014 03:55 AM

අවුරුදු 12 ඔහොම නම් තව අවුරුදු 5 විතර යන කොට කොහොම වෙයිද?(හේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 16 November 2014 09:22 PM

මත්කුඩු ,මත්වතුර නොයෙකුත් කූට උපකම මඟින් පාසල් ළමුන්ට පවා අළෙවිකර කෝටිපතියන් වී මහා දානපතියන් ලෙස මහජන ගෞරවයට මෙන්ම ආශිර්වාදයට ලක්වූ බලවතුන් සේ වැජඹෙන දේශද්‍රෝභීන් සමාජයෙන් තුරන් කරනතෙක් අපේ දරු පරපුර මෙවැනි ඉරණමකට පත්වීම වැළැක්විය නොහැක (නි)

:       0       0

සිරිසේන Monday, 17 November 2014 02:44 PM

තවම පුළුවන් මේ ළමයි හදා ගන්න.(හේ)

:       0       0

ධනුක Friday, 14 November 2014 05:56 AM

මේ වගේ සිද්ධි වලින් එකක් විතරයි මේ (දිල්)

:       0       0

නෙලුම් Friday, 14 November 2014 06:04 AM

උපකාරක පන්ති යන ගෑනු දරුවාව ආරක්ෂා කරන එක අද කාලයේ ලේසි නැහැ. නමුත් හැම දරුවෙක්ම මෙහෙම අමාරුවේ වැටෙන්නෙත් නැහැ. යහපත් පවුල් පරිසරය සහ දෙමව්පියන්ගේ මග පෙන්වීම මත හැදුන, සමහර විට ගෙදරින් පිට මුළු දවසම ගත කරන ළමයින් පවා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නවා මම දැකල තියනවා. (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:48 AM

ගාමිණි අවුරුදු 12 ක් නෙමෙයි 16 ක ගැහැණු ළමයෙක්.(දිල්)

:       0       0

ශලිනි Friday, 14 November 2014 06:23 AM

දරුවා ඉපදුණු දවස් වල තිබුන සැලකිල්ල උපකාරක පන්ති යන වයසට එනවිට ඉබේම අඩු වෙනවා. පොඩි දරුවා අඬන්නේ නැති වුනාමත් කලබල වෙන දෙමව්පියන් , උපකාරක පන්ති ගිහින් ආපු ළමය ගෙදර තියන දෙයක් ඉක්මනට ගිලදමා ,වැඩිය මව්පියන්ට මුහුණ නොදී කාමරේට වදින්නේ ඇයි කියල හිතන්නේ නැහැ. (බ)

:       0       0

සේන Tuesday, 02 December 2014 03:44 PM

හොඳ මිතුරන් නැතිකම වෙන්න ඇති. (ස)

:       0       0

පද්මේන් Friday, 14 November 2014 06:43 AM

ඉතින් මේ පුවතේ නැහැනේ ළමයා හතර ගාතෙන් එන්න හේතුව. "පන්ති යන බව කියා ගිය දියණිය මිතුරන් දෙදෙනකු සමග ප‍්‍රදේශයේ පාරක් අයිනට වී සිට ඇති බව මේ ගැන පොලිසිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයෙන් " ???දෙයියෝ සාක්කිම තමයි....(බ)

:       0       0

කිරා Friday, 14 November 2014 07:01 AM

"බෝයිස් ඕවර් ෆ්ලවර්ස්" (බ)

:       0       0

සුකර Sunday, 16 November 2014 07:14 AM

සොළොස් = 16 අනේ ගාමිණී සිංහලයෙක්ද? දැන් ඉන්නේ මෙහෙම ළමයි මතට තිත.(දිල්)

:       0       0

ලහිරු Sunday, 16 November 2014 07:36 AM

අනේ පව් කව්රුහරි පොවන්ඩ ඇති. යාලුවෝ විශ්වාස කරන්ඩ බෑ. (බ)

:       0       0

සුමේධ Friday, 14 November 2014 07:33 AM

දැන් ඔය වගේ සිද්ධිය බහුලව දැකිය හැකියි.(හේ)

:       0       0

ඉසුරු Saturday, 22 November 2014 05:00 AM

අයියෝ සිරිසේන, අද කාලේ කොල්ලෝ හොඳයි. කෙල්ලන්ගෙන් ප්‍රෙවේසම් වෙන්න නම් අමාරුයි (නදී)

:       0       0

ඇසිලින් Monday, 17 November 2014 02:58 AM

ගියේ දෙකෙන්. ආවේ හතරෙන් ... (නි)

:       0       0

සේරසිංහ Friday, 14 November 2014 08:17 AM

දැන් කාලේ කොල්ලො හොදයි.(හේ)

:       0       0

නිරන්ජන් Friday, 14 November 2014 06:13 PM

කෙල්ලෙක් අරක්කු ටිකක් බොන එක මහ ලොකු වැරැද්දක් කියලා මම නම් හිතන්නේ නැහැ. වැරැද්දක් නම් නීතියෙන් තහනම් කරන්න ඕනෑ නේද? (නි)

:       0       0

සමීර Monday, 17 November 2014 09:15 AM

දෙමාවුපියන්ගෙත් වැරැදි තමයි.(හේ)

:       0       0

අනුර Friday, 14 November 2014 08:42 AM

දැන් මේක සාමන්‍ය දෙයක්.(හේ)

:       0       0

රූපසිංහ Friday, 14 November 2014 08:00 PM

මගේ අදහසට අනුව නමේ මෙවැනි ක්‍රියා ඇතිවුයේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළදීම බවයි පෙනෙන්නේ. අනේ අම්මපා අපේ රටේ තරුණ පරම්පරාවටත් අධ්‍යාපනයටත් ගිය කල! මෙවැනි සිදුවීම් වලට හේතු සාධක මොනවාදැයි කියා බලා ඒ සඳහා ක්‍රියාමාර්ගය ගැනීමේ කාලය එළඹී ඇතිබව අපි සියලු දෙනා වටහාගත යුතුයි (නි)

:       0       0

ජයතුංග Friday, 14 November 2014 08:35 PM

සුරාව, මත්කුඩු, ගණිකාව, සූදුවට රට හැරෙනකොට ඔය වගේ දේවල් ඒතරම් ගණන් ගතයුතු දේවල් නොවේ. මේවාට වගකිවයුත්තේ ජනතාවයි. (නි)

:       0       0

සමන් පැරිස් Sunday, 16 November 2014 02:59 PM

ශලිනි, ඔබේ අදහස මසුරන්. ඒ කාලේ තාත්තලා එහෙම නොසිතුව නිසා තමයි අපේ අම්මලා රත්තරන් අම්මලා වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site