IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දුරකථනයෙන් පෙම් බස් දොඩමින් ගාලූ යන්න මාතර බසයක නැඟලා

ඔහු රැුකියාව කළේ කොළඹ නගරයේය. ගම ගාල්ලේය. සතියේ දිනවල දී කොළඹ නැවතී රස්සාව කරන ඔහු සති අන්තයේ සිකුරාදා ගමට යයි.


ගමේ යාමට විශේෂ හේතුවක්ද තිබිණි. ඉදිරි වසරේ විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තම පෙම්වතිය ගමේ සිටීම නිසාය. සිකුරාදා වනතුරු ඇඟිලි ගනිමින් සිටින ඔහු හැකි ඉක්මණින් මහරගමට පැමිණ අධිවේගී බසයකින් ගාල්ලට යන්නේ තම ගමනේ කාලය කෙටිවීම ගැන මහත් සතුටිනි.


මේ යන ගමනේ දී ඔහුගේ ජංගම දුරකථනයට නම් කිසිදු විවේකයක් නැත. ඔහු හැමදාමත් බසයට නගින්නේත් බසයෙන් බසින්නේත් දුරකථනය කනේ ගහගෙනය. අනෙක් පැත්තේ ඉන්නේ පෙම්වතියයි.


තොඳොල් බස් කතා කරමින් ආදර වදන් දොඩමින් කෙරෙන මේ කතා බහ කිසිවෙකුට ඇහෙන්නේද නැත. ඒ තවත් සිකුරාදා දිනයකි. මහරගමින් අධීවේගී මාර්ගයේ ගාල්ලට යන අවසන් බසය අල්ලා ගැනීමට කඩිනමින් මහරගමට පැමිණි ඔහු පිටත්වෙමින් තිබෙන බසයක් දුටුවේය. ඒ වනවිටත් ජංගම දුරකථනය ඔහුගේ දකුණු කනට බරවී තිබිණි. බසයේ සිටි සේවකයා ද සීට් තියෙනවා යැයි කියූ බැවින් ඔහු දිව ගොස් බසයේ එල්ලූණි. පිටත් වී තිබූ බසයේ නැගුණු ඔහු ”බස් එකට නැංගා” යැයි පෙම්වතියටත් කීවේය.


ඇය වේලාව බැලූවාය. තවත් පැය එකහමාරකින් ඔහු ගාල්ලෙන් බසින බව ඇය දනියි. දැන් බසය හැල්මේ ගමන් කරයි.


ඔහුත් ඇයත් දුරකථනයේය. ඔහුට මෙලෝ සිහියක් නැත. කොන්දොස්තර ඔහු අසලට පැමිණ ටිකට් කඩද්දී ඔහු 1000 නෝට්ටුවක් දික් කළේය. ඉතිරි මුදල දෙසවත් නොබැලූ ඔහු එය සාක්කුවේ  රුවා ගත්තේය.


විනාඩියෙන් විනාඩිය ගෙවීගොස් පැයක් ගතවී ගියේය. බොහෝ දෙනෙකු නින්දේය.


”තාම ඔය බස් එක හයිවේ එකේද?” පෙම්වතිය අසයි. ඇය සිතා සිටින්නේ බසය දැන් ගාල්ලට පැමිණෙන්ට ඇතැයි කියාය. ගතවූ වේලාව අනුව ඇය නිවැරදිය.


කවුළුවෙන් පිටත බැලූ ඔහු ”නෑ. තවම හයිවේ එකේ. වහිනවානේ හෙමින් එන්නේ” කීවේය.


බසය නතර කැරිණි. ”හැමෝම බහින්න. ස්ටෑන්ඞ් එකට ආවා.” ඒ කොන්දොස්තරගේ හඬයි.


”ගාල්ලට ආවා” කියමින් ඔහු බසයේ දොර වෙත ගමන් කළේය.


බසයෙන් බැස්ස ද තැන නුහුරුය නුපුරුදුය. පුදුමයකි. ඔහු මාතරට පැමිණ ඇත. බසයේ නාමපුවරුවේ මහරගමxමාතර ලෙස සඳහන්ව ඇත.
දුරකථනයෙන් පෙම්වතිය අමතමින් පැමිණි ඔහු කලබලයට නැග ඇත්තේ මාතර බසයේය.


දැන් ගාලූ යන්නට බස් නැත.


අලූයම වනතුරු මාතර බස් නැවතුමේ රැුය පහන්කළ ඔහු මුලින්ම කොළඹ යන බසයේ නැග ගාල්ලෙන් බැස ගත්තේ මට මේවා හොඳ පාඩම් යැයි සිතමිනි.

 



අදහස් (29)

දුරකථනයෙන් පෙම් බස් දොඩමින් ගාලූ යන්න මාතර බසයක නැඟලා

කෝලිත Tuesday, 05 May 2015 02:20 PM

පුදුම ප්‍රේමයක්නේ! (නි)

:       0       0

නුවන් Tuesday, 05 May 2015 07:14 AM

ඇයි කතරගම ඉඳලා එන ඒවාවත් තිබිලා නැද්ද? (නි)

:       0       0

නිමල් Wednesday, 06 May 2015 06:14 AM

එක අතකට හොඳ වැඩේ (නි)

:       0       0

සරත් Tuesday, 05 May 2015 03:52 PM

"ආලයෙන් මන සුන්දර වේ ලංකෘත වේ.." (නි)

:       0       0

උමේෂ් Tuesday, 05 May 2015 08:40 AM

විශ්වාස කරන්න අමාරුයි. දැන් මැදියම් රාත්‍රී වෙනකන් බස් තිබෙනවා. මාතර නෙවෙයි මන්නාරමට ගිහිල්ලා නම් ඔන්න ඕක විශ්වාස කරන්න තිබුණා (බ)

:       0       0

ඉනෝකා එංගලන්තය Tuesday, 05 May 2015 09:02 AM

මෙය කියවනකොට මගේ දුව සහ දුවගේ පෙම්වතාව මතක් වුනා.(හේ)

:       0       0

ඉනෝකා Tuesday, 05 May 2015 09:02 AM

හොද වැඩේ සිහියක් නැතුව ගමන් යනවට.(හේ)

:       0       0

සුපුන් Thursday, 07 May 2015 03:25 AM

මාතරින් කොලඹට යන්න ඕනි තරම් බස් තියෙනවා (නදී)

:       0       0

තේජාන්විත Tuesday, 05 May 2015 09:35 AM

සමන් මෙය බදින්නේ එයාව නෙමෙයි වෙන කෙනෙක්ව . එතකොට මතක් කරගෙන හිනාවෙන්න වෙන්නනේ තනියෙම තමයි. (ම)

:       0       0

කුමාරි Monday, 11 May 2015 08:26 AM

සමහරු හයිවේ බස් එකක ගිහිල්ලා නැහැ වගේ (නි)

:       0       0

තනුර Tuesday, 05 May 2015 10:15 PM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 07 May 2015 03:44 PM

චින්තක කියනවා වගේ මමත් හිතන්නේ මේක බොරුවක් බස්සෙකට නැගල ටිකට් ගන්න වෙලාවට කියනවා නේද කොහෙන්ද බහින්නේ , කොහාටද යන්නේ කියල (බ)

:       0       0

කිත්සිරි Wednesday, 06 May 2015 01:44 PM

ආලය අන්ධය (නි)

:       0       0

තත්සර Wednesday, 06 May 2015 01:43 PM

මල්ලිට රෑ හොඳට නින්ද යන්න ඇති (නි)

:       0       0

කුමාර Wednesday, 06 May 2015 01:44 PM

අනේ මෙහෙම සිහියක්? (නි)

:       0       0

තිළිණි Wednesday, 06 May 2015 01:43 PM

මෙහෙමත් පිස්සෝ! (නි)

:       0       0

තරංග Wednesday, 06 May 2015 01:43 PM

අයියෝ පවු! (නි)

:       0       0

චින්තක Tuesday, 05 May 2015 04:45 AM

මේක නිකම් බොරුවක්නේ...ඔය රෑ දුර බස් එකක්වත් ආවේ නැත්ද ගාල්ලට යන්න. කතරගම, තංගල්ල, හම්බන්තොට, වගේ බස් ඕනේ තරම් එනවනේ..(බ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 05 May 2015 04:57 AM

පෙම්වන්තියට ඔයතරම් ආදරේ නම් කීයක්හරි ගෙවලා කුලී රථයක් අරගෙන ආපහු ගාල්ලට යන්න තිබුනනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 May 2015 12:21 PM

කතාව බොරු උනත් ඇත්ත උනත් මේ වගේ කටු කන කොට තමයි ආදරේ සුන්දර වෙන්නේ , ජිවිත කාලෙම මතක් කර කර හිනාවෙන පුළුවන් දරු මුනුපුරොත් එක්කම (බ)

:       0       0

දුමින්ද Tuesday, 05 May 2015 05:10 AM

ආලය අන්ද -මන්දවේ (නි)

:       0       0

කුමාරි Tuesday, 05 May 2015 05:17 AM

ආලය අන්ධයි කියන්නේ ඕකනේ. (නි)

:       0       0

කළුවිතාන Thursday, 07 May 2015 11:34 PM

අනේ අප්පොච්චියේ වෙලා තියෙන දේ? (නි)

:       0       0

ටියුඩර් Tuesday, 05 May 2015 05:39 AM

අනේ අපොයි මල්ලියේ! (නි)

:       0       0

සෙන්සාන් Tuesday, 05 May 2015 01:21 PM

හොඳ වැඩේ! (නි)

:       0       0

දිමුත් Tuesday, 05 May 2015 05:57 AM

අනේ අනිච්චං! (නි)

:       0       0

සමන් වසන්ත Tuesday, 05 May 2015 06:20 AM

මෙහෙම දේවල් වෙන්නත් ඕනෑ. එතකොට දෙන්නා බැඳපු කාලෙක මතක්කරලා හිනාවෙන්න බැරියැ (නි)

:       0       0

පියසේන Tuesday, 05 May 2015 06:45 AM

නියම වැඩේ වෙලා තියෙන්නේ (නි)

:       0       0

Wimalasiri Fernando Monday, 04 September 2017 07:32 PM

1995ත් 2007ත් ඇතුලත කාලය තුල දෙයියෝ සාක්කි කොලමේ පලවුනා මාතර ප්‍රදේශයේ එක්තරා සිදුවීමක්. මට ඒ පුවත නැවත බලන්න පුලුවන් කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site