IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නෝනායැයි සිතා වෙන කතකට අසුන දීලා

කොළඹ බලා යන බස් රථය සඳුදාට අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන දිනයකි. එදාට අතරමගින් බසයට නගින හැමෝම කරන්නේ බස් රථය ගමන් ආරම්භ වන දෙසට පැමිණ වේලාසන ආසන අල්ලා ගැනීමයි.

සිකුරාදායින් පසුව සෙනසුරාදා ඉරිදාත් ගෙවුණේය. උදාවූ සඳුදා පෙරදා මෙන් උදේ බසය සෙනඟ පිරෙන බව දැනගත් ඇය වහා සිය සැමියා ඇහැරවා බස් රථය ගමන් ආරම්භ වන දෙසට යද්දී එයට ගොඩ කරවා ආසනයක් අල්ලා ගත යුතු යැයි තීරණය කොට ඒ සඳහා සැමියා යෙදවූයේය.
ඒ අනුව නිදිමතින් ඇස් පිස දමමින් ඔහුද බසය හැරවුම් ස්ථානයට යද්දි එයට ගොඩවිය.

විනාඩි පහළොවක් පමණ ගතවිය. බස් රථය වේගයෙන් ඉදිරියට ආවේය. ඉදිරි නැවතුම්පොළක බස් රථය නැවැත්වීය.

ඊට කාන්තාවක් ගොඩවූවාය. ඒ වනතෙක් ආසනය අල්ලාගෙන සිටි ඔහු ඇයට අසුන දී බසයෙන් බැස්සේය. බසය පිටත්වූයේය.

ඊළඟ නැවතුමේදීද බසය නැවැත්වීය. තවත් කාන්තාවක් බසයට නැංගේය.

කෝ අපේ හස්බන්ඞ්, කොන්දොස්තරගෙන් ඇය ඇසුවාය.

ආ....අහවලාද එයා අන්න අර නෝනට සීට් එක දීලා කලින් හෝල්ට් එකෙන් බැස්සනේ.

මදැයි මේ මිනිහා සීට් එකක් අල්ලන්න එව්වා. ඉඳිංකෝ ගෙදර මම එනකං. ඇය දත්කූරු කමින් එසේ සිතද්දී නිදිමතේ තම බිරිඳ යැයි ආසනය දී වැරැදි තැනක බැසගත් සැමියා හෙමින් හෙමින් නිවසට පැමිණෙමින් සිටියේය.



අදහස් (0)

නෝනායැයි සිතා වෙන කතකට අසුන දීලා

හේරත් Wednesday, 17 July 2013 02:40 AM

අනේ නෝනට සීට් එක විතර නෙව දීලා තියෙන්නේ? වෙන මොනවත් සල්ලි, මුදු, අරවා මේවා දීල නැහැනේ. එහෙම නම් මොකටද නගේ බොරු ජල්බර.(නදී)

:       0       0

හේරත් Wednesday, 17 July 2013 07:47 PM

අනේ පැටියෝ, මම සිට් එක දීලා ආවානේ ගෙදර. (නි)

:       0       0

නිමල් පෙරේරා Thursday, 18 July 2013 08:49 AM

මම හිතන්නේ මෙයා හීනෙන් ඇවිදගෙන ගිහින් බසයේ වාඩිවෙලාම ඉන්න ඇති. ඒ වෙලාවේ අර නෝනා ආපුනිසා දෙන්න ඇති. පසුගිය දවස්වල හීනෙන් ඇවිදගෙන ගිහින් මොන මොන දේවල් ඒරෝප්පේ සිද්ධ වුනාද. ගණන් ගන්න එපා හොඳේ. (නි)

:       0       0

සංජීව Wednesday, 17 July 2013 05:55 AM

මේකේ වැරැද්ද කරලා තියෙන්නේ කොන්දොස්තර. මුන්ව ගස් බඳින්න ඕනා. විපුල ඔය අදහස මරු.(නදී)

:       0       0

අචිනි Tuesday, 16 July 2013 04:19 PM

වරුණ ඉතින් චුට්ටක් බොරු පණ්ඩිත ගොයියා හින්ද මේවා කොහොමත් වෙනවා! (දී)

:       0       0

ඉරාජ් Tuesday, 16 July 2013 04:27 PM

නිදිමතේ කව්රු උනත් ඔහොම තමයි (දී)

:       0       0

රේකා Tuesday, 16 July 2013 10:08 PM

උදේ පාන්දරම අවදි වෙන කෙනෙක්ගෙන් අහන්න ඒකෙ තියෙන අමාරුව (දී)

:       0       0

සහන Tuesday, 16 July 2013 04:53 PM

මේ වගේ දෙඅවල් කාට උනත් වෙන්න පුළුවන් (දී)

:       0       0

චන්දි Wednesday, 17 July 2013 10:24 PM

හායි,හේරත් පැටියෝ, ඔයා සීට් එක දුන්නේ කෙනා මතක නැද්ද පැටියෝ? (නි)

:       0       0

කමල් Tuesday, 16 July 2013 02:29 PM

මේක මොකක්ද? තව නෝනා කෙනෙකුට ලිංගික කටයුත්තකදී මහත්තයා වැරදිලා තියෙන්නේ. ඒ කථාව මෙන්න මෙතනින් බලන්න http://www.dailylife.com.au/act-news/woman-thought-sex-was-with-husband-20130701-2p70v.html (දී)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 10:55 AM

ඕවගේ දේවල් ඉදල හිටලා වෙනවා. ගණන් ගන්න එපා (දී)

:       0       0

ආනන්ද Tuesday, 16 July 2013 02:42 PM

ඊට පස්සේ මොකද වුනේ. නෝනා මහත්තයව දනගස්සවන්න ඇති නේද? (දී)

:       0       0

ගුනවර්දන Tuesday, 16 July 2013 06:17 PM

නිදි මත උනාම් ඔහොම තමයි (දී)

:       0       0

මදු Tuesday, 16 July 2013 11:39 AM

පව් එයා නෝනට උදව්වක් කරන්නනේ ගියේ. දැන් ඉතින් උදව් කරන්න යන අයටත් ගුටිකන්න වෙන කාලයක් තමා. (දී)

:       0       0

ෆෛළෙර් Wednesday, 17 July 2013 05:43 PM

හොද පරිප්පුවක් දෙන්න ඇති නෝනා.පව් අහිංසක මනුස්සයා. එහෙම කලොත් පිරිමින්ගේ ශාපය වරදින්නෙ නැහැ (නි)

:       0       0

විපුල Tuesday, 16 July 2013 03:00 PM

හවස මහත්තය කිව්වලු , මම නිදිමතෙන් ඇවිද්දේ, බස් එකට නගිනවත් මතකයි, සීට් එක දෙනවත් මතකයි, කාටද දුන්නේ කියල මතක නැහැ කියලා (දී)

:       0       0

සරෝජ් Wednesday, 17 July 2013 12:57 AM

මේවට නම් හතර හිනා. අහිංසක මිනිහා නිකන් බැනුම් අහනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 546 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1021 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 978 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 866 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 982 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site