(උණවටුන ඩි.ජි.සුගතපාල)
ඔහු ගමේ කා අතරත් ප්‍රසිද්ධ වූයේ පොඩි බාස් යනුවෙනි.පොඩි බාස් ගෙවල් දොරවල් අලුත්වැඩියා කිරීමට ඉතා දක්ෂයකු විය. නිවෙසකට ගැලපෙන තීන්ත වර්ගය පමණක් නොව සුදුසු පාට පවා තෝරා දෙන්නේ ඔහුය. මේ නිසා ඔහුට බොහෝ අවස්ථාවල ගමෙන් පිට ප්‍රදේශවලින් පවා කැඳවීම් ලැබිණි.
ඔහු දිනපතා අධික ලෙස මත්පැන්ද පානය කළේය. දිනපතා සවස් කාලයේ ඔහු හමුවීමට අවශ්‍ය නම් යායුතු වූයේ තැබෑරුමටය. එහෙත් පොඩි බාස්ගෙන් කිසිවකුටත් කරදරයක් නොවීය. මඟදී හමුවන හැම කෙනෙකු සමගම විහිළු කිරීම ඔහුගේ සිරිතක්ද විය.
මේ අතර හදිසියේම ඔහු මියගියේය. ගමේ සියල්ලෝම පාහේ ඔහුගේ හදිසි මරණය ගැන සැබැවින්ම දුක්වූහ. ඔහුගේ මරණයෙන් පසු පුතා තාත්තාගේ රැකියාව කරන්නට පටන් ගත්තේය. මේ අතර තුන් මාසයේ දානය ක්‍රමයෙන් ළංවිය. පුතා ඇතුළු පවුලේ අය එක්ව තුන් මාසයේ දානයට සූදානම් වූහ.
මියගිය අය ජීවතුන් අතර සිටියදී වැඩියෙන්ම ප්‍රියකළ ආහාර පාන තුන් මාසයේ දානයට දියයුතු බවට ගමේ අයගේ මතයක් විය. ඒ අනුව පොඩි බාස්ගේ පුතා තුන් මාසයේ දානයට මත්පැන් දෙන්නේ කෙසේදැයි කල්පනා කළේය. ඒ තාත්තා ජීවතුන් අතර සිටියදි මත්පැන්වලට වැඩියෙන්ම ලොල්ව සිටි නිසාය.
ඔහුගේ මිතුරෙක් එයට හොඳ උපදෙසක් දුන්නේය. “මචං බෝතල් දෙකක් අරන් ගිහිල්ල තාත්තගේ සොහොන ළඟ තියමු”. මිතුරාගේ උපදෙසට ඔහුද එකඟ විය. තුන් මාසයේ දානයේ දිනයට පෙරදින රාත්‍රියේ ඔහු තාත්තා නිතරම පානය කරන ලද මත්පැන් වර්ගයේ බෝතල් දෙකක් ගෙන ගොස් සොහොන දෙපැත්තේ තබා ආවේය.
දානයේ කටයුතු හොඳින් සිදුකෙරිණි. දන්දීමේ අගය බණට ද කීවේය. සියලු වැඩ කටයුතු අවසන්වීමෙන් පසු ඔහු ගොස් තාත්තාගේ සොහොනට ගොස් බැලූ අතර පෙරදින රාත්‍රියේ තබන ලද මත්පැන් බෝතල් දෙක එහි නොතිබිණ. ඔහුගේ සිතට දැනුණේ සතුටකි “කව්ද අරක්කු බෝතල් දෙක බීලා. තාත්තට පින් ලැබේවි”. ඔහු නිවෙසට ගොස් නිවැසියන්ටද ඒ බව කීවේය.
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහ
නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. තමා සතුව යතුරුපැදියක් හා ත්
මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
තාත්තාගේ තුන්මාසේ දානය දා පුතා සොහොනට අරක්කු තියලා