IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දුරට සීනි ළඟට කෙසෙල් වෙලා

(හාරිස්පත්තුව මොහොමඩ් ආසික්)
තරුණ යුවළක් හදිසි  ගමනක් යන්න හිටියා. ඔවුන්ගේම ත්‍රිරෝද රථයෙන් යමින් සිටි ඔවුන්ගේ කතාබහ මාතෘකාව ඉහළ ගොස් ඇති බඩු මිල ගැනය.


‘‘බලන්න ඉස්සර අපිට  මේ කිලෝමීටර් හත-අට යන්න කීය ද? වියදම් වුණේ. අද කීයක්  ඕන ද මහත්තයා කීවේ හූල්ලමිනි.


‘‘ බලන්නකෝ සීනිවල ගණන්. 160ක් 170ක් වෙනවා. බබාලට උදේට  තේ එක දෙන්න ඕනෑ නිසා ඊයෙත් සීනි කිලෝවක් ගේනවා. නැත්නම් සීනි ගේන්නේ නෑ. කාට ද අප්පා ඔය ගණන්වලට සීනි ගන්න පුළුවන්’’ නෝනගේ මැසිවිල්ල එයයි. 


‘‘මෙහෙමනේ ටවුමේ ඉඳලා අපේ ගමට කිලෝමීටර් හත අටක් තියෙනවානේ. ගමට සීනි ගේනකොට ට්‍රාන්ස්පෝට් එකට වැඩි ගානක් වැය කරනවා. ඒකයි ඕවට හේතුව. ගමේ කඩේට වඩා ටවුමේ කඩවල මිල අඩුයි. මහත්තයා තමන්ගේ ආර්ථික විද්‍යා දැනුම  විදහා පෑවේ එසේය.


කතාවෙන් කතාවෙන් ඔවුහු නගරයට කිට්ටු වෙමින් සිටියහ.


‘‘නවත්තන්න! නවත්තන්න’’ නෝනා එක්වරම කෑ ගැසුවාය.


මහත්තයා ත්‍රිරෝද රිය නතර කළේය.


‘‘ඇයි කෑ ගැහැව්වේ? මොකක් හරි වැටුණා ද’’ මහත්තයා විමසුවේය.


‘වැටුණා නෙවෙයි, බලන්න අර බෝඩ් එක පසුකර පැමිණි කඩයක ඇති බෝඩ් එක ඇය පෙන්නුවාය.


ඔවුන් සිටි තැනට ‘බෝඩ්’ එක පෙනුණේ ‘‘සීනි - 100යි’’ යනුවෙනි.


‘දැක්කනේ දැක්කනේ මම කිව්ව දේ හරිනේ. ගමට වඩා ටවුමේ බඩු ලාබයි’ මහත්තයා කිව්වේ උජාරුවෙනි.


 ‘‘සීනි කිලෝ දෙක තුනක්වත් අරගෙන යන්න ලාබයිනේ.’’ නෝනා කීවාය.


ත්‍රිරෝද රිය හැරවිණි. කඩය ළඟට ගිය යුවළට  තරු විසිවිය. ඒ බෝඩ් එක දැමීමෙන්  එහි තිබුණේ සීනි කෙසෙල් කිලෝවක් 100යි.

යනුවෙනි. එහි ‘කෙසෙල්’ ලියා තිබුණේ ඉතා කුඩා  අකුරෙනි. ඈතට පෙනෙන්නේ ‘‘සීනි - 100’’ යනුවෙනි.


මදෑ ලාබෙට සීනි ගන්න ගිහින් වෙච්ච වැඩේ නෝනා කීවාය.


‘‘මම මේ කල්පනා කළේ මුදලාලිගේ මොළේ ගැන’’මහත්තයා කීවේ ලජ්ජාව මැඩ ගෙනය.



අදහස් (0)

දුරට සීනි ළඟට කෙසෙල් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 282 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 868 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 760 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 607 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 318 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 281 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site