(ගල්ගමුව නිහාල් ජයවීර)
පිටස්තර ප්‍රදේශයක රැකියාවක් කරන සිය දියණියගේ සුවදුක් දැන ගැනීමට ඇගේ පියා අවස්ථා තුනකදීම ඇයට ඇමතුම් ගැනීමට උත්සහ කළද ඒ හැම අවස්ථාවකදීම වෙනත් කාන්තාවක කොරෝනා රෝගය ගැන විස්තර කිරීමට පටන්ගත් බැවින් ඔහු ප්‍රකෝපයට පත්ව ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ජංගම දුරකතනය පොළොවේ ගැසූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැනගැනීමට ලැබිණ.
දැන ගැනීමට ලැබුණු පරිදි ඔහු මැදිවියේ පසුවන පෙදරේරුවෙකි. වැඩට ගොස් හවසට නිවෙසට පැමිණ ඇඟපතේ රුදාව මකා ගැනීමට යැයි කීය. රහමෙර ටිකක් පානය කිරීම සිරිතක් කොට ගත්තත් එදිනෙදා ඒ කාර්යයේ නිරත වෙමින් සිටියදී සිය දියණිය ඔහුට මතක් වී තිබේ. රටේ පවතින නොසන්සුන්තාව දියණියට ඇමතුමක් ගැනීම ඉක්මන් කළේය.
සිය ජංගම දුරකතනය ගෙන දියණියට ඇමතුමක් ගත් විට එහා කෙළවරෙන් ඔහුට ඇසී ඇත්තේ වෙනත් කාන්තාවකගේ කට හඬකි. කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ස්ථානවල නොගැවසීම ආදී ලෙස විස්තරයක් කරන්නට පටන් ගත්තාය. වැරදි අංකයක් යැයි සිතා ඔහු දුරකතනය විසන්ධි කර මද වේලාවකින් නැවත දියණිය ඇමතුවාය. එහා කෙළවරෙන් යළි ඇසුණේ පෙර කාන්තාවගේ කොරෝනා විස්තරයමය. ඇමතුම විසන්ධි කොට දුරකතනය පසෙකින් තබා නිවස පිටුපසට ගිය ඔහු තවත් අඩියක් කටට හලාගෙන සාලයට පැමිණියේය.
දියණියගේ දුරකතනයේ අංකය නිශ්චිතව තහවුරු කරගත් ඔහු නැවත ඇයට ඇමතුමක් ගත්තේය. එවරද පෙර කතා කළ කාන්තාවම කොරෝනා රෝගයෙන් වැළකීමට සබන් යොදා අත්සෝදා ගැනීම ආදී ලෙස කියද්දී ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් ඒයි ගෑනියේ මට කතා කරන්න ඕනෑ මගේ කෙල්ලට... යි මහ හඬින් තවත් පරුෂ වචන වැලකින් ඇයට බැණවැදී ජංගම දුරකතනය පොළොවේ ගසා තිබේ.
මේ මිනිහා කාටද මේ කෑගහන්නේ යි කියමින් ඔහුගේ බිරිඳ ඒ ගැන සොයා බැලීමට පැමිණෙද්දී ඔහු ඇයට පවසා ඇත්තේ තුන් සැරයක් දෝනිට කතා කරන්න හැදුවා. ඒත් ෆෝන් එක උස්සන්නේ වෙන ගෑණියෙක්. වශයෙනි.
සිනාව වළකාගත නොහැකිවූ බිරිඳ කට අතින් වසාගෙන කුස්සිය පැත්තට ගමන් කළ බව ඇයම සිය මිතුරියන්ට පවසා ඇත.
රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක
තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දුවට කතා කරන්න ගිහින් කතක් කොරෝනා උපදෙස් දීලා: තාත්තා දුරකතනය පොළොවේ ගහලා
ananda Tuesday, 24 March 2020 02:20 AM
කොරෝනා උපදෙස් දුරකථනයෙන් ලබාදීම නම් කන්දොස් කිරියාවක්ම තමයි. හැබැයි කොරෝනා කොහොම වුණත් අනවශ්‍ය ඇමතුම් ගැනීම නම් පාලනය කරන්න මේ ක්‍රමය හොඳයි. මම වුණත් දැන් කෝල් ගන්න එක සීමා කරලා.