තම නිවසේ දොර මුල්ලේ වැටී තිබූ අත් ලේන්සුවක් පොළඟකු යැයි සිතා බියපත්වූ කාන්තාවක් මැදියම් රැයේ මුලූ ගමක් අවදි කරවූ බව කියැවෙන පුවතක් මීගහකිවුල නගරයට නුදුරු කරඳගහමඩ ගම්මානයෙන් වාර්තා වේ.
පොළඟා මරන්නට ගිය ගැමියන් අතරට එක්වූ පුද්ගලයකු පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.
කරඳගහමඩ හා ඒ අවට ගම්මානවල ගැමියන් නිරතුරුවම සර්පයින්ගේ දෂ්ඨ කිරීම්වලට ගොදුරු වී රෝහල් ගතවන නිසා එම ගම්වාසීහු බහුතරයක් දෙනා සිය නිවෙස්වල ගත කළේ නිරතුරු විමසිල්ලෙනි.
පසුගිය දිනෙක මැදියම් රැයේදී කිසියම් අවශ්‍යතාවක් සඳහා නිවසේ දොර අරින්නට පැමිණි ගෙහිමි කාන්තාවට දැක ගන්නට ලැබුණේ දොර මුල්ලේ ගුලවී සිටි දාරපොළෙඟකි.
ඒ පිිළිබඳ කිසිත් සොයා නොබැලූ කාන්තාව නින්දේ සිටි සිය සැමියා අවදි කර නිවසේ දොර මුල්ලේ පොළඟකු සිටින බවත් වහාම පොළඟා මැරීම සඳහා ගමේ කීප දෙනෙකු කැඳවාගෙන එන ලෙසත් ඔහුට පවසා ඇත්තේ දොර මුල්ලේ සිටි පොළඟා දෙසවත් බලන්නට ඔහුට ඉස්පාසුවක් නොදෙමිනි.
බිරියගේ කලබලය නිසාම මහ රෑ නිවසින් එළියට දිවූ ගෙහිමියාද ගමේ ගෙන් ගෙට ගොස් හත් අට දෙනෙකුම කැඳවාගෙන ආවේ එම නිවසේ සිටි පොළඟා මරණ ආකාරය පිළිබඳවද සැලසුම්ද සකස් කරමිනි.
පොළඟා මරන්නට එක්වූ ගමේ ඇතැමෙකු අත වැටවල්වලින් කඩා ගත් ඉනි කීපයක්ද විය.
පිරිස එනතුරු පොළඟා යන්නේ කොහේදැය බලා සිටි බිරිය තම නිවසට පැමිණි පිරිස පිළිගත්තේ ඔවුනට බොහෝ සේ ස්තූති කරමිනි.
විදුලි පන්දමක් රැගත් එක් තරුණයකු පොළඟා දෙසට විදුලි පන්දම එල්ල කළේ තවත් අයෙක් තම අත තිබූ පොල්ලක් පොළඟා දෙසට එල්ල කරද්දීය.
”මේ පොළගෙක් නෙමෙයි රෙදි ලේන්සුවක්” විදුලි පන්දම අත තිබූ තරුණයා සිනා සී පවසද්දී සෙසු පිිරිසද ඔහුට එක්වූයේ මහ හඬින් සිනා සෙමිනි.
තරුණ පිරිස නිවෙස ඉදිරිපස සිනාසෙද්දී නිවසේ හිමි කාන්තාව හීන් සීරුවේ ගෙට රිංගාගෙන ඇත්තේ කරන්නට අන් යමක් නොතිබූ බැවින්ලූ.
දකුණු පළාතේ පිටිසර ගමක වත්තක් මැද පිහිටි නිවසක ජීවත්වන කාන්තාවක රිළවුන් එළවා දැමීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ අපුරු පුවතකි.
මිතුරන් ගෙනා බෝතලය බොන්න සැන්ඩිවලට දෙයක් රැගෙන එන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ.
කුඹුරට එන කුරුලු ආදී සතුන්ගෙන් වී අස්වැන්න බේරා ගැනීම සඳහා කුඹුර මැද සිටුවා තිබූ පඹයකුගේ කලිසම හා කම්සය හොරෙන් ගලවාගෙන යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ග
පුද්ගලයකුට බස් රථයේදී නින්ද යාම හේතුවෙන් වැඩිපුර කිලෝමීටර් 15ක් ගොස් නැවත රුපියල් 100ක් ගෙවා වෙනත් බස් රථයකින් නිවෙසට යාමට සිදුවීමේ සිද්ධියක් හංවැල්ල ත
සුද්දා අන්දන්න ගොස් තමන්ම ඇන්දුණු අපේ රටේ කළු සුද්දකු ගැන කතාවක් බලපිටිය මාදු ගඟ අවටින් අසන්නට ලැබේ.
හෙතෙම කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි. වැටුප් ලැබෙන්නේ සතියකට එක් වරකි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
දොරමුල්ලේ ලේ්න්සුව ගමක්ම හොල්ලයි
කුමාරි Monday, 17 March 2014 10:19 AM
හිනා යන වැඩක් උනත් පව් කියල හිතුනා. කොපමණ බයකින්ද මේ අය ඇත්තේ. වෙලේ ගොයම් කපද්දී දවසක් මගේ පිටිපතුල උඩින් තඩි පොලගෙක් ගියා. මම බය උන හැටි දන්නේ මමනේ.(නදී)
ලංකාසිරි Wednesday, 19 March 2014 04:48 PM
ඕක නම් අත් ලේන්සුවක් වෙන්න බැහැ. ගොවි මහත්තයාගේ අමුඩ ලේන්සුව වෙන්ටෑ.(නදී)
හංසිකා Monday, 17 March 2014 12:08 PM
ගැණු අපේ අපේ විතරක් නෙමෙයි කුමාරි අක්කේ පිරිමින්ගේ මොළෙත් හැදිමිටේද කියලා වෙලාවකට හිතෙනවා.(නදී)
චන්දි අළුත්වෙල Thursday, 20 March 2014 03:39 AM
කුමාරි නංගිගේ පුංචි බොරුව අහු උනා. ගොයම් කපන්නේ වෙලේ නෙවෙයි නංගෝ කුඹුරේ.(නදී)
කුමාර Monday, 17 March 2014 01:34 PM
පිරිමින් ගෙ මොලේ තියෙන්නෙ හැන්දට මිට ගහන්න තමයි. ගංසිකා තාම දන්නෙ නෑ වගේ.....(අ)
නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 17 March 2014 04:38 PM
සර්පයෙක් දැක්කාම තියන මතකෙත් නැති වෙනවා.ඒ ගැහැනු කෙනා එහෙමවත් සක්තියෙන් අහල පහල අයට කතා කරා.මටනම් බයටයි,අප්පිරියවටයි,හුස්මත් යයි.නිදි මතේට ලේන්සුව පොලගෙක් වගේ පෙන්න ඇත්තේ. (අ)
ධම්ම Monday, 17 March 2014 05:47 PM
ගැහැණු කලබල උනාම වෙන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. (නදී)
සමන්ති Monday, 17 March 2014 07:38 PM
මේ ලේන්සුව කාගේද කියල බලන්න ඕනා ? රහසක් තියෙයිද දන්නේ නැහැ ? (නදී)