IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දුම්රිය ප‍්‍රවේශපත වෙනුවට කමිසය පූජාකරලා

ගම්පහ දුම්රිය ස්ථානය මගීන්ගෙන් පිරී ඉතිරී ගිය අවස්ථාවකි. දුම්රියට නැගීමට දඟලන මිනිසුන් පෙරළාගෙන උඩුකය නිරුවත්ව කඩා බිඳගෙන දුවන තරුණයෙකි. උදේ පාන්දර දුටු දසුනෙන් මගීන්ගේ කුතුහලය ඒ වෙතට යොමුවූයේ නිරායාසයෙනි. තරුණයා පණකඩාගෙන දුවයි. ජනතාව වටපිට බලයි. සිදුවූ දේ පැහැදිලි නොමැතිව මගීන් යායුතු ගමන නවත්වා තරුණයා දෙසත් අවට ප‍්‍රදේශය දෙසත් මාරුවෙන් මාරුවට බලයි. දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පාට කමිසයක් අතේ තියාගෙන දුම්රිය වේදිකාවේ බඩගාමින් කෑ ගසයි. කොළඹ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ නැවැත්වූයේ ටික වෙලාවකට කලිනි. එම දුම්රියෙන් ආ මගීන් ගම්පහ දුම්රියෙන් බැස පිටතට යෑමට දුම්රිය ආරක්ෂා නිලධාරීන්ගේ පරීක්ෂාව යටතේ සිදුවන අතර ප‍්‍රවේශපත් නොමැතිව ආ තරුණයකුගෙන් ප‍්‍රවේශපත‍්‍ර ගැන විමසන විට ආරක්‍ෂක නිලධාරින්ගෙන් මිදී පලායෑමට කළ උත්සාහයේදී ආරක්ෂක නිලධාරියාට කමිසය පුදා උඩුකය නිරුවතින් දුවගොස් ඇති අතර තරුණයා අල්ලා ගැනීමට තැත් කළ ආරක්ෂක නිලධාරියාගේ අතට අසුවූ කමිසය සමඟ බිම වැටුණු පසු නැවත නැඟිට එම කමිසයෙන්ම ඇඟ දැවටුණු දූවිලි පිසදාගන්නා විට සිදුවූ කාරණය මගීන්ට වැටහිණි.



අදහස් (0)

දුම්රිය ප‍්‍රවේශපත වෙනුවට කමිසය පූජාකරලා

රන්ජිත් Monday, 26 November 2012 11:51 AM

අයියෝ සල්ලි

:       0       0

අජිත් Friday, 23 November 2012 06:00 PM

අයියෝ සල්ලි

:       0       0

චමින්ද Saturday, 24 November 2012 10:19 AM

මෙයා ග්‍රීස් යකෙක්ද කොහෙද (ස)

:       0       0

චන්දිම Monday, 26 November 2012 09:30 PM

කමිසෙ වගේද බැරිවෙලාවත්.....??? (නි)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 04:45 PM

සුදුසු වෙලාවට ගණ දෙවි නුවණ යොදාගෙන තියෙන්නෙ අපූරුවට. (නි)

:       0       0

වරුණ Friday, 23 November 2012 08:06 AM

එගොඩඋයන, කෝරළවැල්ල, ලුනාව, අගුලාන, දෙහිවල පැතිවල අය බොහොමයක් යන්නේ හොරට. (නි)

:       0       0

ෆිරෝ Thursday, 22 November 2012 05:10 PM

කොහොමත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් මගීන්ව එච්චර ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

ජෝස් Thursday, 22 November 2012 05:21 PM

ඕවා නම් ඉතිං ඔය ඕනෑතරම් වෙන්නේ. (නි)

:       0       0

සිරී Friday, 23 November 2012 03:34 PM

ආ................ඕක මොකක්ද...? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site