IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


දුරකථනය කටේ තියන් යද්දී කෝල් එකක් ඇවිත් අලි ජංජාලයක්

රාත‍්‍රී කාලයේ නිවසකට ඇතුළු වී ජංගම දුරකතනයක් සොරා ගෙන යමින් සිටියදී අතර මගදී එම දුරකථනයට ආ ඇමතුමක් නිසා දුරකතනය අතහැර පළා ගිය බල්ලකු ගැන පුවතක් සාලියවැව නීලබැම්ම ජනපදයෙන් වාර්තා වෙයි. 

මෙම ජංගම දුරකතනයේ හිමිකරු ප‍්‍රදේශයේ ගොවි මහතෙකි. ඔහුම පවසන අන්දමට දිය නෑම සඳහා සිය ගෙවත්තේ ළිඳට ගොස් සිට ඇත. එවිට දුරකතනය තිබී ඇත්තේ නිවසේ සාලයේ පුටුවක් මතය. දිය නා ආපසු නිවසට පැමිණි ගොවි මහතාට තම දුරකතනය පුටුව මත නැති බව පෙනී ගොස් ඇත. ඒ ගැන වටපිට විපරම් කළද පළක් නොවූ තැන ගෙතුළ සිටි බිරිය හා දරුවන්ගෙන් ද දුරකතනය ගැන විමසීමක් කර ඇත. නමුත් ඔවුන් ද ඒ ගැන දැන සිට නැත. 

තම පවුලටම ඇති එකම දුරකතනය හිටි හැටියේ මෙසේ අතුරුදන්වීම පිළිබඳව කලබල වූ නිවැසියන් තවදුරටත් ඒ මේ අතට ඇවිදිමින් දුරකතනය සොයන අතරේ නිවසට ඉදිරියෙන් ඇති අතුරු පාරක් දෙසින් දුරකතනයක් නාදවෙන හඬ ඇසී ඇත. නාදයට අනුව එය තමාගේ දුරකතනය විය හැකි බවට අනුමාණ කළ ගොවි මහතා වහාම ඒ දෙසට දුව ගොස් බලනවිට ඔහුගේ අනුමානය නිවැරදි විය. ඒ වනවිටත් නාදවෙමින් හා ආලෝකයද විහිදුවමින් බිම වැටී තිබූ දුරකතනය ඔහුගේ එකම විය. 

මෙම අවස්ථාවේදී දුරකතනය වැටී තිබූ තැනට නුදුරින් බල්ලෙකු ඒ දෙස බලාගෙන සිට තමා දැක පළා ගිය බවත්, අතට ගත් දුරකතනය පරීක්‍ෂා කර බැලීමේදී එහි තිබූ සලකුණු අනුව අදාළ බල්ලා එය රැුගෙන යමින් සිටි බවට තහවුරු වූ බවත් ගොවි මහතා පැවසීය. 



අදහස් (0)

දුරකථනය කටේ තියන් යද්දී කෝල් එකක් ඇවිත් අලි ජංජාලයක්

අජිත් Sunday, 21 February 2016 02:49 PM

හරිම රසවත් කතාවක්. (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Friday, 19 February 2016 03:16 PM

බල්ලා රට ගිහින් රට බල්ලට ගිහින්. (බ)

:       0       0

බණ්ඩාර රුසියාව Friday, 19 February 2016 03:27 PM

බලුවැඩ බලුකතා අහල දැන්නම් මට එපාවෙලා.(බ)

:       0       0

නාමල් Friday, 19 February 2016 09:10 AM

බල්ලොත් එක්ක බෑ. (ර)

:       0       0

හිහාල් Friday, 19 February 2016 09:25 AM

ෆෝන් එක බල්ලට ගියා බල්ලා හඳට ගියා. (ර)

:       0       0

තුෂාරී Friday, 19 February 2016 09:53 AM

බල්ලන්ට ගිය කල.? අරහේ සල්ලි කනවා, මෙහෙ ෆෝන් උස්සනවා,අනේ මන්දා..? (ර)

:       0       0

චම්පික Friday, 19 February 2016 05:17 PM

හොඳ කතාවක් (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 20 February 2016 02:01 PM

මේවා මෙහෙම වෙන එක පුදුමයක්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 20 February 2016 01:57 PM

හරි සතුටුයි බණ්ඩාරගේ කතාවට (නි)

:       0       0

ප්‍රියානි Saturday, 20 February 2016 02:43 PM

නියම කතාව! (නි)

:       0       0

රූපවතී Friday, 19 February 2016 05:57 PM

අනේ හරිම ලස්සන කතාවක්. පව් අසරණයා. (නි)

:       0       0

ආරච්චි Saturday, 20 February 2016 06:08 AM

දැන් සෙල්ෆෝන් එක බල්ලට ගිහින් කියලද කියන්නේ. බල්ලෝ කරන්නේ ඉතින් ඔය වැඩමනේ. එත් මිනිස්සුත් කරන්නේ කොහොමටත් බල්ලන්ගෙන් සෙල්ෆෝන් විතරක් නොවෙයි අපිත් පරිස්සම් වෙන්න ඕන. ටිකක් හොයල බලන එක හොදයි බල්ලව පුරුදු කරලද කියලා. (ර)

:       0       0

ඉමායා Friday, 19 February 2016 11:18 AM

දෙපා සතුන් කෝටිගණන් හොරා කද්දී, අපි ඔය පොඩි ෆෝන් එකක් හොරා ගත්තාට මොකද කියලා බලු පෝතකයාට හිතෙන්න ඇති.බල්ලෝ වුණත් හැමදාම හොරු අල්ල අල්ලා ඉන්නේ නැතුව වෙනසක් බලාපොරොත්තු වෙන්න ඇති. (අ)

:       0       0

සහන් Friday, 19 February 2016 07:42 AM

හරිම රසබර ලිපියක්. (ර)

:       0       0

ශාන්ති Saturday, 20 February 2016 07:09 PM

කාලෙකින් රස කතාවක් ඇහුවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 February 2016 07:53 AM

බල්ලට හිතෙන්න ඇති බැල්ලිත් එක්ක මල් කඩන්න. (ර)

:       0       0

මනෝ Friday, 19 February 2016 08:00 AM

අපේ ගෙදර ඉස්සර බල්ලෙක් හිටියා ඌ කෑම අරගෙන ගිහිල්ලා තියා ගන්නවා කන්නේ නැතිව. පස්සේ කන්න වෙන්න ඇති. දැන් බල්ලන්ගේත් අවශ්‍යතා වෙනස් වෙලා මම හිතන්නේ. (ර)

:       0       0

සෑම් Sunday, 21 February 2016 11:04 AM

ෆෝන් එකත් බල්ලට ගියා එහෙනම්. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 19 February 2016 08:36 AM

ආපු දුර කතන ඇමතුම නිසා ගොවි මහතාගේ නැතිවෙන්න ගිය දුරකතනය 99 න් බේරුනා. මේකෙන් පේනවා දැන් බල්ලන්ටත් දුරකථන අවශ්‍ය බව. (ර)

:       0       0

යෝනක Sunday, 21 February 2016 03:25 AM

නියම කතාවක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 11 0

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 615 1

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 186 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1033 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා
2025 මාර්තු මස 06 1266 0

සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසා


හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා
2025 මාර්තු මස 05 921 1

අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site