IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


දඩ පහයි: ඔබට සතුටුයිද දැන්

මාර්ග සංඥා කඩ කරමින් නීති විරෝධී අන්දමින් වාහන පදවන රියැදුරන් නීතියේ රැුහැනට කොටු කර ගැනීම සඳහා රාජකාරියේ යෙදී සිටින පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මාර්ගයේ ඉදිරි ස්ථානයක සේවයේ යෙදී සිටින බව තමුන් ඉදිරියට පැමිණෙන රියැදුරන්ට දැනුම් දීම සඳහා තම වාහනයේ ප‍්‍රධාන විදුලි පහන ක‍්‍රියාත්මක කරමින් සංඥා කළ රියැදුරකු ඔහුටත් නොදැනීම තවත් එවැනිම පොලිස් නිලධාරීන් පිරිසකට කොටුවී දඩයක් ද ගෙවීමට සිදුවීමේ පුවතක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය

ප‍්‍රධාන මාර්ගයක ධාවනය වන වෑන් රථයකි. මාර්ග සංඥා කඩ කරමින් නීති විරෝධී අන්දමින් වාහන පදවන රියැදුරන් කොටුකර ගැනීම සඳහා සේවයේ යෙදී සිටින පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මාර්ගය අයිනේ සිටිනු දැක ඔහු තම වාහනය ධාවනය කරන අතරතුර ඔහුගේ වාහනයේ ප‍්‍රධාන විදුලි පහන් දල්වමින් ඒ බව තමා ඉදිරියෙන් එන සෙසු වාහනවලට ද දන්වා සිටියේ කිසියම් යුතුකමක් ඉටු කරන පරිද්දෙනි. (මාර්ග පරීක්ෂාවේ යෙදෙන පොලිස් නිලධාරීන් මාර්ගයේ ඉදිරියෙන් සිටී නම් රියැදුරෝ තම වාහනයෙන් විදුලි පහන් ක‍්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් සෙසු රියැදුරෝ දැනුම්වත් කරති).
වාහන පරීක්ෂාවේ නිරත පොලිස් නිලධාරීන් පිරිස පසුකර පැමිණීම නිසා සිත සැහැල්ලූ කරගත් වෑන් රථයේ රියැදුරු මහතා වාහනයේ සිටි පිරිස සමග ද උජාරුවෙන් කතා කරමින් ජයග‍්‍රාහී ලීලාවෙන් තම වාහනය හැටට හැටේ පදවන්නට වූයේ නොකඩවාම තම වාහනයේ විදුලි පහන් ද විටින් විට ක‍්‍රියාත්මක කරමිනි.

කෙසේ වෙතත් ඔහුට ගමන් කරන්නට හැකි වූයේ කිලෝමීටර් දෙක තුනකටත් වඩා අඩු දුරකි. වේගවත් විසිල් හඬකින් ඔහු පියවි ලොවට පැමිණෙද්දී ඔහු ඉදිරිපසින් දැක ගන්නට ලැබුණේ පොලිස් රථවාහන අංශයක තවත් නිලධාරි පිරිසකි.

‘‘මොකෝ මහත්තයා මේ දවල් ලයිට් දාගෙන මේ තරම් වේගයෙන්’’ පොලිස් නිලධාරියා කාරුණිකව ඇසූ පැනයට නිහඬව සිටිනු විනා උත්තරයක් ඔහුට නොවීය.

රථවාහන අංශයේ නිලධාරී මහතා ඔහුගේ වාහනයේ ඇති වැරදි මෙන්ම සෙසු රියැදුරන්ට ද වැරදි කරන්නට අනුබල දීමේ ආදීනව කියා දෙද්දී තවදුරටත් මුනිවත රකිනු විනා ඔහුට කරන්නට අන් යමක් නොවීය. 

අවසානයේ අනුන්ට නීති කඩන්නට උදව් කළ ඔහුට දඩ ගොඩකි. එකක් නියමිත වේග සීමාව ඉක්මවා වාහනය පැදවීමය. අනෙක රක්ෂණ සහතිකය රැුගෙන නොයාමටය. තව කිහිපයක් වාහනයේ අඩුපාඩුවලටය. 

ඔහු දඩ කොළයත් රැුගෙන වාහනයට නගිද්දී වාහනයේම සිටි පොඩි එකෙක් ‘‘ඔබට සතුටුයි ද දැන්’’ යනුවෙන් කියනු ඇසිනි.

 



අදහස් (0)

දඩ පහයි: ඔබට සතුටුයිද දැන්

කල්ප Saturday, 06 August 2016 04:18 PM

දඩකොල දීලා තියන්නේ පළිගන්න වගේනේ. පස්සෙන් එළවගෙන ගිහින් වැරදි හොයලා තියන්නේ. තව ටික දවසකින් පොලිසිය ගෙවල්වලට ඇවිල්ලත් දඩකොල දෙයි (නි)

:       0       0

රංජිත් Sunday, 07 August 2016 11:45 AM

ඉදිරියට එන වාහනේ ලයිට් ගහුවාම රියදුරන් නීතියට අනුව තමයි වාහනය ධාවනය කරනවා නම් පොලිසියට කරන්න තියෙන්නේ වාහන කිහිපයක් මහාමාර්ග වල ලයිට් ගහ ගහ එහාට මෙහාට දාවනය කරන්න. එතකොට මාර්ග විනය ඇතිවෙලා අනතුරු අඩුවේවි (හේ)

:       0       0

නිශාන්ත Saturday, 06 August 2016 09:28 PM

මදැයි ඉල්ලන් කෑමක තරම! (නි)

:       0       0

රාජු Sunday, 07 August 2016 03:26 AM

කල්ප, පොලිසිය පුරුදු පුහුණු කරලා තියෙන්නේ වැරදි කරන එවුන් පස්සෙන් එලවල අල්ලන්න තමයි. නැත්නම් කියන්නේ පොලිසිය ඇතුලට වෙලා ඉන්න කියලද අපරාධ කාරයෝ ඇවිල්ල අනේ සර් මාව අත් අඩංගුවට ගන්න මම අපරාධයක් කළා කියල බාර වෙනකම්. (රේ)

:       0       0

ජේ. ආරියප්පෙරුම Saturday, 06 August 2016 01:21 AM

මට වහ කුප්පියක් දෙන්න. වෙන කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

හිමාල් Sunday, 07 August 2016 05:16 AM

පාරේ වේග සීමා දාලා නැත්නම් අධික වේගයෙන් ගියාට දඩ ගහන්න බෑ.ඒ වගේම ඉස්සරහ පොලීසියෙන් ඉන්නවා කියලා ලයිට් ගැහුවාම රියදුරන් හරියට යනවා.ඒකෙ මොකක්හ වැ‍රැද්ද?(රේ)

:       0       0

පද්මිණී Sunday, 07 August 2016 06:17 AM

පොලිසියට රාජකාරි කරන්න පස්සෙන් එලවන්න පුළුවන්. (ත)

:       0       0

බමුණුසේන Sunday, 07 August 2016 10:53 PM

මේ පුද්ගලයා ගැන මට නම් සතුටුයි. මම වුණත් ඔය වැඩේ කරනවා. සී සී ටී වී කැමරා සවිකරපු තැන් වල එබැව දැන්වීම් දාලා තිබෙන්නේ මොකද? වැරදි කරන්නාට කලින් දැන්වීමට. එහෙනම් පොලිසිය සිටින බව වැරදිකරන්නට දැන්වීම වරදක්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 07 August 2016 10:50 PM

රාජු, වැරදි කරන මිනිස්සු කලිම වැරදි වලින් නවත්වා ගැනීම සුදුසු නැද්ද? පොලිසිය කරන්නේ ගාන සොයාගැනීමක්. අපි නොදන්නා පොලිසිය. (නි)

:       0       0

රන්ජිත් Monday, 08 August 2016 01:40 AM

අනේ අපේ පොලිසිය! දවසක් යාළුවෙකුගේ වෑන් එකක් නවත්තලා මොකුත් අල්ලාගන්න නැතිකොට වටේ කැරකිලා, හෙඩ් ලයිට් දාන්න කිවුවා. "මහදවල්ට මොන හෙඩ් ලයිට්ද? බලන්න ඕනෑනම් රෑ 8 ට මෙතනට වෙලා ඉන්න අාපහු යනවිට බලාගත හැකියි" කිවුවාම, හා හා යනවල අපි බලාගන්නම් කිව්වා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 11 0

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 613 1

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 185 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1033 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා
2025 මාර්තු මස 06 1266 0

සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසා


හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා
2025 මාර්තු මස 05 921 1

අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site