IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දේවාලයේ පිංපෙට්ටියේ කතරගම දෙවියන්ට ලියූ ලිපියක්

හිරු නොනඟින පැත්තේය.  දෙවොලේ පිංපෙට්ටියෙන් අමුතු පඬුරක් මතුවිය. රුපියල් දහයේ කාසියක් එතූ ලියුමක් එහි විය. ලියුම කතරගම දෙවියන්ටය. කතක ඒ ලියුම ලියුවේ සැමියාගේ අවකල් ක‍්‍රියාව ඉවසා සිටීමට බැරිම තැන ය. සැමියා හොර අඹුවක පසුපස යන බව ඈ දැන ගත්තාය. එයින් තමාට කෙසේ වෙතත් දරු දෙන්නාට යන කලදසාව සිහිවූ විට ඇගේ පපුව  ‘හෝස්’ ගා දා ගිය වාර අනන්තය. ගෙදරදී දුන් අවවාද ඉමක් නැත. රණ්ඩු දබරද ඉමක් නැත. තවත් කියන්නටද කෙනකු නැත. අන්තිමේදී ඇය කතරගම දෙවියන්ගේ පිහිට පැතුවාය. හොර අඹුව කඩකාරියකි. ඇහට කනට පෙනෙන ගැහැනියකි. ඔහුගේ තුන් රෝදයෙන්ද දෙන්නා හොර ගමන් යන්නට ඇති ලූ. දෙවියාට යැවූ ලියුම නරයකු අතට පත්විය. ඒ නරයා එය හොර අඹුවට දුන්නාය. ඉන්පසු අර පලහිලව්ව ගමපුරා ඇවිළ ගියේය. ඒ ලියුමේ ඇති දෙය දෙවොල් අසන, බලන කෙනකුගේ හිත පපුව ඉබේම උණුවෙනවාලූ. සැබැයි දේව ලිපිය ලීක් කළ නරයාට දැන් එක් කතක් දෙස් දෙවොල් තබනවා ලූ.



අදහස් (0)

දේවාලයේ පිංපෙට්ටියේ කතරගම දෙවියන්ට ලියූ ලිපියක්

සරත් Wednesday, 13 June 2012 11:30 AM

ප්‍රශ්නයක් නෑ.ද්විත්ව පුරවැසිකම අනුමත වෙලයි තියෙන්නේ

:       0       0

රජිත් මංජුල, Tuesday, 12 June 2012 12:27 PM

නදීක පැණි ආප්ප එක්ක කෙසෙල් කාල නැද්ද ??? හරි රසයි

:       0       0

වසන්ත රත්නායක Tuesday, 12 June 2012 01:16 PM

නදීකා - ඇහට කනට පෙනෙන හොර අඹුව කරන්නෙත් ඒ දේම නේද?......

:       0       0

සූකිරිබටිල්ලා Tuesday, 12 June 2012 01:31 PM

වාහනේකට ස්පෙයාර් වීල් එකක් තියෙන්න ඕන.

:       0       0

චමින්ද Tuesday, 12 June 2012 01:34 PM

නදීකා ඇදගෙන නානවා වගේ.

:       0       0

නාමල් Thursday, 14 June 2012 07:36 AM

දෙයියෝ කියයි මට ලියුම හම්බුවුණේ නෑනේ කියලා

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 07:42 AM

කතරගම දෙවියන්ටත් මොකක්ද පොඩි ගෑණු ප්‍රහ්නයක් තිබුණෘ නේද?

:       0       0

අමිල Tuesday, 12 June 2012 01:38 PM

ඉදල හිටල වෙනසකටත් එක්ක පිටින් කන්න හිතෙන්න ඇති‍‍්‍....

:       0       0

කින් බානට් Thursday, 14 June 2012 06:31 PM

කුකුලගේ හුටපටේ කෙටියෙන් කියුවොත් කතරගම දෙවියෝ පිට කඩෙන් කන්න යද්දී වටේ ඉන්න සත්තු ඔක්කොටම කියුවලු මම ඇතිවෙන්න කාල ඉවරවෙලා යනකම් කවුරුවත් සද්ද කරන්න එපා මොකද කවුරු හරි සද්ද කලොත් නිදාගෙන ඉන්න වල්ලි අම්ම ඇහැරෙයි කියල ... මේක ගණන් ගත්තේ නැති කුකුළා කතරගම දෙවියෝ කන්න පටන් ගත්ත ගමන් අඬලන්න පටන් ගත්තලු ... ඕකට කතරගම දෙවියන්ට හොඳටම තරහ ගිහින් කුකුලට කියුවලු උඹ මට හිතේ හැටියට කන්න දුන්නේ නැති හින්ද අද ඉඳල උඹටත් පොඩි වෙලාවක් තමයි කන්න වෙන්නේ කියල ... එදා ඉඳල තමයිලු ඔය කුකුල්ලු ඔක්කොම හදිස්සියට පුටුවට නැගල ඉක්මනට කාල පුටුවෙන් බහිනවා කියන්නේ ...

:       0       0

සෙනෙවිරත්න Friday, 15 June 2012 04:15 PM

දේවාලයට ගෙන්වා විසදන්න තිබුණා

:       0       0

සුනිල් Friday, 15 June 2012 09:46 AM

කතරගම දෙයියොත් ඕකමනේ කෙරුවේ

:       0       0

අරැණ හේරත් Saturday, 16 June 2012 08:13 AM

තසරදාන් කියන දෙවියට බිරිදවරැ 20000 ක්ලු එයා මේ ලියුම දැක්කනම් සතුටු වෙයි..

:       0       0

දිනේෂ්, සෞදි Tuesday, 12 June 2012 02:21 PM

ගෑනු ගෑනු විදියට හිටියනම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ.....................................

:       0       0

ලක්මාල් Tuesday, 12 June 2012 11:47 PM

මාරයිනෙ මේ කතාව...

:       0       0

ලක්මාල් Tuesday, 12 June 2012 11:08 PM

මාරයි නේ ඒ කතාව.

:       0       0

ෂෙරීෆ් Tuesday, 12 June 2012 11:46 PM

කතරගම දේවාලේ පින් පෙට්ටියේ භාරකරු කවුද ? සල්ලි වලට දෙවියන්ගෙම පිහිටයි....

:       0       0

පොඩ්ඩා Tuesday, 12 June 2012 03:18 PM

ඕකනේ කියන්නේ...... "ගෑනු කියන්නේ මල්ලියේ නොගෑවෙනු" කියලා

:       0       0

නීල් Tuesday, 12 June 2012 02:43 PM

ලස්සනට ලියල තියනවා. කථාව දෙයියෝ සාක්කිම තමයි. ලියන්න බලන්න අලිබබාත් ලස්සන කථාවක්. ඒ කියන්නෙ අලි බබා සාක්කිය ලියන්නකෝ.

:       0       0

බිනුරි Wednesday, 13 June 2012 01:16 AM

නදීකා හරි.වැරැද්ද පෙන්නුවම නම් වැරදියි.එතකොට පිරිමි කමට නින්දාවක්නේ.මාත් ඔය වගේ දෙයක් උන කෙනෙක්ව දන්නවා.ඒ ගෑනු කෙනානම් දන්නෙවත් නෑ ඒ පිරිමි කෙනා බැදලා කියල.ඒ පිරිමියා කෙල්ලට පුළුවන් හැම ක්‍රමෙන්ම ඒක හැංගුවා.මේ ගැනු කෙනත් ඒ වගේ ඇති.

:       0       0

නිශාන් Wednesday, 13 June 2012 12:47 PM

ෂෙරීෆ් මේක කතරගම මහ දේවාලේ දෙයක් නෙමෙයි....

:       0       0

හාල්මැස්සා Friday, 15 June 2012 11:51 AM

දෙවියන්ටවත් ඉන්න දෙන්නෑ

:       0       0

හැල්මැස්සා Friday, 15 June 2012 12:31 PM

දෙවියන්ටවත් ඉන්න දෙන්නේ නෑනේ

:       0       0

පෙරේරා Thursday, 14 June 2012 09:43 AM

නදීකට මොකද මේ වෙලා තියෙන්නේ.....

:       0       0

සුදු නංගා Wednesday, 13 June 2012 05:08 AM

අනේ මන්දා.. කිමද මේ පිරිමින් හැමදා ගෑනුන්ගේ.. ඇද කුදම හොයන්නා...

:       0       0

කින් බානට් Thursday, 14 June 2012 10:41 AM

කතරගම දෙයියොත් ගෙදර කෑම තියෙද්දී පිට කඩේකින් කකා හිටිය කියනවා නේද ? එක හින්ද මේ ලියුමට දෙයියන්ගෙන් රිප්ලයි එන එකක් නැ..... හැබැයි සමහර වෙලාවට මෙවලට කරදර කරන්න එපා කියල දෙයියෝ අර කුකුලට දුන්න දඬුවම මේ ලියපු ගැනු මනුස්සයටත් දෙයිද දන්නේ නැ ....

:       0       0

නදුන් Thursday, 14 June 2012 07:56 PM

එකම හෝටලෙන් කනකොට රස අඩු වෙනවනේ .. චීන කෑම ජපන් කෑම කන්න හිතෙන්න ඇති .

:       0       0

නදුන් Thursday, 14 June 2012 08:36 PM

එකම හෝටලෙන් කනකොට රස අඩු වෙනවනේ .. චීන කෑම ජපන් කෑම කන්න හිතෙන්න ඇති .

:       0       0

සමන්ත Tuesday, 12 June 2012 03:22 PM

හොර නම් අඹුව වෙන්නේ කොහොමද?? කපු මහතා ඒ ගෑණුකෙනාටත් අන්තයි.. පව් අර අසරණ අම්මා....

:       0       0

සකලබුජන් Tuesday, 12 June 2012 10:29 AM

නිදහස් වෙළද පොළෙන් බඩු ගන්න අය ඉන්නවා නම් දෙවියෝ වුණත් මක් කරන්නද?

:       0       0

දොන්ත බබක්කා Tuesday, 12 June 2012 11:23 AM

රු.10 ක් මදි දෙවියන්ට ලියුම් යවන්න.

:       0       0

නදීකා Tuesday, 12 June 2012 10:48 AM

පිරිමි ජාතිය කියන්නෙ ඕහොම කට්ටියක් තමා..

:       0       0

විදු Tuesday, 12 June 2012 11:33 AM

පිස්සු නැත්තම් හොඳයි.......

:       0       0

බෙන් ටෙන් Tuesday, 12 June 2012 04:05 PM

මිනිසුන් තමන්ට කරදරයක් වූ විට මුලින්ම අසල සිටිනවුන්ගෙන් සහාය පැතීම සාමාන්ය් සිරිතකි. එම කාන්තාව ද මිනිසුන්ගේ සහාය අපේක්ෂා කරගෙන සිට බලාපොරොත්තු කඩවූ කෙනෙකි. මින් ඉදිරියට මිනිසාට කළ හැක්කක් නොමැති බව එම කාන්තාව වටහාගන්නේ බොහෝ කලකට පසුවය. ඉන් පසුවයි ඇය දෙවියන්ට තමන්ගේ ප්‍රරශ්නය කියන්නේ... තම දරුවන් රැකබලාගත හැක්කේ දෙවියන්ට පමණක් බව සිතා දෙවියන්ට ලියුමක් හරි ලිවීම ගැන එම කාන්තාව ගැන ආඩම්බර විය යුතුය. මන්ද කිසිවෙකුටත් බිය නොවී වැරදි කරනවුන් බොහෝමයක් අප අතර සිටින නිසා. මීට වඩා ඇයට කළ යුත්තක් තිබුණි, මොකක්ද ඇය දෙවියන්ට හොද ගෑහැනියෙකු බව ක්‍රියාවෙන් පෙන්වීමෙන්. ඇය යහපත් ගැහැනියක් වූවානම් දෙවියන්ට ලියුම් ලිවීමට අවශ්‍ය වන්නේ නැත. ඇයගේ අවශ්‍යතාවය දෙවියන්විසින් ‍ඉබේම ඉටුකරන නිසා.. ''ධම්මේ හවේ රක්කති ධම්මචාරි"..... ධර්මයෙ හැසිරෙන්න ධර්මය විසින්ම ආරක්ෂා කරන බැවිනි...

:       0       0

පොතේගුරා Tuesday, 12 June 2012 11:34 AM

ඕක දෙවියන්ට SMS කරන්න තිබුනණේ.

:       0       0

විජේතිළක Wednesday, 13 June 2012 08:45 AM

මේ පුවත ගොඩක් හොඳයි....ඔයාලට ‍ගොඩක් ස්තූතියි.....

:       0       0

තිලක් Wednesday, 13 June 2012 02:52 PM

කතරගම දෙවියන්ටත් ප්‍රශ්න විසඳන්න පුඵවන් එහෙමනම්.....

:       0       0

තමිර80 Tuesday, 12 June 2012 11:09 AM

දෙවියන්ට කියන්ට මිස ලියා දන්වන්නට බැරිය....

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 11:44 PM

අරැණ හේරත් 2012-06-16 08:13:03 "තසරදාන් කියන දෙවියට බිරිදවරැ 20000 ක්ලු එයා මේ ලියුම දැක්කනම් සතුටු වෙයි.." අකේ ඒ අසරණයට දෙවි පිහිටයි..

:       0       0

අන්ජන Tuesday, 12 June 2012 05:28 PM

එකම හෝටලෙන් කනකොට රස අඩු වෙනවනේ .. චීන කෑම ජපන් කෑම කන්න හිතෙන්න ඇති .

:       0       0

සෙමියා Saturday, 16 June 2012 11:08 PM

අරැණ හේරත් 2012-06-16 08:13:03 "තසරදාන් කියන දෙවියට බිරිදවරැ 20000 ක්ලු එයා මේ ලියුම දැක්කනම් සතුටු වෙයි.." අපි මේ ඉන්න එක්කෙනාගෙන් බේරෙන්න බැරිව දගලනවා..‍ මේ යෝදයා ශොපිං යනකොට කොහොම ඇත්ද?

:       0       0

සිසිර Tuesday, 12 June 2012 12:16 PM

දෙවියන්ට දැන් ලියුම් කියවන්න වෙලාවක් නෑ...ඒ නිසා මේල් කරන්න..

:       0       0

ඇටකිච්චා Thursday, 14 June 2012 04:58 PM

මොකද්ද හැබෑටම බානට් අයියා ඔයා කියන කුකුල් හුටපටේ.?

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 10:15 PM

මරු කතාව බෙනට් අයියා

:       0       0

මංඡුල බිරුට් Tuesday, 12 June 2012 11:40 AM

හොර අඹුවගේ කඩේ කැම රස ඇති

:       0       0

සිසිර Tuesday, 12 June 2012 11:45 AM

නදීකා.. ඇයි පිරිමියා එක්ක සම්බන්ධකම් පවත්වන්නේ ගැහැණියෙක් නෙමෙයිද??

:       0       0

නිරෝෂාන් Thursday, 14 June 2012 01:02 AM

කතරගම දෙවියන් දඩුවම් දෙයි......

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site