IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දුව පෝරුවේ නගිද්දී මව හැඩවෙන්න ගිහින්

(වියලුව වාර්තාකරු)
තම දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් හැඩවැඩ වීම සඳහා රූපලාවණ්‍ය ආයතනයකට ගිය මවක එම කටයුතු නිමාවී උත්සවය තිබූ ස්ථානය වෙත පැමිණෙනවිට පෝරුවේ චාරිත්‍ර අවසන්ව තිබූ බව කියැවෙන පුවතක් බිංතැන්නේ නගරබද ප්‍රදේශයකින් වාර්තා විය.


මංගල උත්සවයට සහභාගී වූ පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


එය බින්තැන්න ප්‍රදේශයේ ප්‍රධාන නගරයක හෝටලයක පැවති මංගල උත්සවයකි. මනාලයාගේ මෙන්ම මනාලියගේ පාර්ශ්වයේ ඥ‌ාතීන් සැලකියයුතු පිරිසක් කල්තබාම හෝටලය වෙත පැමිණ සිටියේ විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර ඇතුළු මූලික පිළිවෙත් ඉටුවන අවස්ථාවේ තමුන් එහි සිටීම මංගල යුවළට ශක්තියක් බව සිතු නිසාය.


මනාල පාර්ශ්වයේ මෙන්ම මනාලියගේ පාර්ශ්වයේ පිරිස්ද කල්තබාම එහි පැමිණ උත්සවයේ කටයුතුවලට සිය ද‌ායකත්වය ලබා දුන්නද මනාලියගේ මව ඒ වන විටත් එහි නොපැමිණීම උත්සවයට පැමිණි කාගෙත් කතාබහට ලක් වූ මාතෘකාවක් විය.


පෝරුවේ චාරිත්‍ර කිරීමට මනාලියගේ මව අවශ්‍ය බැවින් පෝරුවේ චාරිත්‍ර ඉටුකරන්නට පැමිණි කපු මහතාද මනාළියගේ මව සොයන්නට වූ අතර ඇය ඉන්නා තැනක් පිළිබඳ හෝඩුවාවක් හෝ සොයා ගන්නට නොලැබිණි.
ඇයගේ දුරකතනයට ඇමතුම් කීපයක්ම ගනු ලැබුවද ඒ වන විටත් එයද අක්‍රියව තිබුණි.


කෙසේ වෙතත් නැකත් වේලාව කල් දැමිය නොහැකි බව පැවැසූ කපු මහතා අවසානයේදී මනාලියගේ පියා ඇතුළු සියලු දෙනා එක්ව විවාහ මංගල්‍යයේ මූලික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ අතර පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට සිදු වූයේද මව නොමැතිවය. 


කෙසේ වෙතත් පෝරුවේ චාරිත්‍රය අවසන් වෙද්දී සුරූපිනියකසේ සැරසුණු මනාලියගේ තරුණ මව කඩිමුඩියේ ත්‍රීවිලරයකින් පැමිණ පෝරුව අසල සිට ගත්තේ සිදු වූ ප්‍රමාදයට අනුකම්පාව ඉල්ලන්නාක් මෙනි.


ඇයගේ ප්‍රමාදයට හේතුව සොයා බැලූ පිරිසට කනින් කොනින් දැන ගන්නට ලැබුණේ හැඩවැඩවීම සඳහා නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක් වෙත ගිය ඇයට එය නියමිත වේලාවට අවසන්කර ගෙන මංගල උත්සවයට පැමිණීමට නොහැකි වීමෙන් මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදු වූ බවකි.



අදහස් (1)

දුව පෝරුවේ නගිද්දී මව හැඩවෙන්න ගිහින්

thashi Friday, 17 July 2020 03:49 AM

ඉතින් අපිට මොකද?

:       0       377

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site